Breaking News
Home / පුවත් / නීතිය අභිබවා මනුෂ්‍යත්වය ප්‍රමුඛ වු අවස්ථාවක්! Human race prevailed over the rule of law

නීතිය අභිබවා මනුෂ්‍යත්වය ප්‍රමුඛ වු අවස්ථාවක්! Human race prevailed over the rule of law

 b30b7992f6

ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා ගුවන් යානයට රැගෙන යමින් සිටියදී ශ්‍රී ලාංකික දමිළ පවුලකට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ සිහිනය සැබෑ කරදීමට ඕස්ට්‍රේලියානු වැසියන් පිරිසක් ක්‍රියාකර ඇතැයි එස්.බී.එස්. පුවත් අඩවිය වාර්තා කරයි.

නඩේෂලිංගම් සහ ප්‍රියා ඇතුළු ඕස්ට්‍රේලියාවේදී උපත ලද මාස 7ක් වයසැති සහ අවුරුදු දෙකහමාරක් වයසැති ධරුනිකා සහ ගෝපිකා යන දියණියන් දෙදෙනාට ඒ ආකාරයෙන් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවස්ථාව හිමිවී ඇත. නඩේෂලිංගම් පවුල පදිංචිව සිටි ක්වීන්ස්ලන්තයේ බ්ලෝලා නගරයේ ජනයා ඔවුන්ගේ පිටුවහල් කිරීමට එරෙහිව මැදිහත් වීම හේතුවෙන් ඔවුන් හට එම අවස්ථාව ලැබී ඇත.

ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් නඩේෂලිංගම් පවුල සහ ඕස්ට්‍රේලියාවේදී උපත ලද දියණියන් දෙදෙනාව පදිංචිව සිටි නිවෙසින් රැගෙන ගොස් රැඳවුම් භාරයේ තබාගෙන සිට ඇති අතර පසුව පිටුවහල් කිරීමට නියමිතව තිබී ඇත.

එයට එරෙහි වූ නගරවැසියන් අස්සන් හැත්තෑ හය දහසකට වඩා එකතු කර ගනිමින් නඩේෂලිංගම් පවුලට ඕස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමට අවසර දෙන ලෙස ඉල්ලා එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වෙත යොමු කරන ලද පෙත්සම සැලකිල්ලට ගැනීමෙන් පසුව අවසාන මොහොතේ නඩේෂලිංගම් පවුලේ සිහිනය සැබෑවී ඇත.
ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වූ යුද්ධය අවසාන වීමෙන් පසු වර්ෂ 2012 සහ 2013දී නඩේෂලිංගම් සහ ප්‍රියා බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට පලා ගොස් ඇති අතර එහිදී විවාහ දිවියට පිවිස ඇත.

About SirilakaNews

Check Also

ං'ජඩිාඩි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ඉන්දීයන් එක්ස්ප්‍රස් සමග ආන්දෝලනාත්මක සාකච්ජාවක! Former Defense Secretary Gotabhaya Rajapakse is also in a controversial interview with the Indian Express

වත්මන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවත් , මේ හේතුවෙන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *