Breaking News
Home / Hotnews / ත්‍රීකුණාමළයේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවට කියයි! Indian Prime Minister tells Sri Lanka to supply Trincomalee fuel tanks to India

ත්‍රීකුණාමළයේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවට කියයි! Indian Prime Minister tells Sri Lanka to supply Trincomalee fuel tanks to India

Untitled-1

ත්‍රිකුණාමලයේ ස්ථාපිත කර තිබෙන තෙල් ටැංකි අංගනය බදු පදනම යටතේ ඉන්දියාවට ලබා දෙන්නැයි  ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉකුත්දා ලෝක බළශක්ති සමුළුව සදහා ඉන්දියාවට පැමිණි අවස්ථාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉල්ලා ඇතැයි   ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කරයි.

එසේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සහ ජපාන ඒකාබද්ධ ආයෝජන ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යාමට පවරා දෙන මෙන්ද විශේෂ ඉල්ලීමක්  කර ඇතැයි රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

දැනට මන්දගාමීව ඉදිරියට ඇදෙන ඉන්දීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්නැයිද එරට නායකයා ශ්‍රී ලංකා ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් කර  ඇතැයි දැනගන්නට ඇත.

එහිදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාල ව්‍යාප්ති සම්බන්ධයෙන් ශ්‍රීලංකාවට පැමිණි වහාම අමාත්‍ය මණ්ඩළය සමග සාකාච්ජා කොට ඊට ප්‍රථිචාර දක්වන බව ඉන්දීය අගමැතිවරයා වෙත ප්‍රකාශකල බව ඉහත ආරංචි මාර්ගවල වැඩිදුරටත් සදහන් විය.

About SirilakaNews

Check Also

sri-lanka-parliament

පාර්ලිමේන්තුව විසුරුවා හරී! Parliament dissolved.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. එම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *