Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / පාපන්දු ක්‍රීඩකයකු ලයිබීරියාවේ ජනාධිපති ධුරයට!

පාපන්දු ක්‍රීඩකයකු ලයිබීරියාවේ ජනාධිපති ධුරයට!

george-weah

download (1)

හිටපු පාපන්දු ශූරයකු වන අප්‍රිකානු ජාතික ජෝඡ් වේ ලයිබීරියාවේ ජනාධිපතිවරණයෙන් 61.5% ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගනිමින් ජනාධිපති ධුරය සඳහා තේරී පත්වී තිබේ. ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයකු ජනාධිපති ධුරයට පත්වූ ලොව පළමු අවස්‌ථාව ලෙසද මෙය ලෙස සඳහන් වේ.

 ජෝඡ් වේ සිය ක්‍රීඩා දිවියේදී චෙල්සී, මැන්චෙස්‌ටර් සහ මිලාන් යන පාපන්දු කණ්‌ඩායම්ද නියෝජනය කර තිබේ. වසර 18 ක්‌ ජාතික පාපන්දු කණ්‌ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ජෝæ වේ 2003 දී වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට සමුදී තිබේ. අනතුරුව ඔහු දේශපාලනයට පිවිස ලයිබීරියාවේ පාර්ලිමේන්තුවටද තේරී පත්විය.

51 හැවිරිදි වියේ පසුවන ජෝඡ් වේ ජනාධිපති ධුරයට පත්වීමෙන් එරට වෙසෙන මිලියන 4.1 ක ජනතාවට අලූත් බලාපොරොත්තු තබා ගත හැකි බව එරට තරුණ තරුණියන් බහුතරයකගේ මතය වී තිබේ. 1995 දී ලොව හොඳම පාපන්දු ක්‍රීඩ කයා වශයෙන් සම්මාන ලැබීමටද ජෝඡ් වේ සමත්ව තිබේ.

About SirilakaNews

Check Also

donald-trump-traite-kim-jong-un-de-fou-qui-lui-retorque

කිම් සහ ට්‍රම්ප් අතර සාකච්ජාවට ඇමරිකාව මාවතක් සොයයි! The US is looking for a roadmap to deal with Kim and Tamp

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නායක කිම් ජොන්ග් අන් අතර යෝජිත සාකච්ඡාව සඳහා සූදානම් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *