Breaking News
Home / ප්‍රධාන පුවත් / සමාජ මාධ්‍ය ශ්‍රීලංකාව තුල වාරණයට! Social media is blocking Sri Lanka

සමාජ මාධ්‍ය ශ්‍රීලංකාව තුල වාරණයට! Social media is blocking Sri Lanka

   Untitled-2

මහනුවර දිස්ත්‍රික්කය තුළ හටගෙන ඇති නොසන්සුන් තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත ආණ්ඩුව සමාජ මාධ්‍ය විකාශණය තවකාලිකව තහනමට ලක් කොට තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍යංශය කියා සිටියේ  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම “අතිවිශේෂ එහෙත් තාවකාලික” පියවර ගෙන ඇති බවය.

සමාජ මධ්‍ය ශ්‍රී ලංකාව තුල භාවිතාවීම ඉතා ඉහල මට්ටමකට පැමිණ ඇති අතර වර්ථමානය වන විට ඊට අනුගතු වු ජනතාව එහිලා දක්වන කැමැත්ත නිසා සමාජ මතවාද,දේශපාලන  මතවාද ,මෙන්ම අධ්‍යපනික කරුණුද ඒ හරහා සංසරණය වෙයි

මෙමගින් සමාජය තුල පවතින ගතානුගතික තත්වයන් වෙනස් වෙමින් පවතින අතර සමාජ මාධ්‍ය වෙත ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ තවමත් නීතී රෙගොලාසි පැනවි නැති හෙයින් වරෙක මෙම මාධ්‍ය සමජයේ පැවැත්මට තර්ජනයක් වන අවස්ථාද වර්ධනය වෙමින් පවතින බව දක්නට ලැබෙයි.

වර්ථමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේද මෙවැනි තත්වයකට වන අතර සමාජ මධ්‍යජාල ජනතාවට ඉටු කරණ වැඩි ප්‍රමාණයක් වු ප්‍රගතිය ඉදිරියට ගනිමින් රජය මෙහි විකාශණ අයිතිය තහනමට ලක් කරණවාට වඩා කඩිනමින් සමාජ මධ්‍ය භාවිතාකිරිමේ නීතිමාලවක් රටට හදුන්වාදිමට ක්‍රියාත්මක විය යුතු බව විද්වතුන් පෙන්වා දෙයි.

සමාජ මාධ්‍ය තාක්ෂණයේ චන්ද්‍රිකා තරංග හරහා දුරකථන පහසුකම් නොමිලේ සහ ඉක්මනින් ලබාගත හෑකි වෙබ් තාක්ෂණ ක්‍රමෝපයන් පවතින හෙයින් මෙම තහනම හරහා විශේෂයෙන් විදේශගත ජනතාවට දැඩි බලපැමක් එල්ලවී ඇති බව පවසන  ශ්‍රී ලංකා සංනිවේදන තාක්ෂණයේ පෞද්ගලික සමාගම් රජය මේ හා සම්බන්ධව ඉක්මන් පියවරක් ගණු ඇතැයි බලාපොරොත්තුවන බව මාධ්‍ය වෙත පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සන්නිවේදන සේවා සපයන ආයතනයක් වන ඩයලොග් ආසිආටා සමාගම නිවේදනය කළේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝගය අනුව සමාජ ජාල වෙබ් අඩවි හා ක්ෂණික පණිවිඩ සේවා නැවත දැනුම් දෙන තුරු සීමා කර ඇති බවය.

ජාතීන් අතර අනොන්‍ය සහජීවනයට අහිතකර බලපැම් එල්ල කරන අසත්‍ය සහ ජාතිවාදී ලිපි දැන්වීම් පල නොකිරීම යහපත් මිනිසුන්ගේ ක්‍රියා බවට පත්විය යුතු අතර තාක්ෂණය අතින් මෙවන් දියුණු ලෝකයක ජිවත්වන බුද්ධිමත් මිනිසුන් ජාතිවාදය වැනි නොදියුණු ක්‍රියාවල යෙදිම විශ්වාස කල නොහැකි තත්වයක් බවද සමාජ මධ්‍ය විශ්ලේශකයින් සිය අදහස් දක්වමින් පවසයි.

About SirilakaNews

Check Also

Untitled-2

රට අසීරු ආර්ථික අර්බුදයක! The country is in a difficult economic crisis

ඉදිරී වර්ෂයේදී අත්‍ය අවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් රටතුල ඇති වෙමින් පවතින බවට ආර්ථික ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *