Breaking News
Home / නිදහස් පන්හිද / මහනුවර නගරයේ භෞතික සංවර්ධනයේ කඩා වැටීම ගැන වාර්තා කිරීම වෙනුවෙන් මෙම ලිපිය ලියමි.

මහනුවර නගරයේ භෞතික සංවර්ධනයේ කඩා වැටීම ගැන වාර්තා කිරීම වෙනුවෙන් මෙම ලිපිය ලියමි.

139-Kandy_And_Sri_Lanka_Beaches-608838-Main-Kandy

KANDY CITY

kandy02

2018 ජනවාරි පලවෙනිදා, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දළදා මාලිගාව වැදපුදා ගත්තේය. 1978 ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්චේදයේ 10 වන වගනිතියට අනුව, ඕනෑම පුද්ගලයකුට, තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස හිමිය. ඒ අර්ථයෙන්, සිරිසේන මහතාට,තම ආගම ඇදහීම සහ ඒ සදහා අදාළ ස්ථාන වෙත ප්‍රවේශ වීමේ අයිතිය හිමිය.

ගැටළුව ඇත්තේ, ඔහු රටේ ජනාධිපතිවරයා ලෙස, තම පුද්ගලිකව පිළිගනු ලබන ආගම ඇදහීම වෙනුවෙන්, මහජන මුදලින් නඩත්තුවන වාහන සහ වෙනත් පහසුකම් භාවිත කිරීමය. භාවිතයෙන් නොනැවතී එතුමාගේ ආගමනය හේතුවන්, වැඩකරන ජනයාගේ නිදහසේ යාමේ නිදහස උල්ලංඝනය වීමය.

මෙතුමාගේ දළදා පුජෝපාර හේතුවෙන්, එතුමාට සැපලබා දීමට වැඩකරන කම්කරු ජනයා, තම රැකියා ස්ථාන වෙත ප්‍රවේශ වීමට නොහැකිව සදුදා දිනයේ විදි දුක කිසිවෙකුට නොපෙනුනේය.

මහනුවර යනු අවසාන රාජධානිය විය. එහි අවසන් රජු, නායක්කාර වංශික ශ්‍රී වික්‍රම රාජසිංහවේ. රාජධානි කරණය, බ්‍රිතාන්‍ය ජාතිකයන් වෙත පවරා, නායක්කාර වංශික රාජසිංහයන් මෙරටින් පිටිවහල් කිරීමෙන් පසු, මහනුවර, තවත් එක් සාමන්‍ය නගරයක් විය.

රොහාන් ගුණරත්න පවසන ආකාරයට, මහනුවර යනු මෙරට සංස්කෘතියේ අගනගරය සහ ශ්‍රී ලංකාවේ අලංකාර නගරයක් වේ. 1592 පළවෙනි විමලධර්මසුරිය විසින්, නගරය ප්‍රධාන පාලන ප්‍රදේශය බවට පත් කරගනු ලැබුවේ, කුසුමාසන දේවියගේ උරුමයට, නෛතිකව එක් වෙමිනි (Sri Lanka. Rohan Gunaratna, 2000).

මතකතබා ගතයුතුම කරුණ නම්, මහනුවර සිංහල- බෞද්ධ කරුමයක් නොවේ. දළදා මාලිගය තුල, දෙමළ සහ වෙනත් ජාතික සලකුණු වේ. රන් ආලේපිත, ඉදි කිරීම්, මෑත ඉතිහාසය තුල, සිංහල- බෞද්ධ ජන්ද වෙනුවෙන් විකුණුව ද, දළදා මාලිගය යනු, කාමසුඛල්ලිකානු රෝගය අත්හැර, නිර්වාණය උදෙසා, නේරංජනාවෙන් එතෙර වූ, පුද්ගලයකු ගේ දාතුවක් වෙනුවෙන් ගොඩ නැගුවකි.

සියලු කම් සැප අත්හරින ලද, එම ගෞතම බුදුන්ට නිගා දෙමින්, රන් සහ වෙනත් වටිනා දෑ නැවත- නැවත උත්සවාකාරයෙන් පිදීමට තරම්, මෙරට දේශපාලන බෞද්ධ අමෝඥයන් වී ඇත.

මහනුවර පිළිබද මේ කතාව එය නොවේ. “අපේ” ලෙස,සිංහල – බෞද්ධ සාසනේ යාචකයන් සහ පුද්ගලයන් බදා ගනු ලබන මෙම නගරයේ, භෞතික සංවර්ධනයේ කඩා වැටීම ගැන වාර්තා කිරීම වෙනුවෙන් මෙම ලිපිය ලියමි.

2000 සිටම මා, ද ඇතුළුව විශාල සංඛ්යාවක් භාවිත කළ සහ කරණ, මාර්ගයක් වුයේ, ගුඩ්ශේඩ්- බස් නැවතුමේ සිට, උඩපාර වෙත පැමිණීමට වන පඩි පෙළයි. එය, පාසල් සිසුන් සහ වෙනත් ජනයා නිරන්තරයෙන් භාවිතා කරනු ලබන, ප්‍රසිද්ධ කෙටි පාරකි.

2017 දෙසැම්බර් 31 වැනිදා වනවිට ද මෙම පඩි පෙළ, 2000 වසරේ වූ ආකාරයටම සහ එයට වඩා විශාල ලෙස පරිහානිකව පවතින ආකාරය මම අත් දුටුමි. පිරිමි, පඩිපෙළ දෙපස බිත්ති වෙත මහා දවාලේ ම මුත්‍රා කරයි. ඒ වට පිටාවේ වන කුල්- ස්පොට් හි අහාර, මිනිස් පරිභෝජනය වෙනුවෙන් විකුණයි. රතුපාට බුලත් කෙළ, කුල්- ස්පොට් හි, ඉදිරිපස මිදුල් මත අලේප කර ඇත. මේ කිසිත් නොතකා, පදිකයන් එම පඩි පෙළ බෑස යයි. කුල්-ස්පොට් වෙත පිවිස ආහාර මිලදී ගනු ලබයි.

ප.ච. රණවකගේ පර්යාවලෝකනයට අනුව, මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම, ක්‍රමෝපායික නගර සංවර්ධන සැලසුම තුල, රුපියල් මිලියන 580ක වියදමින්, ප්‍රවාහන මධ්‍යස්ථානයක් කිරීමට පොරොත්තුව සිටි. මෙම ව්‍යාපෘතිය 2018 ඇරඹිමට අපේක්‍ෂිත අතර, මෙමගින් මහනුවර නගරයේ වන ප්‍රවාහන ගැටලුව විසිදෙනු ඇතැයි උපකල්පනය කරයි.

නගරයේ පදික වෙළෙන්දන් ඉවත්කර, යුටෝපියානු සංවර්ධනයක් සිදු කිරීමට මම යෝජනා නොකරමි.

එහෙත්, වෙළදාම වෙනුවෙන් පොදු  පිරිසිදු ඉඩක් තිබිය යුතුය. කාන්තාවන්ට වැසිකිළි පහසුකම් නැත. ඒ වෙනුවෙන් රුපියල් 20ක් අයකර පවත්වාගෙන යන පෞද්ගලීකරණය කළ ජනතා කක්කුස්සිය ප්‍රමාණවත් ආලෝකය සහ ජලය සමඟ සනීපාරක්ෂක සහතික වූ ස්ථානයක් විය යුතුය. කක්කුස්සි ප්‍රශ්නය  සමස්ථ රත්නධිපයටම පොදුය. අනුරාධපුරේ අසූහාරදාහේ පහන්, පිච්ච මල් පුජාපවට යන උවැසි- උවැසියන්ගේ බර නිදහස් වන්නේ, කොහේ හෝ ස්ථුපයක් අසලය.

නැතිනම් කපුටු බෝ ගසක් අසලය. නැතිනම්, පානයට පවා ජලය ගනු ලබන වැව් ඉමකය. මෙහි උත්ප්‍රාසය නම්, ස්ථුප හෝ බෝ ගස්, වැසිකිලි කැසිකිලි සඳහා තෝරාගැනීමේ දී උවැසි- උවැසියන් යම් ප්‍රභූ න්‍යායක් අනුගමනය කිරීමය. එනම්, ප්‍රභූ පන්නයේ, මහා සෑ රජුන් සහ ඉන්දියාවෙන් ගෙනා බෝ රුක්, තම නැණ පමණින් තෝරා බේරාගෙන අතහැර, සිල්ලර ස්ථුප හෝ වෙනත් කුඩා ස්ථාන, ශරීර බර නිදහස් කරගැනීම වෙනුවෙන් භාවිතා කිරීමය. නමුත්, දළදා මාලිගා පරිශ්‍රයේ අදටත්, කුඩා දරුවන් පැත්තකට රැගෙන ගොස්, බර නිදහස් කරනු ලබන නෙලුම්මල් වට්ටියක් අතින් ගත් දෙමාපියන් නැතුවා නොවේ.

 මහනුවර කොළඹ යනු අමතක කළ නොහැකිම ගමන් මාර්ගයකි. මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියෙන් පාලනය වන කොලඹ- මහනුවර වායුසමනය කළ නගරාන්තර බස් සේවාව, විධිමත්ව ක්‍රියා නොකරයි.

අවම වශයෙන්, මගී ජනයාට පෝලිමේ සිටගෙන සිටිය හැකි භූමියක් හෝ එම සේවාව සපයන ස්ථනයේ නොමැත. එසේම, බස්රථ වෙලා දර්ශකයන් ගෙන්, බස් රථ කාල සටහන පිලිබඳ නිවැරදි තොරතුරු ලබා ගත නොහැකිය.

එසේම ඔවුන්ගේ වචනය, දේව වචනය වේ. මම බස් රථ ධාවනයේ වන අකාර්යක්ෂමතාව දැනුම් දීමට,  දුරකථන ක්‍රියාකරු දන්වා සිටියේ, මාර්ගස්ථ කොමසාරිස්තුමා, ගැටලුව සම්බන්දයෙන් දැනුවත් කරන ලෙසය. එහෙත් කොමසාරිස්තුමා කිසිදිනක දුරකථනයට පිළිතුරු නොදුන් අතර,, මෙය බස් හිමියන්ගේ ආධිපත්‍යතුල වන ගැහැටය.

එසේනම් කළ යුත්තේ, එම බස් හිමියාගේ, බල පත්‍රය අවලංගු කිරීමය සහ එය සේවාව සැපයීමේ හැකියාවක් සහිත වෙනත් පුද්ගලයකු වෙත එය ලබා දීමය. බස් රථ රියදුරන් සහ සහායකයන් පවසන්නේ , කොළඹ පැමිණි පසු තමන් හට මුහුණ සෝදා, නිදහසේ හුස්මක් ගැනීමට වත් තැනක්‌ නොමැති බවය.

මෙගා- නගර සැදීමේ දී මෙම දුර ගමන් සේවා සපයන වෘත්තීකයන්ගේ මුලික අයිතීන් සුරැකීමේ පරිසරයක් නිර්මාණය වෙනුවෙන් ද අවධානය යොමු කළ යුතුය.

මේ කතාව මහනුවර නගරය  සමඟ සමබන්ධ වන්නේ, අප, අපගේ අවශ්‍යතාවන් සහ මුලික කරුණු නිරන්තරයෙන් අමතක කර, අතුරු කතාවන් වෙත මුල් තැන දීම පෙන්වා දීමටය. එනම්, මහනුවර නගරයක් ලෙස සංවර්ධනය විය යුතු බව අමතක කර, අප එයට එෛතිහාසික සහ ආගමික වටිනකාමක් ලබා දී, රටේ කාගේත් සොබනියක් කර ඇත. මහනුවර නගරෙයේ මුලික අවශ්‍යතාවත්, පියාගෙන් උරුම දේශපාලනය සහිත නගරාධිපති පුත්‍රයාට සම්පාදනය කරගත නොහැකි විය. එහි ප්‍රතිපලය වුයේ, සැලසුම් නොමැති විකලාංග නගරයක් ඇතිවීම සහ එය ජනයාගේ දෛනික ජීවිතය අකර්මන්‍ය කිරීමය. එය විසදීමට දැන් කාලය එලඹ ඇත.

මුලාශ්‍ර අන්තර්ජාලයෙනි.

About SirilakaNews

Check Also

Untitled-2

ගැටුමකින් තොරව රටක් ගෙන යාම. Moving a country without a confrontation

වර්තමාන සමාජයේ බොහෝ ගැටලුවලට හේතුවන මිනිසා ආධ්‍යාත්මිකව දුප්පතුන්වීමය. කුස පිළිසිඳගත්දා සිට දරුවා පිළිගැනීම අත්දකී. පිළිසිඳගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *