Breaking News
Home / ප්‍රධාන පුවත් / බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව තහවුරු වූ තැනැත්තන් 30 දෙනෙකුගේ නම් පාර්ලිමේන්තුවේදී හෙලි කිරිමට සුදානම් වෙයි!

බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව තහවුරු වූ තැනැත්තන් 30 දෙනෙකුගේ නම් පාර්ලිමේන්තුවේදී හෙලි කිරිමට සුදානම් වෙයි!

                     1462170854fe392f78a62c6fc460cf8c2a182b395f_XL                                                                         

මහබැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව තහවුරු වූ තැනැත්තන් 30 දෙනෙකුගේ පමණ නම් ගම් ඇතුළත්යැයි ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

එම නම් 30 අතර එකසත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ගණනාවකගේ නම්ද ඇතුළත් යැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

මහ බැංකුවේ සහ සේවක අර්ථසාධක අරමුදලේ වගකිවයුත්තන් ගණනාවක් සම්බන්ධයෙන්ද එහි සඳහන් වන බව කියැවේ.

මෙහි සවිස්තර තොරතුරු ඇතුළත් බැඳුම්කර වාර්තාවේ පිටපත් 26ක් තවත් සතියකින් මැතිසබයට ඉදිරිපත් කිරීම සඳහා දැනට මුද්‍රණ කටයුතු සිදුකෙරෙමින් ඇතැයි දැනගන්නට තිබේ.

About SirilakaNews

Check Also

Untitled-2

රට අසීරු ආර්ථික අර්බුදයක! The country is in a difficult economic crisis

ඉදිරී වර්ෂයේදී අත්‍ය අවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් රටතුල ඇති වෙමින් පවතින බවට ආර්ථික ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *