Breaking News
Home / දේශපාලන / හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම යනු ඇති බව එස්‌. බී. දිසානායක කියයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම යනු ඇති බව එස්‌. බී. දිසානායක කියයි!

sri-lanka-president-mahinda-rajapaksa-with-minister-s.b.dissanayake-on-university-issueshe-with-sb-colombotelegraph

mr_120709_01-377x300

පළාත් පාලන මැතිවරණයෙන් පසු ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම යනු ඇති බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එස්‌. බී. දිසානායක මහතා එසේ කීවේය.

මේ වන විට ඉවත්ව ගිය පිරිස්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වටා එකතු වෙමින් සිටින බව කී එස්‌. බී. දිසානායක මහතා ඉදිරි මැතිවරණයෙන් පොහොට්‌ටුව ලකුණින් ජයගනු ලබන පිරිස්‌ ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එකතු වන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිසිවකුත් පොහොට්‌ටුවට එකතු වී නොමැති බවද, සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පමණක්‌ යෑයි ද හෙතෙම කීවේය. ඇතැමුන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉවත්ව ගිය බව ද, පසුව සමාව ගෙන යළිත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වටා එකතු වූ බව ද ඇමැතිවරයා පැවැසීය.

එබැවින් ඉවත්ව ගිය සුළු පිරිස ද යළි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එකතු කර ගැනීමට අදත් හෙටත් අනාගතයේදීත් කටයුතු කරන බව ද එස්‌. බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

About SirilakaNews

Check Also

image_1500986643-979237be45

එක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වෙනුවෙන් ලාංකික මහජනතාවට දැරීමට සිදුවන වියදම මසකට (වැටුප් සදහා පමනක්) රුපියල් ලක්ෂ 5 කි. The cost to the Sri Lankan people for a single MP (only for salaries) is Rs.5 lakhs per month.

සතිපතා කැබිනට් මණ්ඩල රැස්වීම පසුගිය අගහරුවාදා පැවැති නමුත් එය විනාඩි 45 කට පමණක් සීමාවිය. එම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *