Breaking News
Home / දේශපාලන / බැදුම්කර කොමිසමේ පාර්ලිමේන්තු කැදවීම පිටුපස අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය!

බැදුම්කර කොමිසමේ පාර්ලිමේන්තු කැදවීම පිටුපස අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය!

 prime-minister-ranil-wickramasinghe-parliament-speech-video

බැදුකර විමර්ශණ ජනාධිපති කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන වහා පාර්ලිමේන්තුව කැදවා විවාදයක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණත් ඒකාබද්ධ විපක්ෂයත් කල ඉල්ලීමට ආණඩුව කල්යල් බලමින් හිද අගමැතිවරයා විසින් ඊට අවනත වු විලාසයක් පෙන්වා ඔහු විසින් සිය තනතුරු ප්‍රකාරව කතානායකවරයා වෙත පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලා සිටීමෙන් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් තවදුරටත් ඔහු කෙරෙහි තිබු සැකය බාලකර ගැනිමටත් තම පක්ෂයේ සාමාජිකයින්ට උත්තේජනයක් ලබාදිමටත් හැකියාව ලද අතර සිදුවීමට නියමිත දේ පිළිබද සුවිශාල උනන්දුවක් රට වැසියා තුල ඇතිකිරිමට සමත් වු බවද සදහාන් කල හැක.

එහෙත් විවාදයට පෙර පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වෙත බැදුම්කර ජනාධිපති කොමිෂමේ වාර්තා පිටපත් ලබාදිමට කතානායකවරයා රජකාරිමය වශයෙන්ද සදාචාරාත්මක වශයෙන්ද යුතුකමක් වශයෙන්ද බැදි සිටි නමුත් අදාල කොමිෂන් වාර්තාව ජනාධිපති කාර්යාලයෙන් පාර්ලිමේන්තුව වෙත ගෙන්වා ගැනීමේ සිය  වගකිම කතානායකවරයා පැහැරහැර තිබූ අතර ඊට සාපෙක්ෂව ජනතා මුදලින් රෑස්වන පාර්ලිමේන්තුව අදාල විවාදයට මුලීක වු කරුණු වලින් බැහැරව ගුටි බැට හුවමාරුවකින් නිමාවීම මෙරට ජනතාවගේ කරුමයක්ද නො එසේනම් හරිහැටි වගකිමක් නොමැති පිරිසක් තම නියොජිතයන් වශයෙන් තොරා ගැනිමේ විපාකයක්ද යන්න ජනතාව විසින්ම තෙරුම්ගත යුතුය.

පැවැත්විමට යොජිත පලාත් පාළන මතිවරණයේදි බැදුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව හරහා හොම්බ බිම ඇනී සිටින එක්සත් ජාතික පක්ෂය ඉන් මුදවා ගැනීම සදහා එම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ උපක්‍රම සහ ඉන්ද්‍රකීලයන් රට හමුවේ මවා පාමින් සිටින අතර ඔහු වෙත එල්ලවන බදුම්කර චෝදනාව හමුවේ උදාසීනත්වයට පත්වී ඇති පක්ෂ සාමජිකත්වය තුල උත්තේජනයක් ඇති කිරිමේ අභිලාශයෙන් විපක්ෂයේ හඩට කන්දී පාර්ලිමේන්තුව කැදවා උක්ත ජනාධිපති විමර්ශණ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක මුවාවි සුපුරුදු සිය විශේෂ ප්‍රකාශණ රංගණයේ යෙදිමට ඔහු මෙවරද උත්සහ ගත් බවක් රටට ප්‍රදර්ශණය විය.

එහිදී විපක්ෂයේ මංත්‍රිවරුන්ගේ හැසිරීමද විවේචනාත්මක බව සහ ජනතාවගේ පරිශුද්ධ වු ප්‍රජාතන්ත්‍රවාදී අයිත්වසිකම උල්ලංගණය කිරිමක් බව මෙන්ම වගකිමෙන් තොර හැසිරිමක් රටේ ජනතාව නිදර්ශණය විමද විශේෂිතය.

කෙසේ නමුත් අගමැතිවරයා ලෙස රටේ ව්‍යවස්ථාදායකය තුල සුවිශේෂ වගකිව යුතු නිළයක් දරණ රනිල් වික්‍රමසිංහ මහතාගේ  හැසිරීමද ඉතාම බාළ තත්වයට ඇදවැටි තිබෙනු රටටම දක්නට ලැබිම පිළිබද පක්ෂ පාට බේදයෙන් තොරව සමස්ථ රටවැසියාම ලැජ්ජාවටත් කනගාටුවටත් පත්වු බව නොකිය මනාය.

විපක්ෂයද ආණ්ඩු පක්ෂයද  හොරුන් වංචනිකයින් ලෙස දෙපිරිසටම චෝදනා කර ගනිද්දී රටේ ජනතාවට කරකියා ගන්නට දෙයක් නැතිව ඒ දෙස බලාසිටින්නට සිදුවිම ඉතාම අභාග්‍ය සම්පන්න අනාගතයක පෙර නිමිතික් ලෙස ඊට අනුගත වන තොරතුරු බුද්ධියට ඉගි දනවන බව සදහන් කල යුතුය.

පාර්ලිමේන්තුව කැදවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි පරම අයිතිය සුරකිමේ වගකිමෙන් බැහැරව ආන්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද ඉතා බරපතල ලෙස එම සුද්ධ අයිතිය උල්ලංගණය කරමින් දෙපිරිසම ඔවුනොවුන්ට සොරුන් වංචාකාරයින් යැයි චෝදනා කර ගැනීම රටේ අනාගතය පිළිබද ජනතාව හමුවේ මවාපාන චිත්‍රය එතරම් විචිත්‍ර නොවන බව මෙරටේ ජනතාවට තෙරුම් නොයාම විවාදාත්මක මුත් ඉතා ඉක්මනින් විසදාගත යුතු බොහෝ කරුණු එකී ව්‍යාධිය හරහා අර්ථ ගැන්වෙන බව මේවන් සොරුන්ද වංචනිකයින්ද අපව පාළනය කලේ කරන්නේ යන්න රට ආර්ථිකමය සහ සමාජීය වශයෙන් කඩාවැටෙන හෙට දිනයේදි විසදුම විරහිතවම වටහාගනු නොඅනුමානය.

About SirilakaNews

Check Also

Untitled-1

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැතිවරණ නීති උල්ලංගණය කරයි!

  පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *