Breaking News
Home / ක්‍රීඩා / ක්‍රිකට්වලට ඔලිම්පික් යන්න අයිසීසී ජගත් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවීමට නියමිතයි. The ICC International Board of Games is to meet the International Olympic Committee for cricket at the Olympics.

ක්‍රිකට්වලට ඔලිම්පික් යන්න අයිසීසී ජගත් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවීමට නියමිතයි. The ICC International Board of Games is to meet the International Olympic Committee for cricket at the Olympics.

Untitled-hvxchvcjb

විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඔලිම්පික් ශූරතාවලියට ඇතුලත් කරන මෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් දෙදෙනකු වන සචින් තෙන්ඩුල්කාර් සහ ෂේන් වෝන් ඉල්ලා සිටිති.

ක්‍රිකට් ක්‍රීඩාව 1900 සිට ඔලිම්පික් තරඟාවලියට ඇතුලත් නැති නමුත් ක්‍රිකට් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස අයිසීසී ජගත් පාලක මණ්ඩලය ලබන මාසයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවීමට නියමිතයි.

“ක්‍රිකට් ඔලිම්පික් ක්‍රීඩාවක් වෙනවා දකින්න මම කැමතියි,” ෂේන් වෝන් පැවසීය.

“කවුද දන්නේ ළඟදීම ඒක වෙන්නත් පුළුවන්.”

“මම හිතන්නේ ඒක බොහොම හොඳ අදහසක්,” බීබීසී ලෝක සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සචින් තෙන්ඩුල්කාර් පැවසීය.

“විස්සයි විස්ස ක්‍රිකට් ඒකට හොඳම ෆෝමැට් එක කියල මම හිතනවා.”

ක්‍රිකට් ඔලිම්පික් ශූරතාවලියට එක්කිරීම මගින් ලෝක කුසලාන වැනි ජාත්‍යන්තර ක්‍රිකට් ශූරතාවලට පවතින ඉල්ලුම අඩුවනු ඇතැයි විශ්වාස කරන අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය එයට ප්‍රබල උනන්දුවක් නොදක්වයි.

ෂේන් වෝන් සහ සචින් තෙන්ඩුල්කාර්ගේ සහයෝගය පළවීමත් සමඟ ජගත් පාලක මණ්ඩලයට සිය ස්ථාවරය පිළිබඳව යළි සිතා බැලීමට සිදුවනු ඇති බවයි සැලකෙන්නේ.

කෙසේ නමුත් ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් දෙදෙනකු ලබන මාසයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවන බව මේ මාසය මුලදී පැවැත්වුන විධායක සභා රැස්වීමෙන් අනතුරුව අයිසීසී යැ නිවේදනය කළේය.

About SirilakaNews

Check Also

fd9930e680e7347e810ac7d84229fc5d

ගෝල්ඩ් කෝස්ට්’ නගරයට පැමිණ සිටි ක්‍රීඩකයන් ගණනාවක් අතුරුදහන්! Many players who went to the Gold Coast are missing

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා අප්‍රිකානු රටවල් කීපයකින් ‘ගෝල්ඩ් කෝස්ට්’ නගරයට පැමිණ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *