Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / ඉතාලි මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනවරමක් ලැබී නැත. In the Italian General Election, no party has a mandate to form a single government.

ඉතාලි මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනවරමක් ලැබී නැත. In the Italian General Election, no party has a mandate to form a single government.

Italian-election-2018-Matteo-Salvini-and-Berlusconi-protestors-927039 Untitled-3

දැනට නිකුත් වී තිබෙන ප්‍රතිඵල අනුව ඉතාලි මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනවරමක් ලැබී නැති අතර බොහෝ විට සන්ධාන ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.

සමස්ථ මැතිවරණ ප්‍රතිඵලවලට අනුව  වැඩි වාසි අත්ව තිබුණේ දක්ෂිණාංශික සහ ජනප්‍රියවාදී පක්ෂවලටය.

යුරෝපා සංගමයෙන් ඉතාලිය ඉවත්විය යුතුයැයි දැඩිව පවසන ලුවීජී දි මෝයීගේ පක්ෂය ‘ෆයිව් ස්ටාර් මූව්මන්ට්’ පක්ෂය වැඩි වාසි අත්කරගෙන තිබිණි. අන්ත දක්ෂිණාංශික ලීගයේ ද සහාය ඇතිව තරග වැදුණු හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිගේ දක්ෂිණාංශික සන්ධානය පාර්ලිමේන්තුවේ පහත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි ආසන ප්‍රමාණයක් දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරුණි.

සාකච්ඡා සහ සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය නිසා ආණ්ඩුවක් පිහිටුවීමට සති කිහිපයක් ගත වනු ඇත.

ස්ථීර ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා ඉදිරියේදී නව මැතිවරණයක් පවත්වනු ඇතැයි ද අදහස් පළ වී තිබිණි.

ප්‍රතිඵලවලින් මැටියෝ රෙන්සිගේ පාලක ඩිමොක්‍රටික් පක්ෂයට දිනාගැනීමට හැකියාව ලැබී තිබුණේ සියයට 27 ක ඡන්ද සංඛ්‍යාවකි.

පාලක පක්ෂයට නිකුත් ව තිබූ ප්‍රතිඵලවලින් පහෙන් එකක් දිනාගැනීමට නොහැකි ව තිබූ බවත් එය පක්ෂය ලැබූ දරුණු පසුබැසීමක් බවත් ඉතාලි පුවත්පත් වාර්තා කළේය.

ඉතාලියේ උතුරු කොටසේ වැඩි බලයක් දිනාගැනීමට බෙරලොස්කොනිගේ පොර්සා ඉතාලිය පක්ෂය සමග සන්ධානගතව තරග වැදුණු ලේගා නම් ජාතිවාදී පක්ෂය(විදේශික සංක්‍රමණික තාවයට දැඩි විරෝධයක් දක්වන ) සමත් වනවිට දකුණෙන් විශාල සහයෝගයක් ලබාගැනීමට ෆයිව් ස්ටාර් (විදේශීය සංක්‍රමණිකතාවය ක්‍රමවත් කල යුතු බව පවසන) පක්ෂය සමත්විය.

ඉතාලි පාර්ලිමේන්තුවට නියෝජිතයන් 945 දෙනකු තෝරා පත් කරගැනීම සඳහා මෙම මැතිවරණය පැවැති අතර ඉන් 630 දෙනෙක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත් 315 දෙනෙක් ජනරජයේ සෙනට් සභාවටත් පත්වෙති.

බහුතරය දිනා ගැනීමට සඳහා පක්ෂයක් දිනාගත යුතු ආසන සංඛ්‍යාව 316කි.
කිසිදු පක්ෂයකට බහුතරයක් දිනාගැනීමට හැකි වී නැතැයි නිකුත් ව තිබූ ප්‍රතිඵලවලින් ද පෙනී යන අතර මැතිවරණයට පෙර ඉදිරිපත් වූ සමීක්ෂණ වාර්තාවලට අනුව ද කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි වන්නේ නැතැයි පැවැසිණි.

About SirilakaNews

Check Also

2560

කිම් සහ ට්‍රම්ප් හමුවිමට තීරණය කරයි! Kim and Tamp are determined to meet!

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන හමුව උතුරු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *