Breaking News
Home / දේශපාලන / සජිත් ප්‍රේමදාසට අගමැති පදවිය ලැබෙන ලකුණු!

සජිත් ප්‍රේමදාසට අගමැති පදවිය ලැබෙන ලකුණු!

11Untitled-2

බැදුමකර වංචාව හරහා එක්සත් ජාතික පක්ෂයට එල්ලවී ඇති අවමානයෙන් මිදිමට මාධ්‍ය ඔස්සේ පෙනී සිටීමට එම පක්ෂයේ කීප දෙනෙකු හැර වැඩි පිරිසක් අකමැත්ත පල කිරිම හේතුවෙන් චෝදනා එල්ල වී ඇති පිරිසටම ඊට පිළිතුරු සැපයිමට සිදුවී ඇති බවක් පසුගිය දිනවල විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය මත කෙරුණු සියළු දේශපාලන වර්තා සහ වැඩසටහන් හරහා දකින්නට ලැබුණී.

ප්‍රාදේශීය සභා මැතිවරණය අභි මුඛයේ තම පක්ෂ‍යේ නායක සහ නියෝජ්‍ය නායක වරයාට බරපතල වංචාවක් පිළිබද චෝදනාවක් එල්ල වීම සහ ඊට අදාලව රට හමුවේ නිත්‍යානුකූල සාක්ෂි ජනාධිපති විශේෂ කොමිසමක් හරහා හෙළිවීම එක්සත් ජතික පක්ෂයට ඉතිහාසයේ කිනම්දාකවත් අත් නොදුටු අන්පේක්ෂිත ජනතා අප්‍රසාදයක් ස්මතු කිරිමට සමත්ව ඇති බවක් පෙනෙන්නට ඇති අතර ඊට විසදුම් සෙවීම සදහා එම පක්ෂයේම මංත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවේ අනාගතය පිළිබද අතිශය රහස් සාකච්ජාවක් පවත්වා ඇතැයි විශේෂ දේශපාලාන ආරංචි මාරගයක් හරහා හෙළිවෙයි.

මෙම සාකච්ජාව සදහා ශ්‍රීලනිප ජේෂ්ඨයන් කීප දෙනෙකද සහභාගි ඇති අතර මෙම තොරතුරු අනාවරණය වුයේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පක්ෂයේ ජේෂ්ඨතම අමාත්‍යවරයෙකු හරහාය.

ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආවසි තත්වයක් ඇති වුවහොත් ඉන්පසු ආණ්ඩුව බේරාගැනිම සදහා නව අමාත්‍ය මණ්ඩළයක් සහ නව අග්‍රාමාත්‍ය වරයෙකු පත් කිරිමට ජනාධිපතිවරයාට සහයෝගය දිමට එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රිවරු පිරිසක් එකගත්වය පල කර ඇති අතර එහිදි අගමැති තනතුරට එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත්කිරිම පිළිබද දෙපාර්ශයම වැඩි කැමැත්තක් දැක්වු බව සදහන් විය.

බැදුම්කර වංචාව පිළිබද ජනාධිපති කොමිෂන් වාර්තාව මගින් පෙන්වාදී ඇති කරුණු අභිබවා යමින් නිතිඥයින් පිරිසක් අධිකරණය හමුවේ ඊට සම්බන්ධ විශේෂිත කරුණු රෑසක් නීතිය හමුවට රෑගෙන ඒමට කටයුතු සුදුකරමින් සිටින අතර එහිදි වත්මන් එජාප ආණ්ඩුවේ ප්‍රබලයින් රෑසක් ඊට සම්බන්ධ වු ආකාරය පිළිබද සහ එකී වංචාව හරහා  ලද වරප්‍රාසාද අධිකරණය හමුවේ පෙන්වා දිමටත්   ඒවාට නිත්‍යානුකූල සාක්ෂි ගොණු කිරිමටත් ඔවුන් අපේක්ෂා කරන හෙයින් පක්ෂයේ අනාගතය සහ ආණ්ඩුව සුරක්ෂිතකර ගැනිමේ අරමුණින් ආණ්ඩුවට සහයෝගය දක්වන ශ්‍රීලංකා නිදහස් පක්ෂ මංත්‍රිවරු සමග තවදුරටත් යහපාළන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සදහා එක්සත් ජාතික පක්ෂ මංත්‍රීවරු ජනාධිපතිවරයා සමග ඉහත කී එකගත්වයට පැමිණෙනු ඇතැයි මෙම ආරංචි මර්ග අතර හෙළිවු කරුණුවල වැඩි දුරටත් සදහන් විය.

About SirilakaNews

Check Also

RRRRR

අගමැතිවරයාගේ විශ්වාසය. The Prime Minister’s belief.

  අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ළංවෙත්ම එහි උණුසුමද ඉහළ නගිමින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *