Breaking News
Home / පුවත් / මෙරට පිළිකාරෝගයට ගොදුරුවන්නන් ඉහළ යද්දී පෙට් සකෑන් යන්ත්‍රය පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ නින්ද්‍රාශීලී පිළිවෙත.

මෙරට පිළිකාරෝගයට ගොදුරුවන්නන් ඉහළ යද්දී පෙට් සකෑන් යන්ත්‍රය පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ නින්ද්‍රාශීලී පිළිවෙත.

Untitled-1

PET_scan

අප රට තුළ මේ වනවිට පිළිකා රෝගය ක්‍රම ක්‍රමයෙන් වර්ධනයක්‌ පෙන්නුම් කරමින් තිබේ. විවිධ සංඛ්‍යා ලේඛනවලට අනුව පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සහ මරණ අනුපාතිකය වැඩි වී ඇත. එය කෙතරම් ප්‍රමාණාත්මක වැඩි වීමක්‌ද කිවහොත් ආසියාව තුළ ඉහළ මට්‌ටමක පවතින අතර අපට පිළිකා වැළඳීමේ ප්‍රවණතාවය බටහිර රටවල් හා සමාන අගයක්‌ ගනී.

 පිළිකාවක්‌ කල්තියා හඳුනා ගැනීම සඳහා ඉතා සාර්ථකම ක්‍රමවේදය නම් පෙට්‌ ස්‌කෑන් යන්ත්‍ර පරීක්‌ෂාවක්‌ කිරීමය. දැනට අප රට තුළ එවැනි පරීක්‌ෂාවක්‌ සිදු කර ගත හැකිවනුයේ ස්‌ථාන දෙකකින් පමණකි.

කොළඹ පෞද්ගලික රෝහලක පෙට්‌ යන්ත්‍රයක්‌ ස්‌ථාපිත කර ඇති අතර එහි සේවාව ලබා ගැනීමට රෝගියකුට රුපියල් එක්‌ලක්‌ෂ පනස්‌ පන්දහසක මුදලක්‌ වැය කළ යුතුව ඇත. ඊට අමතරව වාසනාවකට මෙන් කොළඹ ජාතික රෝහල තුළ පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රයක්‌ සහිත ඒකකයක්‌ පිහිටුවා තිබේ. ජාතික රෝහල තුළ පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය සහිත එම ඒකකය පිහිටුවීම ආරම්භ කර ඇත්තේ 2008 වසරේදීය. ඒ නව අපස්‌මාර ඒකකය තුළය.

මහල් හයකින් යුතු නව ගොඩනැඟිල්ලක දෙවැනි මහලේ පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය ස්‌ථාපිත කර ඇති අතර මෙම ඒකකය සඳහා රුපියල් මිලියන 4500 ක්‌ පමණ වැය වී ඇත. පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය සඳහා පමණක්‌ වැය වී ඇති මුදල රුපියල් මිලියන 200 කි.

විශේෂඥ වෛද්‍යවරියකගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු මෙම කටයුත්ත ඇත්තටම පැසසිය යුතු අත්‍යවශ්‍යම සේවයක්‌ ලෙස සැලකිය හැකිය. එනම් පිළිකාවක ආරම්භක අවස්‌ථාව හඳුනා ගනිමින් ඊට අවශ්‍ය ප්‍රතිකාර සිදු කොට පිළිකා සෛලය කල්තියාම විනාශ කිරීමට මෙම ස්‌කෑන් පරීක්‌ෂණයෙන් පහසු කටයුත්තක්‌ වන බැවිනි.

පිළිකා රෝගය වැළඳීම නිසා රෝගීන් දැඩි අඩපණ තත්ත්වයකට පත් කොට අවසානයේ මරණය වැළඳ ගන්නා තත්ත්වයට පත්වෙද්දී ඒ සඳහා ගත හැකි හා ගත යුතු සුදුසුම පියවර වන්නේ මෙම ස්‌කෑන් පරීක්‌ෂණය සිදු කොට කල්තියා ප්‍රතිකාර කිරීමය.

එහෙත් ජාතියේ අවාසනාවකට කොළඹ ජාතික රෝහලේ ඇති පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය මෙතෙක්‌ පරිහරණයට ගෙන නොමැත.

එම යන්ත්‍රය කොළඹ ජාතික රෝහලේ හය මහලකින් සමන්විත නව අපස්‌මාර ඒකකය පිහිටවූ ගොඩනැඟිල්ලේ දෙවැනි මහලේ සුවසේ නිදා සිටින අතරේ මෙරට දස දහස්‌ ගණනක්‌ වූ පිළිකා රෝගීන් දැඩි දුක්‌ඛ දායක තත්ත්වයක මරණ මංචකයට ළංවෙමින් සිටී.

මෙකී යන්ත්‍රය සවිකර වසර ගණනක්‌ ගතව ඇතත් තවම පරිහරණයට ගෙන නැතැයි මාධ්‍ය පසුගිය ඉරිදා දින සමස්‌ත රටටම ප්‍රකාශයට පත් කළේ වගකිවයුත්තන්ගේ නිදාශීලී දැස්‌ අවදි කිරීම පිණිසය.

මෙම යන්ත්‍රය තවම ක්‍රියාත්මක කරවීමට නොහැකි වී ඇත්තේ ඊට අත්‍යවශ්‍ය ඩයි වර්ගයක්‌ සැකසීමට අවශ්‍ය පුහුණුව හා තාක්‌ෂණය නොමැති වීම සහ ඊට පුහුණුව ලැබීමට විදේශයකට යැමට ඇති අකැමැත්ත බව මාධ්‍ය හෙළිකිරිමකින්  කියා පෑවේය.

ඉහත කී අයුරින් කොළඹ පෞද්ගලික රෝහළක  දැනටමත් පෙට් ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මකව පවතිද්දී විදේස් රටක පුහුණුවක් එම යන්ත්‍ර ක්‍රියාකරුවන්ට අවශ්‍ය වන්නේ ඇයි දෑයි ප්‍රශ්නයක් වන අතර මහ රෝහළේ අපස්මාර ඒකකයේ පිහිටි පෙට් ස්කැන් යන්ත්‍රය විශේෂඥ වෛද්‍යවරියක් යටතේ  ක්‍රියාත්මකව පවතිද්දි පිළිකා රෝහළට ජනතා පරිතාග්‍යයෙන් ලද පෙට් ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය පුහුණුව සදහා අදාල පෞදගලික රෝහළ සමග සාකච්ජාකොටඅදාල අංශය වෙත යොමු නොකරන්නේ මන්ද යැයි මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාධ්‍යට විමසිමට සිදුවි තිබේ.

ඒ අනුව එම ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්‌වීමට රජයේ විකිරණ විද්‍යා තාක්‌ෂණවේදීන්ගේ සංගමය විශේෂ මාධ්‍ය හමුවක්‌ කැඳවනු ලැබීය. ඔවුනට අනුව මෙම යන්ත්‍රය ගෙන්වීම හා සම්බන්ධ තාක්‌ෂණ කාරණා ඇගයීමට ඔවුන් සම්බන්ධ කර නොගැනීම මත මෙම යන්ත්‍රය තවමත් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයේ පසු වන බවය.

එනම් පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය ක්‍රියා කරවීමට අත්‍යවශ්‍යම අංග උපාංග කිහිපයක්‌ පවතී. එහි අඩංගු හොට්‌ ලැබ් නම් කොටසට අවශ්‍ය විශේෂ විකිරණශීලී ද්‍රව්‍ය මෙරට තුළ නොමැති වීමය. එය සැකසීමටද මෙරට තුළ තවම පහසුකම් සලසා නොමැති අතර ඊට අවශ්‍ය තාක්‌ෂණය ද මෙරට නොමැත.

මෙම විශේෂිත විකිරණශීලී ද්‍රව්‍ය වනුයේ එෆ්. ඩී. ජී. නමැති රසායනිකය. ග්ලුකෝස්‌ වර්ගයක්‌ ලෙසින් ක්‍රියා කරන මෙම විශේෂිත විකිරණශීලී ද්‍රව්‍ය රෝගියාගේ දේහයට ඇතුල් කළ විට පිළිකා සෛල ඇත්නම් එකී විකිරණශීලී ද්‍රව්‍ය ඉතා වැඩි වශයෙන් පිළිකා සෛලය මෙන්ම එහි මවු සෛලය වටා ගොඩගැසේ. වර්ණවත් ආකාරයට ප්‍රදර්ශනය වීම තුළින් පිළිකා රෝගී තත්ත්වයක්‌ කලින් හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කළ හැකිය. පිළිකා සෛල විනාශ කිරීමේ අරමුණින් යුතුව එවිට ප්‍රතිකාර කිරීම පහසු තත්ත්වයකි.

එසේ නම් මේ වනවිට ජාතික රෝහලට සිදුව ඇත්තේ අලියා දුන්නාට හෙණ්‌ඩුව දී නැති ආකාරයේ තත්තවයකි. එනම් මෙම එෆ්. ඩී. ජී. රසායනිකය නොමැතිව ස්‌කෑන් යන්ත්‍රය ක්‍රියා කර විය නොහැක. එම රසායනිකය මෙරට නිෂ්පාදනය කළ නොහැකි නිසා එය ඉන්දියාවෙන් ගෙන්විය යුතුව තිබේ.

ඉක්‌මනින් ක්‌ෂය වීමට ලක්‌වන මෙම රසායනිකය ඉන්දියාවේ සිට ගුවනින් ගෙනැවිත් පසුව ගිලන් රථයක්‌ යොදා රෝහලට ගෙනැවිත් රෝගීන් හට ලබාදිය යුතුය. මෙවැනි එක්‌ තොගයක්‌ ගෙන්වීමට රුපියල් ලක්‌ෂ පහක්‌ පමණ වැය වන අතර එමගින් රෝගීන් දහදෙනකු හෝ දොළොස්‌ දෙනකු වෙනුවෙන් භාවිත කළ හැකි වේ.

මෙය ඇණවුම් කළ විගස මෙරටට ගෙන්වීමට නොහැකි වන අතර ඊට මාස 06 ක පමණ කාලයක්‌ බලා සිටිය යුතු බවද විකිරණ තාක්‌ෂණවේදීන්ගේ සංගමයේ අදහසය.

ඊට අමතරව මෙය මෙරට තුළ නිපදවීමට හැකි ඉන්ජෙක්‌ටර් ක්‍රමයක්‌ පවතී. ඒ සඳහා රුපියල් කෝටි දෙකහමාරක්‌ වැයවනු ඇත. එය අපට ක්‌ෂණිකවම ලබාගත හැකි බැවින් සුදුසුම ක්‍රමය ලෙස එය හැඳින්විය හැකි බවද ඔවුන්ගේ අදහසය.

කෙසේ වෙතත් පිළිකාවට ගොදුරු වන ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙමින් තිබියදී මිලියන 4500 ක ධනස්‌කන්ධයක්‌ද වැය කොට පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය හමස්‌ පෙට්‌ටියක දමා තබා වැඩක්‌ නොමැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එකී යන්ත්‍රයෙන් සියයට අනූපහක්‌ම පිළිකා රෝගී තත්ත්වය විනිශ්චය කරන බැවින් වෙනත් සී. ටී. ස්‌කෑන් පරීක්‌ෂණ වැනි දේවල් කිරීමට බලධාරීන් බලාපොරොත්තු වන්නේ නම් එයද ජාතියේ අනුවන කමකි.

ඊට අමතරව ජර්මනියේ නිෂ්පාදිත යන්ත්‍රය ගැන පුහුණුවීමට නම් ජර්මනියටම යා යුතු යෑයි කියා වෘත්තීය සමිති ද ඊට වැට බඳිමින් බලධාරීන්ද මේ සඳහා කල් මැරීම වහා නැවතිය යුතුව ඇත. මන්ද එම කල්මැරීම පිළිකා රෝගීන් මරණයට කැඳවීමක්‌ වන බැවින් අන්තර්ජාතික ප්‍රමිතීන්වලටම ස්‌ථාපිත කොට ඇති පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය මගින් වැඩ අරගෙන අපගේ පිළිකා රෝගීන් බේරා ගැනීමට යහපාලන ආණ්‌ඩුවද මීට වඩා ක්‍රියාශීලී විය යුතුය.

අන්තර්ජාලය ඇසුරෙනි.

About SirilakaNews

Check Also

039

ඉපැරණි මළ සිරුරක් ඉතාලියේ නාපොලියෙන් සොයාගැනේ! An ancient dead body found in Naples Italy.

මධ්‍ය කාලීන යුගයට අයත් ළමයකුගේ මමීකෘත මළ සිරුරේ මුහුණෙහි දක්නට ලැබුණු සලකුණු අනුව එය වසූරිය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *