Breaking News
Home / පුවත් / වර්ෂ 2008-2014 කාලසීමාව තුළ රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක්‌ සිදුවී ඇතැයි නිගමනය කල නොහැකියි! මහ බැංකුව පවසයි.

වර්ෂ 2008-2014 කාලසීමාව තුළ රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක්‌ සිදුවී ඇතැයි නිගමනය කල නොහැකියි! මහ බැංකුව පවසයි.

     central-bank1

වර්ෂ 2008-2014 කාලසීමාව තුළ රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක්‌ සිදුවී ඇත්ද යන්න ගැන වහාම කිසිදු ප්‍රකාශයක්‌ කිරීම යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ නිසා එම කාලයේ බැඳුම්කර ගනුදෙනු ගැන සිදුකෙරෙන වෝහාරික විගණන අවසන් වීමට පෙර මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක්‌ කිරීම යෝග්‍ය නොවන බවද මහ බැංකුව පෙන්වා දෙයි.

මේ කාලය තුළ රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේදී කිසියම් අක්‍රමිකතාවක්‌ සිදුවී ඇත්ද යන්න ගැන වහාම ප්‍රකාශයක්‌ කරන ලෙස මහ බැංකුව වෙත ඉල්ලීමක්‌ ඉදිරිපත්ව ඇති බවද මහ බැංකුව කියයි.

මේ කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේද කියයි.

2018 ජනවාරි 11 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශය වෙත අවධානය යොමු කරනු ලැබේ. එහි අවසාන ඡේදයෙහි වෝහාරික විගණනයක්‌ සිදුකිරීම පිළිබඳව සඳහන් කොට ඇත. එකී විගණනයේදී 2008-2014 කාල සීමාව තුළ සිදුවූ රජයේ සුරැකුම්පත් සහ සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධ කටයුතු පිළිබඳ විමසා බැලෙනු ඇති අතර මෙම විගණනය බාහිර පාර්ශ්වයක්‌ විසින් සිදුකෙරෙණු ඇත.

About SirilakaNews

Check Also

pharmaceutical_new2-600x430

වසර 03 තුල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගෙන්වන ලද කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල ඖෂධ මිලියන 159 ක් ! Within 3 years the State Pharmaceuticals Corporation imported 159 million drugs expired and low quality drugs

2015, 2016, 2017 වසර 03 තුල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගෙන්වන ලද කල් ඉකුත් වූ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *