Breaking News
Home / පුවත් / උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ සයිටම් ප්‍රකාශය වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරයි!

උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ සයිටම් ප්‍රකාශය වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරයි!

 Untitled-2

සති පහක සායනික පුහුණුවකින් පසුව සයිටම් සිසුන් වෛද්‍යවරුන් ලෙස පිළිගැනීමට වෛද්‍ය සභාව එකඟ වූ බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඉකුත් දා කොළඹ පැවැති උපාධි ප්‍රදානෝත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසූ අතර වෛද්‍ය සභාව එකඟ වූ පරිදි සති පහක සායනික පුහුණුවකින් අනතුරුව සයිටම් සිසුන්ද රජයේ වෛද්‍ය පීඨවල සිසුන් හා සමාන වන බවද අමාත්‍යවරයා පවසා තිබිණි.
තම කාලයෙන් මාස අටක් අහිමි කරගෙන රජයේ වෛද්‍ය පීඨ සිසුන් පන්ති වර්ජනයේ නියැළුණද, සති කිහිපයක පුහුණුවකින් පසු සයිටම් උපාධිය පිළිගන්නා නිසා පරාජිතයන් වන්නේ වෙන කිසිවකුත් නොව වෛද්‍ය පීඨ සිසුන්ම බවද අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

කෙසේ නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේප කොට තිබිණි. වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරි ටෙරන්ස් ද සිල්වා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසන්නේ මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ නිල එකඟතාවකට වෛද්‍ය සභාව එළැඹී නොමැති බවයි.

මේ පිළිබඳව මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැවැසුවේ වෛද්‍ය සභාවේ තීරණයේ හදිසි වෙනස පිටුපස දේශපාලන හස්තයක් ඇති බවයි. වෛද්‍ය සභාව දේශපාලන අතකොලුවක් බවට පත් කර ගැනීමේ නින්දිත ක්‍රියාව නතර කළ යුතු බවද හෙතෙම තවදුරටත් අවධාරණය කරයි.

About SirilakaNews

Check Also

Untitled-1jgjgcg

අයි ෆෝන් තාක්ෂණය සොරකම් කිරිමේ වරදට සැම්සුන් සමාගමට දඩුවම්! Samsung penalized for stealing iPhone technology

      iPhone ජංගම දුරකතනයේ මුල් පිටපතෙහි ඇතුළත් අංග අනුකරණය කිරීමේ චෝදනාව මත ‘ඇපල්’ සමාගමට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *