Breaking News
Home / නිදහස් පන්හිද / ශ්‍රීලංකාවෙන් වතිකානුවට අතීතයේ ආ අලි පැටවා! A baby elephant to Vatican from Sri Lanka History

ශ්‍රීලංකාවෙන් වතිකානුවට අතීතයේ ආ අලි පැටවා! A baby elephant to Vatican from Sri Lanka History

       64112dd6ba

ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකයට වාර්තා කළ දේශාටකයන් අතර ලුඩොවික් වර්තිමා සැලකෙන්නේ අබිරහස් පුද්ගලයකු වශයෙනි.

වර්තිමා ඉතාලියේ බොලෝග්නා නගර වැසියෙකි. හෙතෙම ත්‍රාසයට කැමැති විනෝදයට සංචාරයේ යෙදුණු තැනැත්තෙකි. ඔහු කෙටි කාලයක් ලංකාවේ වාසය කර ඇත. එම කාලය ක්‍රි.ව. 1505 හෝ ඊට කෙටි කලකට පෙර විය යුතුය.

වර්තිමා වෙළෙඳ නැව්වල නැඟී ලෝකයේ සංචාරය කර ඇති අතර එසේ ගමන් කිරීමේ හැකියාව ලබා ගැනීම පිණිස ඔහු වරෙක යෝනකයකු, සිරියානුවකු හෝ ඕලන්ද ජාතිකයකු ආදී වශයෙන් වෙස් වළාගෙන ඇත.

පර්සියාවේ සිට බටහිර ඉන්දියා වෙරළට පැමිණි ඔහු අනතුරුව ලංකාවට පැමිණ ඇත. සැමොරින් හිදී මුස්ලිම් ආගමිකයකු වූ ඔහු යුරෝපයේදී ක්‍රිස්තියානුවකු ලෙස පෙනී සිට ඇත.

පෘතුගීසීන්ගේ ලංකා ගමන සිදු වූයේ 1505 නොවැම්බර් 15 දා යැයි සැලකේ. පෘතුගීසින්ගේ ආගමනය අහම්බයෙන් සිදුවූවක් වන අතර ඔවුන් පැමිණෙන විට කොළඹ නගරයේ මුස්ලිම් වෙළෙන්දන් පදිංචිව සිටි ප්‍රදේශයෙන් පිටත ලොරෙන්සෝ ද අල්මේදාගේ නැව් නැංගුරම් ලනු ලැබූ අතර එම නෞකා දැකීමෙන් ස්වදේශික ජනයා විමතියට පත් විය.

මුස්ලිම් ජාතිකයන් ඉන් ශෝකයට පත්වූ බව වර්තිමා ලියා ඇත. ඊට හේතුව මෙතෙක් ආරාබීන් විසින් අල්ලාගෙන සිටි කුළු බඩු වෙළදාමට ඉදිරියේදී එල්ල විය හැකි තර්ජනය විය.

එවකට ඉන්දියා ගෝවේ පෘතුගීසී ප්‍රතිරාජයා වශයෙන් සිටි ප්‍රැන්සිස් කෝ ද අල්මේදා ගේ පුත්‍රයා වූ ලොරැන්සෝ ද අල්මේදා අලුත් දිවයිනක් සොයාගත් බව යුරෝපයට දැනුම් දුන් තැනැත්තකු වශයෙන්ද වර්තිමාගේ නම සඳහන් වේ.

ලංකාවේ සිට කොචින් බලා ගිය වර්තිමා 1506දී කාන්නෝර් හි සිට පෘතුගාලය බලා යන නැවක පෘතුගාලය බලා පිටත්ව ඇත.

ලොරැන්සෝ ද අල්මේදා සෙරන්ඩිබ් දිවයින සොයාගත් ප්‍රවෘත්තිය සඳහන් ලිපිය පෘතුගාලයේ මැනුවෙල් රජතුමාට යවනු ලැබුවේද එම නෞකාවෙනි.

නෞකාව ලිස්බන් නගරයට ළඟා වී තිබෙන්නේ 1507 අගභාගයේදීය. නෞකාවේ නව දේශයක් සොයාගත් පුවත පමණක් නොව ලංකාවේ රජු විසින් පරිත්‍යාග කළ අලි පැටවකුද ගෙන ගොස් ඇත.

ලංකාව සොයාගත් බව සැලවීමෙන් මහත් උද්දාමයට පත් මැනුවෙල් රජු 1507 දෙසැම්බර් 12දා ශාන්න තෝමස්ගේ දිනයේ මහා පෙරහරක්ද සංවිධානය කර තිබේ. ඔගස්තිස් නිකායේ ප්‍රධානියා වූ ඉසිජියෝද විටර්බෝ නම් බිෂොප්තුමා ලංකාව සොයා ගැනීම පාප්තුමාගේ බල මහිමයෙන් සිදුවූවක් බවට දේශනයක්ද පවත්වා ඇත.

ත්‍යාගයක් ලෙස ලැබුණු අලි පැටවා රජු විසින් පාප්තුමාට ත්‍යාගයක් වශයෙන් පූජා කර ඇත. ‘කාලෝ’, ‘බෙලෝ’, ‘සිම්පැටිකෝ’ ආදී නම්වලින් හැඳුන්වුණු අලිපැටවා 10 වැනි ලියෝ පාප්තුමාගේ කාලයේ රෝමයේ වතිකානුවේ මහත් ආකර්ෂණයක් දිනා ගනිමින් වාසය කර ඇත.

යුරෝපයට පැමිණි ප්‍රථම අලියා වූ මේ සතා නැරැඹීමට බොහෝ පිරිස් පැමිණි බවද වාර්තා වේ.

අලියාගේ දර්ශනයෙන් ප්‍රමෝදයට පත්වූවන් අතර පාප්තුමාගේ ඥාති සොහොයුරකු වූ ගුලියානන් මෙඩිසි නම් කාදිනල්වරයාද සිට ඇත. රෝමයේ වසර 7ක් ජීවත් වූ අලි පැටියා 1513දී මරණයට පත්ව තිබෙන්නේ උෟ බලන්නට පැමිණි බොහෝ මිනිසුන් දෙන ආහාර අනුභව කිරීම නිසා ඇති වූ උදරාබාධයක් හේතුවෙනි.

වතිකානුවිලා උද්‍යානයේ පිත්තල ‍ෙදාරටුව අසල මහ කුලුන යට අලි පැටවා මිහිදන් කෙරිණි. අලි පැටවකු හොඬවැලෙන් ජලය ගෙන අෑතට පිඹින අයුරු දැක්වෙන අනුරුවක් ඉතාලි අගමැති නිල නිවාසය ඉදිරිපිට උද්‍යානයේ තනවන ලද්දේ උඩනේහි ජිවෝ නම් මූර්ති ශිල්පියා විසිනි.

රෝමය බිදවැටුණු කාලයේ එම මූර්තිය විනාශ වුවද අලියාගේ හිස සහ වක්වූ හොඬවැල තවමත් ආරක්ෂිතව ඇති බව පවසති. අලියා වතිකානුවේ ඔබ මොබ ඇවිද ගිය ආකාරයද වතිකානු මාලිගයේ සිතුවම් කර තිබේ. වතිකානු කලාගාරයේද අලියා සිතුවමට නඟා තිබේ.

අන්තර්ජාලය ඇසුරෙනි.

About SirilakaNews

Check Also

502944-iStock-492597439

මනෝවිද්‍යාත්මක ප්‍රේහෙළිකා සහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ දේව ආත්මය Psychological puzzles and the spirit of the President Premadasa

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ප්‍රබල දේවාත්මයකට පත්ව ඇති බව   මනාව තහවුරු කරගැනීමට තමන්ට අවකාශ ලැබී ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *