Breaking News
Home / ප්‍රධාන පුවත් / මහාසෝන් බළකායට සම්බන්ධ දේශපාළකයා කවුද? Who is the connected politician of the Mahasoon Brigade?

මහාසෝන් බළකායට සම්බන්ධ දේශපාළකයා කවුද? Who is the connected politician of the Mahasoon Brigade?

Untitled-3

ජාතීන් අතර පවතින සමගිය විනාශ කිරිම හරහා ජාතිවාදි ප්‍රශ්න අවුළුවා රට අස්ථාවර කිරිමේ නිරතව සිටි මහාසොන් බළකාය නැමැති නීතී විරෝධී සංවිධානයට මුදල් ලබා දුන්නා යැයි සැළකෙන දේශපාලඥයෙකු පිළිබද ත්‍රස්තවාදී විමර්ශණ අංශයේ අවධානය යොමුවී තිබේ.

මෙම සංවිධානයට අයත් ප්‍රධාන කාර්යාලය ලෙස සැලකෙන මහනුවර  නත්තරම්පොත පිහිටි ස්ථානයක් ත්‍රස්ත්වාදී විමර්ශණ නිළධාරීන්ගේ නිරික්ෂණයට ලක්වීමෙන් අනතුරුව සොයාගත්

ලිපි ලේඛණ ජාතිවාදි පොස්ටර්,අත්පත්‍රිකා,බැනර්, සහ මෙම ආයථනයට මුදල් සැපයු පුද්ගලයන්ගේ නම් ගම් සහිත බැංකු වාර්තා ප්‍රචාරක කටයුතු සදහා යොදා ගන්නා මහජන ඇමතුම් උපකරණ සියල්ල අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය.

මහාසෝන් බළකායට උපදෙස් සහ මුල්‍ය පහසුකම් සැපයු සියළුම පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය මගින් ඔවුන් ප්‍රචාරය කල ජාතී වාදී හැගීම් අවුස්සන ප්‍රචාරවලට සහයෝගය දැක්වු දෙස් විදෙස් පුද්ගලයන්ගේ නම් සහ වගතුග පොලිස් අත් අඩංගුවේ පසුවන මහාසොන් බළකයේ නායකයා ලෙස සැළකෙන අමිත් ජීවන් වීරසිංහ නැමැත්තාගෙන් කල ප්‍රශ්නකිරිම් හමුවේ හෙළිදරව් වී ඇති බව සහ මෙම සංවිධාන ව්‍යුහය පිටුපස  මෙරට ප්‍රසිද්ධ දේශපාලකයෙකුද සිටින බව හෙළිදරව් වී ඇති බවද වාර්තා වෙයි.

About SirilakaNews

Check Also

Untitled-2

රට අසීරු ආර්ථික අර්බුදයක! The country is in a difficult economic crisis

ඉදිරී වර්ෂයේදී අත්‍ය අවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් රටතුල ඇති වෙමින් පවතින බවට ආර්ථික ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *