Breaking News
Home / නිදහස් පන්හිද / ආදිවාසී නායක ඇත්තන් එක්ක මන්ත්‍රී කැකුළිය තම වරිගේ අයිතිවාසිකම් දිනා ගැනීමට ඉදිරියේදී අරගලකරනු දැකගත හැකිය.With the indigenous leaders, MP Kekuliya may be struggling to win his rights.

ආදිවාසී නායක ඇත්තන් එක්ක මන්ත්‍රී කැකුළිය තම වරිගේ අයිතිවාසිකම් දිනා ගැනීමට ඉදිරියේදී අරගලකරනු දැකගත හැකිය.With the indigenous leaders, MP Kekuliya may be struggling to win his rights.

sil-02-18-maduruoya-2

sil-02-18-maduruoya-1

හෙයිබල තෙන තෙන තේනා… නා… තේ බෝටී කෝටා …පෙති කනවෑ..කෝටා කන්නට යමු කිරි නෑනා”

මීට තිස් වසරකට පෙර මහවන මැද ඇසුණු හෙනානිගල වැදිරැහේ ඇත්තන්ගේ බඹර කවි හඬ අද ඇහෙන්නේ කැලෑවෙන් මෙපිටය.

අද මේ ඇත්තන්ගේ දුන්න, ඊතලය, කෙටේරිය මලකා ගොසිනි. නමුත් ඔවුහු වෙදකම, කෙම්කමහා තම රැහේ සාම්ප්‍රදායික සිරිත් විරිත් තවමත් අමතක කර නැත්තෝය. ඒවා ඈත්කර දැමීමටද මේ ඇත්තන් අකමැතිය.

එමෙන්ම මේ ආදිවාසී වැඩිහිටියෝ ඉඩ ලැබෙන හැමවිටම තම දරුමුනුපුරන්ට වරිගේ ශිල්ප ශාස්ත්‍රය ලබාදෙති. ආදිවාසී පරපුරේ උරුමය ඉදිරියට ගෙන යෑමට ඔවුහු අරගල කරති.මේ අරගලය ඉදිරියට ගෙන යෑමට අද ඔවුන්ට මහජන නියෝජිතවරියක්ද ඇත.

“ඉස්සර අපි මහ කැලේ ගිහිං බෙහෙත් ඖෂධ එකතුකරගෙන ආවා.වැවට ගිහිං මාළු අල්ලාගෙන ආවා. කැලේ ගිහිං මී බඹර කඩාගෙන ආවා. නමුත් අද මේ හැම දේටම අපිට තහංචි පැනවිලා. අපි ඉල්ලන්නේ අපේ අයිතිවාසිකම්.

ඒ අයිතිවාසිකම් දිනා ගැනීමට ප්‍රාදේශීය සභාවේ හඬක් නගනවා” යැයි දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වී සිටින ආදිවාසී පරපුරේ ඩබ්. එම්. ශිරෝමාලා මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ආදි වාසී කාන්තාවකවූ ඇය මන්ත්‍රී ධූරයකට තේරී පත්වූවාය. දෙහිඅත්තකණ්ඩිය, නවමැදගම,

හේනානිගල දකුණ අංක 133 හි පදිංචිව සිටින ඇය නමින් විජේසේකර මුදියන්සේලාගේ ශිරෝමාලාය. ඇය අවුරුදු 38 ක තිදරු මවකි. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට අයත් හෙනානිගල බහු කොට්ඨාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කළ ඇය තම රැහේ විස්තර සහ ඉදිරි දේශපාලන කටයුතු ගැන මෙලෙස අදහස් දැක්වූවාය.

“මගේ තාත්තා ඌරුවරිගේ පුංචිබණ්ඩා . අම්මා විජේසේකර මුදියන්සේලාගේ පේමාවතී. මම භාවිත කරන්නේ අපේ අම්මාගේ වාසගම. අපි 1984 අවුරුද්දේ දඹානේ සිට හෙනානිගල පදිංචියට ආවා. දඹානේ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ මගේ මාමා.

ඒ වගේම හෙනානිගල ප්‍රාදේශීය ආදිවාසී නායක තලාවරිගේ ගුණබණ්ඩියා ඇත්තොත් මගේ මාමා. මගේ ස්වාමිපුරුෂයා යුධ හමුදාවේ සේවය කරනවා. ලොකු දුවට වයස අවුරුදු 17යි. දෙවනි දුවට අවුරුදු 13යි. බාලම පුතාට අවුරුදු නවයයි. අපි පස් දෙනා හරිම සමගියෙන් ජීවත්වෙනවා.

අපේ රැහේ ඇත්තන්ට විසඳාගත යුතු ගැටලු බොහෝමයක් තිබෙනවා. ඒවා එකක්වත් ජනමාධ්‍ය මගින් හෙළිදරව් වුණේ නැහැ. මෙතෙක් පත්වූ මන්ත්‍රීවරුන්ට අපේ ප්‍රශ්න දැනුනෙත් නැහැ. ඒ අය අපේ ප්‍රශ්න අහලා විසඳුම් දෙන්නම් කියලා ඡන්දෙ අරං ගියා.

ඊට පස්සේ පැත්ත පළාතේ ආවේ නැහැ. ඒ නිසා අපි තීරණය කළා අපේ රැහේ ප්‍රශ්න විසඳා ගන්න අපේම කෙනෙක් ප්‍රදේශීය සභාවට යායුතුයි කියලා.

ඒ අනුව මේ වතාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කාන්තා නියෝජනය යටතේ මැතිවරණයට තරග කරන්න මට අවස්ථාව ලැබුණා. අපිට විසඳාගත යුතු ගැටලු බොහෝමයක් තිබෙනවා. අපේ ආදිවාසී ගම්මානයට පානීය ජල ගැටලුවක් තිබෙනවා. පිරිසකට විදුලිය නැහැ.

ගමේ පාර හොඳටම අබලන්. වීදි ලාම්පු නැහැ. මේ ගැටලු ටික පළමුව විසඳාගත යුතු වෙනවා. ඒ වගේම අපේ සංස්කෘතිය ආරක්ෂාකර ගනිමින් ආගම දහමට අනුව රටේ සංවර්ධනයටත් දායක වෙනවා. ආදිවාසී රැහේ අයිතිවාසිකම් දිනා ගැනීමට පළාත් සභාව දක්වා යෑමට මම බලාපොරොත්තුවෙනවා.”යැයි ඇය පැවසුවාය.

ශිරෝමාලාගේ ජයග්‍රහණය ආදිවාසි පරපුරේ උදවියගේ සතුට දෙගුණ තෙගුණ කරන්නක්වී ඇත. මහ වනයේ ගහකොළ සතාසිව්පාවා සමඟ තමන් ගත කළ ළමාවියේ සොඳුරු මතකයන් හෙනානිගල ආදිවාසී වැඩිහිටි ඇත්තෝ එකිනෙක විස්තර කළහ..

“අපි මහවැලියට එන්න කලින් හිටියේ කන්දේගමවල. ඒ කාලේ මීපැණී වේලපු දඩමස්, ඉරිඟු කුරකන් වගේ දේවල් අරං මහඔයට යනවා. ගිහිං විකුණලා පැඟිරි කොළ(බුලත්), ගයි ගර්චන(පුවක්), සීනි, තේකොළ, ලුණු වගේම කැකුළියන්ට රෙදි හැට්ට සල්ලිවලට ගන්නවා.

අපට කන්න කුරහන්, ඉරිඟු, අල වර්ග, මස්, මී පැණි ඒ කාලේ ඇතිවෙන්න තිබුණු නිසා සල්ලි දිල ගන්න ඕන වුණේ බඩු කීපයක් විතරයි. අපට සර්පයින්ගෙන් කවදාවත් හිරිහැරයක් වුණේ නැහැ. උන්ගෙන් අප රැකගන්න යක්ගොල්ල ඉන්නවා.

බොටකඳා (අලියා) කවදාවත් අපට හිරිහැර කරල නැහැ. බොටකඳා මුලිච්චි වුණොත් අපි ඌට මතුරනවා.”

මේ කථාබහ අතරට එක්වූ හෙනානිගල ආදිවාසී නායක තලාවරිගේ ගුණබංණ්ඩියා ඇත්තා තම වරිගපොජ්ජේ වගතුග සහ මන්ත්‍රී කැකුළියගෙන් අපේක්ෂිත සේවාව ගැන විස්තර කළේය..

“අපේ රැහේ වරිග පහක් ඉන්නවා..නබුඩ වරිගේ, ඌරු වරිගේ, තලා වරිගේ, උනාපාන වරිගේ, මොරාණ වරිගේ තමයි ඒ වරිග පහ. ඒ වගේම උඩමලුවේ, මල්ගොඩ වගේ පරම්පරා නම් තියෙන අයත් අපේ අතරෙ ඉන්නවා.

මේ ප්‍රශ්න එකක්වත් විසඳුණේ නැහැ. අපි අද දඩයම්කරන්නේ නැහැ. අපේ අය හෙනානිගල වැවේ මාළු අල්ලනවා. ඒකටත් පිට පළාත්වලින් ආව අයගෙන් බාධා ඇතිවෙනවා. අද අපේ අයට කැලේ තහනම් කරලා. අපි වනාත්තරයට ආදරෙයි.

අපි ඒ කාලේ කැලේ රැක ගත්තා දඩයම් කිරිමත් කළේ ක්‍රමයකට. අපි ගස් කැපුවේ නැහැ. බොටකඳාට (අලියට) ගිනිබින්දේ නැහැ. උන්ගෙන් අපිට හිරිහැර වුණේත් නැහැ. අරළු බුළු වගේ බෙහෙත් පොජ්ජ එකතු කරන්න කැලේට රූටන්න අපට අවසර දෙන්න.

කිසිකෙනෙකුට කරදරයක් නැතිව කැලේ හිටි අපි ගම්මානවල පදිංචි කළාට එතැනින් එහාට අපේ උවමනා එපාකම් හොයලා බැලුවේ නැහැ.අ පිට දැන් අපේ ප්‍රශ්න ගැන කථාකරන්න කෙනෙක් ඉන්නවා. මන්ත්‍රී කැකුළිය අපේ අයිතිවාසිකම් දිනාගන්න කටයුතු කරනවා.

කම්බි ගසා, බෝඩ් දමා මාදුරුඔය වනඅරණින් හෙනානිගල වෙන්කර ඇත. නීති රීති පනවා මහවනයෙන් ඈත් කර වූවත් ඔවුන්ගේ ආධ්‍යාත්මය තවමත් වනාන්තරය තුළමය.

ආදිවාසී නායක ඇත්තන් එක්ක මන්ත්‍රී කැකුළිය තම වරිගේ අයිතිවාසිකම් දිනා ගැනීමට ඉදිරියේදී අරගලකරනු දැකගත හැකිය.

අන්තර්ජාලය ඇසුරෙනි.

About SirilakaNews

Check Also

DSC_3119x-1200x550

ආර්ථිකයේ සෘණ මාවත දිගේ…..! On the negative path of the economy …..

මහ බැංකුව නිකුත් කරන ලද 2018 වසර සඳහා වන දෙවැනි ප්‍රතිපත්ති මූල්‍ය විවරණයෙන්, ඉහළ යමින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *