මැතිවරණයේ අවසන් දින කිහිපයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට!
SirilakaNews
January 31, 2018
දේශපාලන
157 Views

මෙවර පළාත් පාළන මැතිවරණයේ අවසන් දින කිහිපයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට පත්ව ආණ්ඩුව මැතිවරණ වාසි ලබා ගැනීමේ සැලසුමක් පවතින බව විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
මැතිවරණය අවසන් වූ වහාම ඔහු නිදහස් කිරීමේ එකඟතාවය මත මෙම සැළසුම ක්‍රියාත්මක කරන බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදි මෙම තොරතුරු අණාවරනය විය.
එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රි ලංකා නිදහස් පක්යෙත් නායකයන් සහ යහපාලන රජය ගලවා ගැනීම සඳහා උපදෙස් දෙන සියලූම විද්වද් උපදේශකයනුත් එක්ව මෙම කුමන්ත්රණකාරී වැඩපිළිවල සකස් කර ඇති බවද සදහන් විය.
රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උප නායක කමින් ඉවත් කිරීමට කටයුතු කිරීම එම සැළැස්මේ පළමු පියවර ලෙස එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රීලනිපයේ මැතිවරණ උපක්‍රමය වී ඇති බව වැඩිදුරටත් සදහන් විය.
2018-01-31