Breaking News
Home / ක්‍රීඩා / ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තිය පැහැර හරිමින් ක්‍රියා කරන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) වෙත පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තිය පැහැර හරිමින් ක්‍රියා කරන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) වෙත පැමිණිල්ලක්

 Untitled-1

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තිය හා එහි මඟපෙන්වීම් පැහැර හරිමින් ක්‍රියා කරන බවත් අනුබද්ධිත ජාතික ක්‍රීඩා සංගම්වල අයිතිය කෙලෙසමින් අත්තනෝමතික පරිපාලනයක යෙදෙන බවත් පෙන්වා දෙමින් ජාතික ක්‍රීඩා සංගම් විසින් ජාතික ඔලිම්පික් කමිටුවට (එන්.ඕ.සී.) එරෙහිව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) වෙත පැමිණිල්ලක් කරන ලද බව  වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද පිටපතක් සහිතව 2017 දෙසැම්බර් 20 දාතමින් අයි.ඕ.සී. වෙත යවන ලද මෙම ලිඛිත පැමිණිල්ල සඳහා එන්.ඕ.සී. යට අනුබද්ධිත ජාතික ක්‍රීඩා සංගම් 14ක් අස්සන් තබා ඇත. 2013 නොවැම්බර් මස 27දා අස්සන් කරන ලද තෛ්‍රපාර්ශ්වික ගිවිසුම, රැස්වීම් වාර්තා, වාර්ෂික ගිණුම් වාර්තා, ව්‍යවස්ථා සංශෝධනය, ක්‍රීඩකයන්ගේ කොමිසම, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උපදෙස් වසන් කිරීම, මහ සභා රැස්වීමේදී ගත් තීරණ නොසලකා හැරීම, නව ක්‍රීඩා සංගම්වලට අදාළ ලේඛන ඉදිරිපත් නොකිරීම, ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ලබාගැනීම වෙනුවෙන් ජාතික සංගම්වලට තිබෙන ව්‍යවස්ථානුකූල අයිතිය විනාශ කිරීම හා නියමිත කාලයට නිලවරණ නොපවත්වා වත්මන් එන්.ඕ.සී. සභාපතිවරයා හා ලේකම්වරයා දිගින් දිගටම බලයේ රැඳී සිටීම යන කරුණු පාදක කරගනිමින් මෙකී පැමිණිල්ල අයි.ඕ.සී.ය වෙත යවා ඇත.

එන්.ඕ.සී. යට අනුබද්ධ පාර්ශ්වයන්ගේ සහ මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ විවිධ අංශයන්ගේ ප්‍රතිචාර හා විශ්ලේෂණයන් සැලකිල්ලට ගනිමින් එන්.ඕ.සී. යේ සභාපති, ප්‍රධාන ලේකම් හා භාණ්ඩාගාරික යන ප්‍රධාන නිලධාරීන් තිදෙනාගෙන් එහි පාරදෘශ්‍යභාවයට හා වගවීම සම්බන්ධව දැනට ඇති වී තිබෙන අහිතකර බලපෑම පිළිබඳව අයි.ඕ.සී.ය දැනුවත් කිරීම මෙකී පැමිණිල්ලෙන් බලාපොරොත්තු වන බව සඳහන් වන අතර එහි උපුටා ගැනීමක් මෙසේය.

‘2013 නොවැම්බර් 27 වැනි දින එවකට ඔලිම්පික් ව්‍යවස්ථාව සහ ක්‍රීඩා පනත අතර ඇති වූ අර්බුදය හමුවේ ප්‍රධාන පාර්ශ්ව තුන, එනම් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර තෛ්‍ර පාර්ශ්වික ගිවිසුමකට එළැඹිණි. එම ගිවිසුමට අනුව එවකට පත්ව සිටි එන්.ඕ.සී. නිලධාරි මණ්ඩලයට එහි කටයුතු පවත්වාගෙන යෑමට අයි.ඕ.සී. ය විශේෂ අවසරයක් දුන් අතර එතැන් පටන් මාස 6ක් ඇතුළත ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තියට අනුකූලව හා ඔලිම්පික් අගයන් නොනැසී ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව නැවත සකස් කර ජාතික ක්‍රීඩා පනත හා එහි වගන්තිද එන්.ඕ.සී. යේ හා ජාතික සංගම්වල ස්වාධිපත්‍යය හා අනන්‍යතාව රැකෙන සේ සකස් කර ගන්නා ලෙස සියලු පාර්ශ්වයන්ට දැනුම් දුනි. තවද දේශපාලන අතපෙවීම් වැළැක්වීම උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් කර සියලුම ක්‍රීඩා සංගම්වල ව්‍යවස්ථාවන් තම ජාත්‍යන්තර මවු සංගම්වල අනුමැතියෙන් සකස් කරගන්නා ලෙසද අයි.ඕ.සී.ය දැනුම් දුනි.’

කරුණු එසේ වෙතත් ඊට සිවු වසරක් සපිරුණු මේ මොහොත වන තෙක් මෙරට එන්.ඕ.සී. ව්‍යවස්ථාව නැවත සකස් කොට සම්මත කර නොමැති බවත් එන්.ඕ.සී. ඉතිහාසයේ ප්‍රථම වතාවට නිලවරණයක් නොමැතිව වසර 8ක් අත්තනෝමතික පාලනයක යෙදී සිටින ප්‍රධාන නිලධාරීන් තමන්ගේ අනන්‍යතාව හෙවත් ඔවුන්ට අදාළ ක්‍රීඩා සංගම්වල වත්මන් නියෝජනය පවා අහිමි වී සිටින අය බවද අයි.ඕ.සී. ය වෙත යවන ලද පැමිණිල්ලේ තවදුරටත් සඳහන්ය.

About SirilakaNews

Check Also

bba661353c11fbd76119261765043e65-046-klmE-U100581638470xPH-620x349@Gazzetta-Web_articolo

දකුණු ආසියා පාපන්දු ශුරතාවය බංගලදේශයේදි ඇරඹේ! South Asia football championship commences in Bangladesh.

නේපාලය සහ පකිස්ථානය අතර තරගයෙන් 12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන (සාෆ්) පාපන්දු තරගාවලිය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *