Breaking News
Home / පුවත් / ජිවත් වෙන්න බලාපොරොත්තුවක් දෙන්න! ගලේවල අසරණ මවක් සිය දියණිය සමග ඔබෙන් අයදී.

ජිවත් වෙන්න බලාපොරොත්තුවක් දෙන්න! ගලේවල අසරණ මවක් සිය දියණිය සමග ඔබෙන් අයදී.

p13-2

ඇයගේ සැමියා වකුගඩු රෝගය වැළඳී මීට වසරකට පෙර මියගොස්‌ ඇත. දහසකුත් එකක්‌ අගහිඟකම් මැද්දේ 16 හැවිරිදි තම එකම දියණිය සමඟ මේ මව කටුමැටි ගෙයක ජීවිතය ජය ගැනීමේ අරගලයක යෙදී සිටින්නීය. කුමන බාධක පැමිණියත් තම දියණියට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදීම මේ මවගේ එකම අරමුණයි. ඇය ගලේවෙල අලුත්වැව ගමේ පදිංචි ඡේ. ඒ. ඩී. චාන්දනී ජයලත් (53) යන අයයි.

ඇය අප සමඟ මෙසේ පැවසුවාය. “සැමියා මියගිය පසු මමත් දුවත් ජීවත් වන්නේ අමාරුවෙන්. දුව මේ වසරේ අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. මෙතෙක්‌ කල් මම කුලී වැඩ කර ජීවත් වුවත් වැටිලා අතක්‌ පණ නැති වීම නිසා ඒ ආදායමත් දැන් නෑ. මගේ පපුවේ සිදුරක්‌ තිබෙනවා. ඊට ප්‍රතිකාර ගැනීමට කුරුණෑගල රෝහලට යැමට අවශ්‍යයි. මුදල් නැති නිසා ප්‍රතිකාර ලබන්නේ නෑ. ඒ නිසා දුව අමතර පන්ති යන්නෙත් නෑ. අපිට ලැබෙන එකම ආදායම සමෘද්ධියෙන් ලැබෙන 2500 පමණයි.

පසුගිය දිනක ගලේවෙල පොලිස්‌ නිලධාරීන් කිහිපදෙනෙක්‌ පැමිණ දුවට පාසල් උපකරණ කීපයක්‌ තෑගි දී ගියා. ඒ මහත්වරුන්ට ගොඩක්‌ පිං මගේ දුව පාසල් යන්නේ කිලෝමීටර් 2 ක්‌ පමණ දුර කැලෑ පාරක්‌ ඔස්‌සේ. ඒ නිසා මම ඇයගේ තනියට යනවා. මගේ අනාගත බලාපොරොත්තුව මේ දුක්‌ කරදර මැද වුවත් දුවට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදී යහපත් පුරවැසියෙකු කිරීමයි. මගේ අසනීප තත්ත්වය ඒ සඳහා කෙසේ ප්‍රතිචාර දක්‌වයිද කියා කිව නොහැකියි. අපේ දුක්‌බර ජීවිතය ජය ගැනීම සඳහා ඔබට දායක විය හැකි නම් ලොකු පිනක්‌” යෑයි දෙනෙතට නැගුණු කඳුළු පිසදමමින් ඇය පැවසුවාය.

ඇගේ ගිණුම් අංකය 79748587 ලංකා බැංකුව ගලේවෙල. ඇගේ අක්‌කාගේ සැමියා වන අජන්ත සමරවීරගේ ජංගම දුරකථන අංක 077-4128592 න් වැඩි විස්‌තර දැන ගත හැකිය.

 

කාරුණික ඔබගේ සියළුම උපකාර – ඡේ. ඒ. ඩී. චාන්දනී ජයලත් ගිණුම් අංකය  79748587  ලංකා බැංකුව ගලේවෙල.

About SirilakaNews

Check Also

1519017862_629131_hirunews_ad

පාර්ලිමේන්තුව තුල කැමරා පටිගතවීම් බැලිමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලයි! Police seek permission from court to view camera shots in parliament

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රිවරුන්ට පහර දීම හා මරණිය තර්ජනය කිරිම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *