Breaking News
Home / ප්‍රධාන පුවත් / ලක්ෂ දාහතක් වූ ආබාධ සහිත පුද්ගලයන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජන්දය දිමෙන් වැලකී සිටීමට තිරණය කරයි.

ලක්ෂ දාහතක් වූ ආබාධ සහිත පුද්ගලයන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජන්දය දිමෙන් වැලකී සිටීමට තිරණය කරයි.

DSC0513-294x300disability-759

මෙරට ලක්ෂ දාහතක් වූ ආබාධ සහිත පුද්ගලයන්ගේ ඉල්ලීම්වලට කිසිදු රජයක් අවධානය යොමු නොකිරීම නිසා මෙවර පළාත් පාලන මැතිවරණය වර්ජනය කොට ඡන්දය ප්‍රකාශය නොකර සිටීමට තීන්දු කර ඇති බව රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරි එකමුතුව කියා සිටී.

රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරි එකමුතුවේ සභාපති එච්.එම්. ලාල් පුෂ්පකුමාර සහ සාමාජික එල්.ආර්. මදුසංක යන දෙදෙනා විශේෂ මාධ්‍ය හමුවක් දඹුල්ලේ පවත්වමින් මේ බව ප්‍රකාශ කළහ.

මෙරට දෘශ්‍යාබාධිත උපාධිධාරින් හැත්තෑවක් පමණ දෙනා සිටින බවත් තවත් තිස් දෙනකු පමණ ළඟදීම සිය උපාධිය අවසන් කිරීමට නියමිතව සිටින බවත් 2013 වසරේ සිට මෙම දෘෂ්ටි ආබාධිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලීම් කළද මෙතෙක් කිසිදු පාලන බලධාරියකු, නිලධාරියකු අවධානය යොමු නොකිරීම නිසා දෘශ්‍යාබාධිත උපාධිධාරීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ඔවුහු පවසති.

මේ හේතුව නිසා තමන්ගේ දුක් ගැනවිල්ල  මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින දන්ත ධාතුන් වහන්සේට සැලකොට පසුව අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුන් වෙත ප්‍රකාශකොට යම්කිසි සාධාරණයක් ඉටු කර ගැනීමේ අවධානය යොමු කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මත කරන බව දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය ලක්ෂ 17ක ආබාධිත සියලුම ජනතාව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකර වැළකී සිටින ලෙස දිවයින පුරා විසිරී සිටින ආබාධිත සංගම් දැනුවත් කරමින් යන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම රැකියා අපේක්ෂකයන්ට සාධාරණයක් ඉටු නොකළහොත් ඉදිරියේදී ආණ්ඩුවට මීට වඩා බරපතළ ප්‍රශ්නවලට මුහුණදීමට හැකියාව තිබෙන බවත් ඒ සඳහා රටේම ඉන්න ආබාධිත පුද්ගලයන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පවා සංවිධානය කොට විශේෂ විරෝධතා මාලාවක් රට පුරා දියත් කරන බවද මදුසංක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

About SirilakaNews

Check Also

1462170854fe392f78a62c6fc460cf8c2a182b395f_XL

බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව තහවුරු වූ තැනැත්තන් 30 දෙනෙකුගේ නම් පාර්ලිමේන්තුවේදී හෙලි කිරිමට සුදානම් වෙයි!

                               ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *