Breaking News
Home / පුවත් / ශ්‍රීලංකීය අධ්‍යාපනයේ ඛේදවාචකයට සිරස් සාක්ෂියක්!

ශ්‍රීලංකීය අධ්‍යාපනයේ ඛේදවාචකයට සිරස් සාක්ෂියක්!

ed6c0f3bd3

උපාධියක් තිබුණද රැකියාවක් නොමැති ගංගා නිශ්ශංක මෙනෙවිය අද වනවිට කුලීවැඩ කරමින් අසනීප තත්ත්වයෙන් පසුවන සිය සහෝදරියට උපස්ථාන කරමින් කාලය ගත කරයි. උපාධිධාරිනියක වුවද අද වන විට සිය උපාධි සහතිකය බලා හීල්ලීමට පමණක් සිදුව ඇතැයි කලා උපාධිධාරිනියක වන ඇය පවසන්නීය.

හතළිස් හතර හැවිරිදි නිශ්ශංක මෙනෙවිය පදිංචි වී සිටිනුයේ කොත්මලේ කාහේන වැවතැන්න ගම්මානයේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මීට වසර පහකට පමණ මත්තෙන් කලා උපාධිය ලැබූ ඇය ධර්මාචාර්ය විභාගයද සමත් වී ඇත.

සිය හඬ අවදි කළ ගංගා නිශ්ශංක මෙනෙවිය,

මගේ අම්මයි තාත්තායි දෙදෙනාම ජීවතුන් අතර නෑ. මාත් එක්ක මගේ අක්කා ඉන්නවා. ඇය අසනීප තත්ත්වයෙන් දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබනවා. ඇයට ප්‍රතිකාර සඳහා මාසිකව ඉහළ වියදමක් වැය වෙනවා. ගෙවල් වතු සුද්ද කරලා ලැබෙන ආදායමෙන් තමයි අපි ජීවත් වෙන්නේ. උපාධිධාරිනියක වුණත් වැඩක් නෑ. තවමත් මට රැකියාවක් නැහැ. මගේ මේ ආයාචනය පිළිබඳව දේශපාලන අධිකාරියේ අවධානය යොමුකරලා මට රැකියාවක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.”

About SirilakaNews

Check Also

ං'ජඩිාඩි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ඉන්දීයන් එක්ස්ප්‍රස් සමග ආන්දෝලනාත්මක සාකච්ජාවක! Former Defense Secretary Gotabhaya Rajapakse is also in a controversial interview with the Indian Express

වත්මන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවත් , මේ හේතුවෙන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *