Breaking News
Home / ප්‍රධාන පුවත් / හම්බන්තොට මාගම්පුර වරායේ සිංහ කොඩිය පරයා චීන කොඩිය එසවේ!

හම්බන්තොට මාගම්පුර වරායේ සිංහ කොඩිය පරයා චීන කොඩිය එසවේ!

Untitled-1

හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය පසුගිය වසරේ දෙසැම්බර් 09 වැනිදා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම වෙත පවරාදීමෙන් පසු ප්‍රථම වතාවට චීන ජාතික කොඩිය  මාගම්පුර වරායේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ල ඉදිරිපිට ඔසවන ලදී.

මීට පෙර ශ්‍රී ලංකා ජාතික කොඩිය ඇතුළු වරාය අධිකාරියේ සංකේත කොඩි එහි ඔසවා තිබිණි. නමුත් ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා තිබුණේ අනෙක් කොඩි කණුවලට වඩා අඩි එකහමාරක පමණ උසින් වන අතර මීට දින දෙකකට ඉහතදී සියලු කොඩි කණු එක සමාන වන සේ ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා තිබූ කොඩි කණුව උසින් අඩුකර තිබේ.
මේ අතර තම දරුවන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් මාගම්පුර වරායේ හිටපු සේවකයන්ගේ මවුපියන් විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහය 42 දිනටත් පැවැත් විය.

සත්‍යග්‍රහයේ නියෙළෙමින් සිටින තම මවුපියන් හට සහයෝගය දක්වමින් එම ස්ථානයේ රැඳී සිටින මාගම්පුර වරායේ හිටපු සේවකයන් ජනවාරි පළමුදා සිරිත් පරිදි කිරිබත් වෙනුවට කොස් තම්බාගෙන තම උදෑසන ආහාරය ගන්නා අයුරු දක්නට ලැබිණි.

About SirilakaNews

Check Also

1462170854fe392f78a62c6fc460cf8c2a182b395f_XL

බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව තහවුරු වූ තැනැත්තන් 30 දෙනෙකුගේ නම් පාර්ලිමේන්තුවේදී හෙලි කිරිමට සුදානම් වෙයි!

                               ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *