Breaking News
Home / දේශපාලන / මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස භංගවලට අත්සන් නොකරන්නේ ඇයි? Why Mahinda Rajapaksa does not sign a no confidence motion

මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස භංගවලට අත්සන් නොකරන්නේ ඇයි? Why Mahinda Rajapaksa does not sign a no confidence motion

බඉ වඉවඉනබන

මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල කිසිදු විශ්වාස භංගයකට හෝ ආණ්ඩුව ගෙන ආ විපක්ෂය එකග නොවන පනතකට විරුද්ධව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂව ජන්දය නොදිම එතුමාට පක්ෂ විපක්ෂ කාහටත් කුතුහලය දනවන දේශපාලන ප්‍රශ්නයක් වී හමාරය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට විරුද්ධ විපක්ෂය ඉදිරිපත් කිරිමට යොජිතවු විශ්වාස භංගයේදිත් අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව වු විශ්වාස භංගයේදිත් මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තැබුවේ නැති අතර ඊට සමගාමිව ආණ්ඩුව ගෙනා පනත් සියල්ලේදිම හිටපු ජනධිපතිවරයා ජන්දය දීමෙන් වැළකී සිටියේය.

නැතහොත් පාර්ලිමේන්තුවට පැමිණිමෙන් වැලකී සිටියේය.

මේ පිළිබද පක්ෂ විපක්ෂ දේශපාලඥයන් විසින් විවිධ මත පලකරන අතර සමහරෙකුගේ මතය වනුයේ මහින්ද රාජපක්ෂ මහතා රට පවතින තත්වයට සමගාමිව ආණ්ඩුව ගෙදර යවා රට බාරගැනිමට නොහැකි දේශපාලන අර්බුදයකින් පසුවන බවය.

තවත් පිරිසක් පවසන්නේ ජාත්‍යන්තරය හරහා රටට එල්ලවෙමින් පවතින විවිධ තර්ජන හමුවේ ඔහු ඊට අනුගත වු දේශපාලන නිහඩතාවයක් අනුගමනය කරන බවය.

ඉකුත් දා පැවැති පලාත් පාළන මැතිවරණයේ ප්‍රතිපලත් සමග හිටපු ජනාධිපතිවරයාගේ මේ ලිහිල් ප්‍රතිපත්තිය කුමක්ද යන්න රටේ ජනතාවගේද වඩා සැළකිල්ලට ලක්වි ඇති ආකාරයක් මේ දිනවල සමාජයේ කතාබහට ලක්වී තිබේ.

මේ පිළිබද ඉකුත්දා ජාත්‍යන්තර මාධ්‍ය ජාලයක  මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට හිටපු ජනාධිපතිවරයා සෘජුවම පවසා ඇත්තේ තමන් මේ අණුගමනය කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ප්‍රථම වතාවට ජානාධිපතිවරයෙකු මංත්‍රිවරයෙකු ලෙස පත්වී ඇති අවස්ථාවක් හෙයින් 

එවැනි අත්දැකිමක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල අත්විදිමින්  මංත්‍රී ධුරයේ වගකීම අභිබවා ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිරූපය ආරක්ෂා කිරිමේ පිළිවෙතකදී දේශපාලන උපාය මාර්ගයක් ලෙස එවැනි ක්‍රියාමාර්ගයක නියැළිමට සිදුව ඇති බවයි.

About SirilakaNews

Check Also

RRRRR

අගමැතිවරයාගේ විශ්වාසය. The Prime Minister’s belief.

  අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ළංවෙත්ම එහි උණුසුමද ඉහළ නගිමින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *