Breaking News
Home / ප්‍රධාන පුවත් / සක්‍රීය බැරකම් කළමණාකරන පනත තවත් මුල්‍ය වංචාවක පෙර නිමිත්තක්ද? The active custody Liabilities Act is a pretext of another financial fraud

සක්‍රීය බැරකම් කළමණාකරන පනත තවත් මුල්‍ය වංචාවක පෙර නිමිත්තක්ද? The active custody Liabilities Act is a pretext of another financial fraud

brawl-erupts-in-sri-lankan-parliament-during-corruption-claims-debate-136424234710503901-180110095010

රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා යොමුකිරිමට යෝජිත නව මුදල් කෙටුම්පත (සක්‍රීය බැරකම් කළමණාකරන පනත)  පිළිබද දේශීය ආර්ථික විද්වතුන්ගේ සැක පලවී තිබේ.

උක්ත පනත හරහා රාජ්‍ය ණය කළමණාකරණය තුල සිදුව ඇති මහා බැංකු බැදුම්කර වංචාව ඉක්මවා ගිය වංචාවන් අනාගතය තුල මෙරටේ ඇතිවිමට පවතින ඉඩ පුළුල්වී ඇති බව පෙන්වා දෙන විද්වතුන් එහිලා අඩංගු සමහර වගන්ති ඊට හොදින් සාක්ෂි සපයා දෙන බවත් අවධාරනය කරයි.

ඒ අනුව ආර්ථික සංවර්ධ අමාත්‍යවරයා රජය වෙනුවෙන් යම් ණය මුදලක් ලබා ගැනීමේදි  ඉන් 10% මුදලක් පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව ලබා ගැනිමට අවසරය හිමිවන අතර එය අනාගතයේ කිසියම්ම අවස්ථාවක අධිකරණයේදී ප්‍රශ්න කිරිමකට ලක්නොකල යුතු වගන්තියකින්ද අණුන කොට තිබෙයි.

ඒ අනුව අධිකරණයේදි හෝ ව්‍යවස්ථාදායකයේදි ඊට අදාල වු මුදල කොතරම්ද එකී මුදල කිනම් කටයුත්තක් සදහා යෙදවුයේද යන්න ප්‍රශ්නකිරිමකට ලක් කල නොහැකි අතර අමාත්‍ය වරයා හෝ නිළධාරියෙකුට ඊට අදාලව සිවිල් හෝ අපරාධ නඩුවක් පැවරිය නොහැකි වෙයි.

උදාහරණයක් ලෙස ඉකුත් 2017 වසර සදාහා වු සමස්ථ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 10.4 (රුපියල් මිලියන දස දහස් හාරසියයක්) වු මුදලින් රුපියල් ට්‍රිලියනයක පමණ මුදලක් (රුපියල් මිලියන 1000 ක්) මුල්‍ය කටයුතු භාර අමාත්‍යවරයාට තම සිතගි පරිදි යොදාගත හැති වන අතර

යම් හෙයකින් මේය අතිතයටත් බලපාන ලෙස උක්ත කෙටුම්පතට වගන්තියක් ඇතුල් කොට තිබුණහොත් මහ බැංකුවේ සිදුවු අති විශාල මුල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරුවු හිටපු මහ බැංකු අධිපතිවරයාට ඇති සියළු චෝදනා වලින් ඔහුත් නිදහස්වන බව මේ හා සම්බන්ධ අදහස්  දක්වන නීති විද්වතුන්ගේ මතය වී තිබෙයි.

පසුගිය කාලය පුරා රජය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කල සමහර කෙටුම්පත් ප්‍රකාශ කෙරෙනවාට වඩා ආණ්ඩුවේ දේශපාලන ක්‍රමෝපායට අනුගතව විවිධ වගන්ති අප්‍රසිද්ධව ඇතුල් කොට අනුමතිය ලබාගත් නිසා ඉදිරි රජයක් යටතේ ආණ්ඩුවේ වර්ථමාන පිරිසක්ම මහ බැංකු මුල්‍ය වංචාට අත් අඩංගුවට ගැනීම වලක්වා ගැනිමට මෙහි යටි අරමුණක් නොතිබේ යැයි නිගමනය නොවන බව පවතින මුල්‍ය ගැටළු සහ වංචා විසදිමකින් තොරව මෙවන් පනතක් ගෙන ඒමට ක්‍රියා කිරිමෙන් සනාථවන බව මුල්‍ය විමර්ශන දේශපාලන සහ විද්වත් මතය ලෙස ප්‍රකාශ වෙයි.

සක්‍රිය බරකම් කළමණාකරන පනත රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් මුල්‍ය කෙටුම්පත් පනතක් ලෙස 2018 ජනවාරි 18 වෙනි දාතමින් රජයේ ගැසට් පත්‍රයෙන් ප්‍රසිද්ධකර ඇති අතර එකි පනත අදාල  අමාත්‍යවරයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය වරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

 

About SirilakaNews

Check Also

Untitled-2

රට අසීරු ආර්ථික අර්බුදයක! The country is in a difficult economic crisis

ඉදිරී වර්ෂයේදී අත්‍ය අවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් රටතුල ඇති වෙමින් පවතින බවට ආර්ථික ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *