Breaking News
Home / පුවත් / දිවයින පුරා රෝහල්වලට රුධිරය අවශ්‍ය වෙයි!

දිවයින පුරා රෝහල්වලට රුධිරය අවශ්‍ය වෙයි!

Untitled-2

ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදී ම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ සෑම වසරක ම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිරය පරිත්‍යාග කිරීම ද අවම වන බවයි. එම නිසා රුධිරය හිඟයක් ඇතිවිය හැකි බැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් කඩිනමින් රුධිරය පරිත්‍යාග කර ගැනීමට සිදුව ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එම නිසා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ලඟම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිරය පරිත්‍යාග කරන ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

About SirilakaNews

Check Also

1519017862_629131_hirunews_ad

පාර්ලිමේන්තුව තුල කැමරා පටිගතවීම් බැලිමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලයි! Police seek permission from court to view camera shots in parliament

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රිවරුන්ට පහර දීම හා මරණිය තර්ජනය කිරිම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *