Breaking News
Home / නිදහස් පන්හිද / අතුරුදහන්වීම සොයමින් කෙරෙන මහා පාවාදීම! The great betrayal for the disappearance

අතුරුදහන්වීම සොයමින් කෙරෙන මහා පාවාදීම! The great betrayal for the disappearance

Untitled-1

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බටහිර රටවල් මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ වුවමානාවකට අනුව රජය විසින් මෙරට තුල ස්ථාපිත කරණු ලැබූ

(ඉකුත් ත්‍රස්තවාදය මර්ධනය කිරිමේ සංග්‍රාහමයේදී) අතුරුදහන් වුවන් පිළිබද සොයා බැලිමේ කාර්යාලයට පත් කෙරුණු කොමසාරිස්වරුන් පිළිබද රටේ ජාතික ව්‍යාපාර සහ ආගමික නායකයින් විසින්  දැඩි විරෝධය එල්ල කරමින් සීටී.

එකී මානුෂික සංග්‍රාහමයේදී හමුදාව යුධ අපාරාධ සිදු කලා යැයි මෙරට තුල යුද්ධය පවතින අවස්ථාවේදීත් යුද්ධයේ පශ්චාත් සමයේදීත් ජීනීවා මානව හිමිකම් කොමිෂමේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශකල පිරිස් සහ දෙමළ ත්‍රස්තවාදයට අනුග්‍රාහය දැක්වු බටහිර රටවල් සහ ද්‍රවිඩ ඩයස්පොරාවේ රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රමුඛයින් වශයෙන් ක්‍රියාකල පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාළ කොමිෂමට පත් කොට තිබේ.

මේ හරහා මෙරට ත්‍රිවිධ හමුදාවල ජීවීත පරිතාග්‍යයෙන් ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට ක්‍රියාකල රණ විරුවන් අත් අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයකට පවරා දිමට කටයුතු සිදුකරමින් පවතින බව අවදාධාරණය වෙයි.

ඉකුත් යුද ජයග්‍රාහණය දේශපාලන උපක්‍රමකයට නතුකර ගත් දේශපාලන අවස්ථාවාදීන් විසින් ද්‍රවිඩ ඩයස්පොරාව සහ බටහිර රටවල් සමග එක්වී රට ජාතියට ජීවය දුන් රණ විරුවන් පවාදීම සදහා මෙම අතුරුදහන් වුවන් සෙවිමේ කාර්යාලය මෙරට තුල ස්තාපනය වන බවට හොදම නිදර්ශණය උක්ත කාර්යාලයේ කොමසාරිස්වරියක් වශයෙන් පත් කොට ඇති ශ්‍රීයාණී නිමල්කා ප්‍රනාන්දු නැමැත්තියයි.

ඇය නිරන්තරයෙන්ම එල්ටිටීඊ පක්ෂපාතිත්වයක් දැක්වු අයෙකු බව ජිනීවා මානව හිමිකම් සංවිධානයේදි රටට සහ හමුදාවට එරෙහිව කල ප්‍රකාශවලින් පෙනී ගිය අතර හිටපු විදේශ ඇමති වර්ථමාන මුදල් ඇමති මංගල පුන්සිරි සමරවීර විසින් අතුරු දහන්වුවන් පිළිබද කාර්යාලය පිහිටුවිමෙදි මෙහි කොමසාරිස්වරුන් ජනාධිපතිවරයාට යෝජනා කොට ඇතැයි අන්තර ජාල මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඒ අනුව අතුරුදහන් වුවන් පිළිබද කාර්යාලයට පත්කර ඇති වෙනත් කොමසාරිස් වරුන් පහත දැක්වෙයි.

ජනාධිපති නිතිඥ සාලිය පීරීස් සභාපතිත්වයෙන් යුතුව ජයදීප පුන්‍ය මුර්ති,මොහොන්ති පීරිස්,මිරන් රහීම්,සෝමසිරි කේ ලියනගේ,කනපති පිල්ළෙයි වෙන්දන් යන අය ඊට අයත් වෙයි.

මේ නම් අතර එල්ටීටීඊ සංවිධානය පක්ෂපාතිත්වය දැක්වු අය වැඩි ප්‍රමානයක් සිටින බව සාක්ෂිසහිතව තොරතුරු පවතින අතර එහෙයින් ඔවුන්ගේ විමර්ශණය අනිවාර්යෙන් ද්‍රවිඩ ඩයස්පෝරාවේ සහ බටහිර රටවලට අවශ්‍ය වු උවමනාවට සමගාමී වීම අනිවාර්ය වෙයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරණ මංගල සමරවීර ඇමතිවරයා අතුරු දහන් වුවන්ගේ කාර්යාල විමර්ශණය රෑස්කරන කරුණු හරහා හමුදාවට හෝ වෙනත් කිසිවකු කිසිදු අධිකරණයකට පමුණුවා දඩුවම් ලබාදිමට කටයුතු නොකරණ බව ප්‍රකාශ කරයි.

එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ජගත් මානව හිමිකම් සංවිධානයට වග උත්තර බැදිම සදහා පිහිටුවනු ලබන අතුරු දහන් වුවන් පිළිබද කාර්යාලය හරහා සිදුකෙරෙන විමර්ශණ වලින් චෝදනා රෑස් කිරිමට නිස්චිත දේශපාලන ඉලක්ක වලට සහ එකී පිරිසට එල්ල කරන චෝදනා සාධාරණීකරනය කිරිම සදහා උපක්‍රමශීලීව චෝදනා ගොණු කෙරෙන ආරක්ෂක හමුදා සාමාජිකයින් ජාත්‍යන්තර වරෙන්තු කරවුවන් වීම අනිවාර්ය වෙයි.

මෙම විමර්ශණයෙන් පසු ඉන් චෝදනා ලැබූවන් ජාත්‍යන්තර අධිකරණයක් වෙත යොමු කල යුතුවීම අනිවාර්ය වන අතර  ජගත් සංවිධානයේ නීතීයට අනුව යුද අපරාධ චෝදනා  ලැබූ එසේ වරෙන්තුගත වන්නන් ඒ සදහා ඉදිරිපත් වුවද නොවුවද  ඔවුන්ගේ ජිවිත කාළයේ කිනම් අවස්ථාවකදි හෝ  ජාත්‍යන්තර පොලිසීය හරහා එකී පුදගලයන් අත් අඩංගුවට ගැනිමේ අවදානම රදා පවතී.

දෙවෙනි අධියරේදි ඔවුන් ජාත්‍යන්තර අධිකරණවල චෝදනා ලැබූවන් ලෙස ශ්‍රිලංකා රජයට ජගත් සංවිධානය නියම කරණ කිනම් රටක අධිකරණයකට හෝ  ලබා දීම අනිවර්යවෙයි. (Sri Lanka is a country that has signed the UN Charter)

එසේ කිරිමෙන් රජය වැලකී සිටියහොත් ඒ චෝදනා හරහා රටට විවිධ බලපැම් එල්ල කිරිමට ජගත් සංවිධානයට සහ බටහිර රටවලට හැකියාව පවතින බව

ජාත්‍යන්තරව මෙවැනි තත්වයන් ඇති වු රටවල ආරක්ෂක හමුදා සාමාජිකයින්ට සහ දේශපාලකයින්ට අත්වු ඉරණම් පිළිබද  නිදසුන් හරහා සක්ෂාත් කෙරෙයි.

2015 මැතිවරණ ක්‍රියාවලියේදි ද්‍රවිඩ ඩයස්පෝරාවේ සහ සමහර බටහිර රටවල් මෙරටට කල බලපෑම් හමුවේ ඇතිකෙරුණු ඔවුන්ගේ මුදලින් යැපෙන එන්.ජී.ඕ සංවිධාන මාධ්‍ය සංදර්ශණ පවත්වමින් රජයේ මේ දීන උවමනාව සාධාරණිකරනය කිරිමට නිසරු උත්සහයක නිරතව සිටින මුත්

ඔවුන්ට සාපේක්ෂව වත්මන් රජයද ඊට පක්ෂව අතුරුදහන් වුවන් පිළිබද සොයාබැලීමේ කාර්යාලයට අනුග්‍රාහය දැක්විමෙනුත් සිදුවිය හැකි මේරට ජාතික විරුවන් සහ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයකට පාවාදිමේ ක්‍රියාවලියේදි මේරට තුල ඉතිහාසයේ නොවු වීරූ ජනතා නැගිටීමක් සිදුවීම අනිවාර්ය වන අතර එහිදී මේ පවාදිමට මුලික වු දේශපාලකයන්ට සිදුවන ඛේදවචකයද සුළුපටු නොවනු ඇත.

 

 

 

About SirilakaNews

Check Also

DSC_3119x-1200x550

ආර්ථිකයේ සෘණ මාවත දිගේ…..! On the negative path of the economy …..

මහ බැංකුව නිකුත් කරන ලද 2018 වසර සඳහා වන දෙවැනි ප්‍රතිපත්ති මූල්‍ය විවරණයෙන්, ඉහළ යමින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *