Breaking News
Home / නිදහස් පන්හිද / ලෝක ඉතිහාසය නව මගකට! A new way for world history.

ලෝක ඉතිහාසය නව මගකට! A new way for world history.

images

ජෙරුසලමෙන් හමුවී තිබෙන මැටි පුවරු කැබැල්ල අවුරුදු 2,700ක් පරණ බවත් එහි සඳහන්ව තිබෙන සටහන, බයිබලයේ සඳහන් ඉසයියා නමැති අනාගත වක්තෘවරයාගේ අස්සන විය හැකි බවත් පර්යේෂකයෝ විශ්වාස කරති. හීබෘෘ අක්‍ෂරයෙන් තබන ලදුව වරක් කියවන ලද එම සටහන පිළිබඳව පර්යේෂකයන් පළකරන විශ්වාසය තහවුරු වුවහොත් බයිබලයෙන් බැහැර තැනක ඉසයියාගේ නම සඳහන්ව ඇති බවට ලැබෙන පළමු වැනි සාක්ෂියද එය වනු ඇත.

නැඟෙනහිර ජෙරුසලමේ ඩේවිඩ් නගරය හා ටෙම්පල් ටවුන් අතර පුරාවිද්‍යාත්මක කලාපයෙහි කරන ලද කැණීම්වලදී මෙම මැටි පුවරු කැබැල්ල සොයා ගැනිණි. හීබෘෘ බයිබලයෙහි දැක්වෙන පරිදි ඉසයියා විසින් “ටෝරා” යනුවෙන් ප්‍රකාශ කරන ලද අනාවැකිය, ඇසිරියන් අධිරාජ්‍යය බටහිරට ව්‍යාප්ත වීමේ ක්‍රියාවලිය හා දළ වශයෙන් සමගාමී වෙයි. ඉසයියා, හෙසෙකියා නම් යුදෙවු රජුගේ උපදේශක වශයෙන් සේවය කළ අතර ක්‍රි.පූ. 701දී ජෙරුසලමට පැමිණි ඇසිරියානු හමුදාවට එරෙහිව සටන් වදින ලෙස රජු දිරිගැන්වූයේද ඉසයියා විසිනි.

ඉසයියාගේ අස්සන සහිත මැටි පුවරුව තිබුණු තැන සිට අඩි දහයක් ඔබ්බෙහි තිබී හෙසෙකියා රජුගේ අස්සන සහිත මැටි පුවරුවක් පුරාවිද්‍යාඥයනට හමුවිය.

මෙම මුද්‍රාව සහිත මැටි පුවරුවට හානි සිදුවී ඇතත් එහි හීබෘෘ භාෂාවෙන් “යේෂායාහු” යනුවෙන් සඳහන්ව තිබෙන ඉසයියාගේ නම පැහැදිලිව දැක ගැනීමට පුරාවිද්‍යාඥයනට හැකිවී තිබේ. එහෙත් ඒ නම බයිබලයේ සඳහන් ඉසයියාගේමද නැතහොත් ඒ නම ඇති වෙනත් කෙනකුගේද යන්න ගැන පුරාවිද්‍යාඥයන් නිශ්චිත නිගමනයකට පැමිණ නැත. “විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක කැණීමකදී අනාගත වක්තෘ ඉසයියාගේ යැයි සැලැකෙන අස්සන සහිත මැටි පුවරු කැබැල්ල සොයා ගත්තවුන් වශයෙන් අපි පෙනී සිටිමු” යැයි ජෙරුසලම්හි හිබෘෘ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය එයිලට් මාසර් “බිබ්ලිකල් ආර්කියොලොජි රිවීව්” සඟරාවට ප්‍රකාශ කෙළේය. මෙම ගවේෂණය පිළිබඳ විස්තරද මෙම සඟරාවෙහි ඇතුළත් විය.

මෙම මැටි පුවරුවෙහි දැක්වෙන සලකුණ. අනාගත වක්තෘ ඉසයියාගේම යැයි තහවුරු කිරීමට පර්යේෂකයනට හැකි වුවහොත්, එය බයිබලයෙන් බැහැරව ඉසයියාගේ නම අනාවරණය වන ප්‍රථම අවස්ථාව වනු ඇතැයි ලෝවා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය හා ආගමික අධ්‍යයන අංශයේ මහාචාර්ය රොබර්ට් කාර්ගිල් “ලයිව් සයන්ස්” සඟරාවට පැවැසීය.
අනාගත වක්තෘ ඉසයියා කවරෙක්ද?

“තේරා” හෙවත් හීබෘෘ බයිබලයෙහි දැක්වෙන පරිදි අනාගත වක්තෘ ඉසයියා, ක්‍රිස්තුස් වහන්සේට අවුරුදු 700කට කලින් ජීවත් වූ කෙනෙකි. “ඉසයියාගේ බයිබලය” නමැති ග්‍රන්ථය එසේ නම් කරන ලද්දේ ඔහුගේ නාමය අනුවය. ඔහු යුදෙව් හා ක්‍රිස්තියානි සම්ප්‍රදාය වෙනුවෙන් දායකත්වය දැක්වූවෙකි. ඇසිරියානු අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය නොතබන්නන්ට උන්වහන්සේ කළ අනතුරු ඇඟවීමක් යැයිද ඉසයියා ප්‍රකාශ කෙළේය. ඔහුගේ ජීවිතයේ වාර්තාගත ආදිතම සිද්ධිය ඉසයියාගේ පොතේ හය වැනි පරිච්ඡේදයෙහි සඳහන් අනාවැකියයි. ඉසයියා දෙවියන් වහන්සේ දුටු විට ඒ හමුවේදී ඔහු තුළ දෙවියන් වහන්සේ කෙරෙහි ඇතිවුණු ප්‍රබල අවනතභාවය සම්බන්ධයෙන් ඔහු උත්තම පුරුෂ වාචකයෙන් කරන විස්තරය ඔහු අනාගත වක්තෘවරයකු වීමේ හේතුව වශයෙන් දැක්වෙයි.

ඉසයියාගේ පොතෙහි සඳහන් පරිදි, දෙවියන් වහන්සේට දූතයකු වුවමනා බව ඔහුට අවබෝධ වූ හෙයින් ඊශ්‍රායල් ජනතාව වෙනුවෙන් දෙවියන් වහන්සේගේ දූතයා වශයෙන් ඔහුම ඉදිරිපත් විය. මැටි පුවරුවේ උඩ කොටසෙහි තණ කන මුව දෙනකගේ සිරුරේ පහළ කොටස දැක්වෙන බවත් එයින් අදහස් කෙරෙන්නේ ආශීර්වාදය හා ආරක්ෂාව බවත් මසාර් ලේඛනගත කර ඇත.

ව්ඍක යන වචනයද මැටි පුවරුවෙහි දක්නට ලැබෙන නමුත් එයින් දැක්වෙන්නේ කුමක්ද යන්න පුරාවිද්‍යාඥයනට මෙතෙක් දැනගත හැකිවී නැත. එහෙත් එම පදයෙන් හීබෘෘ භාෂාවේ “ඇලෙෆ්” යන අක්ෂරය දැක්වෙන බවත් “අනාගත වක්තෘ” යන අර්ථය එයින් නිරූපණය වන බවත් මසාර් ලියා ඇත. එසේ වුවද “ඇලෙෆ්” යන හීබෘෘ අක්ෂරය අඟවන කිසිදු සලකුණක් තමන්ට දැක ගන්නට නොලැබිණැයි හානියට පත් පුවරු පරීක්ෂා කළ පුරාවිද්‍යාඥයෝ කීහ. අනාගත වක්තෘ යන අර්ථය දැක්වීම සඳහා ඊශ්‍රායල් බයිබලයෙහි කීප තැනකම “ව්ඍක” යන පදය “ඇලෙෆ්” (ඒතඥනඩ) යන පදය නැතිව යෙදී තිබෙන හෙයින් ව්ඍක යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ අනාගත වක්තෘ යන්නම යැයි මාසර් ප්‍රකාශ කරයි. නිව්යෝර්ක්හි ඩැනියල් මින්ට්ශ් සහ මෙඩිත් බර්ක්මත් යන ආයතන ඕෆල්හි කැණීම් සඳහා අනුග්‍රහය දැක්වීය.

අන්තර්ජාලයේදි හමුවු ලිපියක පරිවර්ථනයකි.

About SirilakaNews

Check Also

cc93b18f3536b6a454330d459f615c68

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහනුවරින් නික්ම ගියේය Sri Vikrama Rajasinghe left Kandy

ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහලේ අවසන් රජුවූ අතර එතුමා පිළිබඳව වූ ඉතිහාස ලකුණ බෙහෙවින් අඳුරු එකකි. ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *