Breaking News
Home / දේශපාලන / ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනිමේ කුමන්ත්‍රණයක්! A conspiracy to arrest Gotabaya rajapaksha

ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනිමේ කුමන්ත්‍රණයක්! A conspiracy to arrest Gotabaya rajapaksha

mvhgvjhhyfjhvjhh

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා කිනම් හෝ චෝදනාවක් යටතේ අත් අඩංගුවට ගෙන සිරගත කරන ලෙස රජයේ ප්‍රබළ ඇමතිවරුන් තිදෙනෙකුගෙන් පොලිසීයට බළපැම් එල්ල වෙමින් පවතින බව මධ්‍ය තොරතුරු ආරංචිමාර්ග පෙන්වාදෙයි.

මෙකී බළපැම් එල්ල කරන ඇමතිවරුන් තිදෙනාම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ තුනක දේශපාලඥයින් තිදෙනෙකි.

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම මිග්යානා ගණුදෙණුව සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මුදලින් හම්බන්තොට ඉදිවුවා යැයි පැවසෙන රාජපක්ෂ අණුස්මරණ කෞතුකාගාරය පිළිබද සිදුවීම හේතු කොට ගෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා අත් අඩංගුවට ගෙන සිරගත කිරිමට අදාල කුමන්ත්‍රණය ක්‍රියාත්මක බව ඉහත කී මධ්‍ය ආරංචි සදහාන් කරයි.

රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස රාජකාරි කල සමයේ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසකගෙන් සමන්විත ඝාතන කල්ලීයක් හමුදාවේ උසස් නිළධාරියෙකු යටතේ ක්‍රියාත්මක වු බවත් අතුරුදහන් කිරිම් පැහැරගෙන යාම් සහ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය අදාල කල්ලිය විසින් සිදුකලා යන කරුණු ගොණු කොට මෙම අත් අඩංගුවට ගැනීම සිදුකිරිමට උසස් පොලිස් නිළධාරීන් පිරිසක් ඉහත කී ඇමතිවරුන්ගේ උවමනාවට සැලසුම හදමින් සිට්න බවද මේ හරහා අවධාරණය වෙයි.

රජයද ඊට සමගාමිව සිට ඇති මුත් ඉකුත් ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු නිහඩතාවයකට පත්විමේ පසුබිම මත උක්ත ඇමතිවරුන් තිදෙනා  ගෝඨාභය රජපක්ෂ මහතාගේ කිර්තිනාමය විනාශ කිරිම සදහා මෙම අසත්‍ය චෝදනා රට හමුවේ හුවා දක්වමින් මාධ්‍ය ප්‍රකාශණවල නිරත බව සහ මීලග ජානාධිපතිවරණයේදි රාජපක්ෂ මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්විම වලක්වාලිමේ නිසරු උත්සහායක මෙම දේශාපාලඥයින් නිරතව සිටින බවත් එකී මධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

About SirilakaNews

Check Also

Untitled-1hvkh.

ගෝඨාභය සහ ඉදිරි ජනාධිපතිවරණය ! Gotabaya and the next presidential

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදි ජයග්‍රාහී අපේක්ෂකයා බව නිරික්ෂණය වන්නේ පක්ෂ පාට බේදයෙන් තොරවය. මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *