Breaking News
Home / කලා / අහස් ගව්වෙන් ආ ආදරණීය කළං!

අහස් ගව්වෙන් ආ ආදරණීය කළං!

thumb500_Amarasiri_03Amarasiri Kalansuriya

thumb500_Amarasiri_02

kalan1

සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක්‌ කළා…

මෙරට 70 දශකය ඇරැඹෙන්නේ ලාංකීය සමාජ, දේශපාලන, සංස්‌කෘතික පුපුරා යැමත් සමඟය. පීඩිත ග්‍රාමීය, නාගරික තාරුණ්‍යය පුපුරු ගසන සමාජ ගැටලු රැසකින් පීඩිතව සමාජ අභ්‍යන්තරයේ කැළැඹිමින් තිබිණ. 70 දශකය අග භාගයේ මෙම සමාජ ව්‍යසනය ඉවෙන් මෙන් වටහා ගත් තරුණ සිනමාකරුවන් කිහිපදෙනකු සුවිශේෂී දායාදයන් රැසක්‌ ලාංකීය සිනමා ක්‍ෂේත්‍රයට දායාද කරමින් සිය අනන්‍යතාව තහවුරු කර ගැනීමට සමත් වූහ. සමාජ අරගලයේම ප්‍රකාශනයන් ලෙස රංගන අභ්‍යාසයක නිරත වූ විශිෂ්ට රංගනවේදීන් පිරිසක්‌ බිහිවීම ඊට සමගාමීව සිදු විය. 70 දශකය ආරම්භයත් සමඟම තිරගත වූ සුගතපාල සෙනරත් යාපාගේ “හන්තානේ කතාව” මෙකී රංගනවේදීන්ගේ තෝතැන්න බවට පත් විය. එතෙක්‌ පැමිණි සිනමාවේ ගමන් මග නව දිශානතියකට යොමු කරමින් ලාංකීය සිනමා ක්‍ෂේත්‍රය ස්‌වර්ණමය යුගයක්‌ කරා රැගෙන යැමට ඔවුහු සමත් වූහ. ඒ අතරින් ඩෙනිම් කලිසමත්, භාගයට බොත්තම් දැමූ කමිසයත්, නොපීරූ කෙස්‌ කළඹත් සමගින් සමාජ අරගලයේ නිරූපණය බවට පත්වූ අමරසිරි කලංසූරියට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. මේ සංක්‍ෂිප්ත සටහන ඔහු වෙනුවෙනි.

කලංසූරිය µeන්සිස්‌ අප්පුහාමි සහ බෙංගමුව ආරච්චිගේ පොඩිහාමිනේට දාව 1940 සැප්තැම්බර් 20 වැනි දින සිවු දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙස අමරසිරි කලංසූරිය උපත ලැබීය. මහනුවර බහිරව කන්ද කලංසූරියගේ උපන් ග්‍රාමය ලෙස සඳහන්ය. බහිරව කන්දෙන් කිරිබත්කුඹුරට සේන්දුවන කලංසූරිය කිරිබත්කුඹුර ස්‌වර්ණජෝති විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදැරීය. අනතුරුව ශාන්ත ක්‍රිස්‌ටෝපර් ඉංගී්‍රසි පාසලත්a මහනුවර ධර්මරාජයත් කලංසූරියගේ තක්‌සලාවන් බවට පත් විය. කිසිදු අග හිඟයක්‌ නොතිබුණු අමරසිරිලාගේ කැණිමඬල ඔහුගේ මවගේ අකල් වියෝවත් සමඟ දෙදරා යන්නට විය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 6 ක්‌ පමණ විය. අනතුරුව දරුවන් බලා ගැනීමේ අසීරු කටයුත්ත හේතුවෙන් ඔවුන්ගේ පවුලට පුංචි අම්මා කෙනෙකු එක්‌ විය. ඇය මවක සේම කිසිදු වෙනසකින් තොරව ඔවුන්ට ආදරය, සෙනෙහස ලබා දුන්නාය.

කෙසේ වෙතත් මවගේ අකල් වියෝව නිසාමදොa කලංසූරියගේ පාසල් දිවිය දැඩි දඩබ්බර විලාසයෙන් ගෙවී යන්නට විය. කිසිවක්‌ කලින් දැනුම් දී පැමිණෙන්නේද නැත. එසේම කිසිවකු කලින් කියා නික්‌ම යන්නේද නැත යන්න පසක්‌ කරමින් කලංසූරියගේ පවුලේ කඩා වැටීමද ඒ අයුරින් සිදු වන්නට විය. මේ අතරතුර සියල්ල දෙපා මුල කඩා වැටී සිටි අමරසිරිට යම් අස්‌වැසිල්ලක්‌ ලද ලිපියක්‌ ලැබිණි. උහන කච්ෙච්රියට රජයේ ලිපිකරු පත්වීමක්‌ යන්න එහි සඳහන්ව තිබිණි. ඒ අනුව බලාපොරොත්තු සහගතව එහි යන අමරසිරි ආපසු පැමිණෙන්නේ තමන්ට ඉතිරිව තිබූ මහානාර්ඝ ධනය ලෙස සැලකූ අධ්‍යාපන සහතික පත්ද අහිමි කර ගනිමිනි. පසුව සියලු දුක්‌ ගැහැට නිමා කිරීමේ එකම මාර්ගය යුද හමුදාවට බැඳීම යෑයි තීරණය කළ කලංසූරිය එකල ධර්මරාජයේ කැඩෙට්‌ ඉගැන්වූ ගුරුවරයාට පිංසිදුවන්නට එම කඩඉම ජය ගන්නට සමත් විය. යාපනයේ පලාලි යුද හමුදා කඳවුර ආසන්නයේ වූ නිවසක සිටි දෙමළ තරුණියක වූ නීලම් රාතීගේ පළමු ප්‍රේම ප්‍රකාශනය අමරසිරි සොයා එන්නෙ මේ අතරතුරය. කාලයත් සමඟ මෙම ප්‍රේමය දළුලා වැඩෙන්නට විය. වැඩි දවසක්‌ යන්නට මත්තෙන් පලාලි යුද හමුදා කඳවුරේ සියල්ලෝම දන්නා ප්‍රසිද්ධ රහසක්‌ බවට අමරසිරිගේ ප්‍රේමය පත්ව තිබිණ. කෙසේ වෙතත් ඉතාමත් දුෂ්aකර හමුදා කඳවුරක්‌ වූ නාග කෝවිල් කඳවුර වෙත නොසිතු ලෙස කලංසූරියට ස්‌ථාන මාරුවක්‌ ලැබෙන්නේ රාජකාරියට බාධා වන අයුරින් ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන යැමේ වරදට දඬුවමක්‌ වශයෙනි. එය ඉතා දුෂ්කර කාර්යයක්‌ වූ හෙයින් පඩි රහිත අසනීප නිවාඩු ලබා පැමිණෙන කලංසූරිය යළි හමුදාවට නොයන්නට තීරණය කළේය.

ආපසු මහනුවර වෙත පලා එන කලංසූරියට යළිත් උපකාරයට එන්නේ ඔහුගේ පාසල් මිත්‍රයෙකි. එහිදී ඔහුගේ ජීවිතය වෙනස්‌ කිරීමට සමත් වන්නේ මිලිමීටර් 16 සෙලියුලොයිඩ් පටල තොගයකි. අමරසිරි එකල රැකියාව වශයෙන් සේවය කළ මහනුවර පිහිටි මල්ලිකා ඡායාරූප ශාලාවේ පසෙක දමා තිබූ එම මිලිමීටර් 16 වර්ගයේ පටල පට තොගය එහි අයිතිකරුගෙන් ඉල්ලාගෙන ඔහුගේ මිත්‍රයකු වූ රංජිත් පෙරේරාට ලබාදෙන්නට විය. එය ඔහුගේ ජීවිතය නොදන්නා ඉසව්වකට තල්ලු කර දැමීමට සමත් සිදු වීමක්‌ වනු ඇතැයි කලංසූරිය කිසිදා නොසිතන්නට ඇත.

අමරසිරි නම් තරුණයා 70 දශකය ආසන්aනයේ සිය ජීවිතයේ අඳුරුපට ඉරා දැමීමට තීරණය කරනුයේ ඔහු ඇති කර ගත් ගැටුමක්‌ හේතුවෙන් එතෙක්‌ රැකියාව කළ මල්ලිකා ඡායාරූප ශාලාවෙන් එළියට බැසීමට සිදු වීමත් සමඟය. ඉන් අනතුරුව සීතල නුවරඑළියට ගොස්‌ විදේශිකයන්ගෙන් බෙල් ඇඳුම් ලබාගෙන පිරිසිදු කර යළි අලෙවි කිරීම අරඹන්නේ ඡායාරූප ශාලා හිමිකරු ලබාදුන් සුළු මුදලකිනි. බෙල් කලිසම් තුනකින් ඇරැඹි කලංගේ රෙදි ව්‍යාපාරය ඔහුව ජීවිතයේ බොහෝ දුරක්‌ රැගෙන යැමට සමත් විය. කඩපිල්වල රාත්‍රිය ගත කළ කලං රෙදි වෙළ¹මෙන් ලද ආදායමෙන් මහනුවර වඩුගොඩපිටිය වීදියෙන් තමන්ටම කියා කුඩා කඩ කාමරයක්‌ මිලදී ගත්තේය. එහි එක බිත්තියක සිය උතුරා යන සතුට සටහන් කළේ MY INN (මගේ නවාතැන) යනුවෙනි. ඉන් නොනැවතුන කලංසූරිය මහනුවර කටුගස්‌තොටත් පේරාදෙණියේත් කඩ කාමර මිලට ගනිමින් තම නිමි ඇඳුම් ව්‍යාපාරයේ නිම් වළලු පුළුල් කිරීමට සමත් විය.

1965 වර්ෂයේදී නිර්මාණය වූ “හන්තානේ කතාව” සඳහා එහි අධ්‍යක්‌ෂ සුගතපාල සෙනරත් යාපා නළු නිළියන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‌ෂණයක්‌ පැවැත්වීය. ඒ වනවිට සිනමාව කෙරේ දැඩි ඇල්මකින් සිටි කලංසූරියට එය සතුටු දායක ආරංචියක්‌ම විය. ඒ අනුව සම්මුඛ පරීක්‌ෂණයට සහභාගි වන කලංට ලිපියක්‌ මාර්ගයෙන් අධ්‍යක්‌ෂවරුන්ගේ අදහස ඉදිරි දිනකදී දැන ගැනීමට හැකි වන බවට ඔවුන් ප්‍රකාශ කෙරිණි. ඒ අනුව නැවතත් සුපුරුදු නිමි ඇඳුම් ව්‍යාපාරයේ නියෑළෙන කලංට දින කිහිපයකින් තම ජීවිතය විසල් පරිවර්තනයකට ලක්‌ කළ එම ලිපිය ලැබිණි. ‘හන්තානේ කතාව සඳහා ඔබ තෝරාගෙන ඇත’ යන්න එහි සඳහන්ව තිබිණි. කලං මුල් කාලීනව රැකියාව කළ මල්ලිකා ඡායාරූප ශාලාවට නිතර ආගිය සුගතපාල සෙනරත් යාපා එකල තරුණ සමාජ අරගලය නිරූපණය කරමින් සිටි කලංසූරිය ගේ ඉරියව් හොඳින් අධ්‍යයනය කරමින් කලං පිළිබඳ අවධානයෙන් පසුවීම ඔහු “හන්තානේ කතාව” සඳහා තෝරා ගැනීමට ප්‍රධානම සාධකය බවට පත් විය. ඒ අනුව “හන්තානේ කතාව” හරහා කලංසූරියගේ සිනමා ආගමනය සිදු විය. එය ඔහුගේ ජීවිතයේ ලද මහඟු අවස්‌ථාවක්‌ ලෙස කලං සෑම විටම සිහිපත් කරන්නේය.

අමරසිරි කලංසූරියගේ මතක රාජධානිය වන මහනුවර නගරයේ ගහකොළ පමණක්‌ නොව වැලි කැටයන් පවා අමරසිරිගේ දෙපා හඳුනන තරමට ඔහු තරුණ අවධියේ ඇවිද තිබිණ. එකල වඩුගොඩපිටියේ අමරසිරිගේ “මයි ඉන්” රෙදි සාප්පුවත් පේරාදෙණිය සරසවි බිමත් අතර එක පාරක්‌ වැටී තිබිණි. ඒ සරසවි වරම් ලබා පේරාදෙණියට ඇතුළත්ව සිටි අජන්තා ඒකනායක සිය යෙහෙළියන්ද සමඟ කලංසූරියගේ රෙදි සාප්පුවට පැමිණීමේ ගමන් මගය. ඒ වනවිට “හන්තානේ කතාව” චිත්‍රපටයේ රඟපෑම නිසා කලංසූරිය පිළිබඳව තරුණියන් අතර ජනප්‍රියත්වයක්‌ ගොඩනැඟී තිබීම එයට හේතු සාධක විය. යෙහෙළියන් සමඟ තම සාප්පුවට පැමිණ පසෙකට වී සිටින අජන්තා පිළිබඳව කලංගේ සිත තුළ යම් පැහැදීමක්‌ ඇති විය. මේ අයුරින් ඔවුන් තුළින් මෝරා නැඟුණු මිත්‍රත්වය නිතර දෙවේලේ අජන්තා බැලීමට පේරාදෙණි සරසවියට යන ගමනක්‌ දක්‌වා දිගු විය. ඒ අනුව අජන්තා ඒකනායක කලංගේ ජීවන සහකාරිය බවට පත් විය.

” කලක්‌ ඇවෑමෙන් පෙරුම් පුරා…..
මා සිටියා මඟ දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක්‌ කළා…..”

එහෙත් කිසිදු අවස්‌ථාවක කලංසූරියගේ ජීවිතයට හැල්මෙන් ගලා යන්නට ඉඩ ලැබුණේ නැත. 1971 වනවිට 70 දශකයේ තරුණ සිනමාකරුවන් ඉවෙන්මෙන් දැන සිටි සමාජ පුපුරා යැම සිදු වී තිබිණ. ඒ ගින්නෙන් දැවෙමින් සිටියදී යුද හමුදාවෙන් පලා ආ සියලු දෙනාට යළි සිහි කැඳවීම් ලිපි ලැබිණි. කලංසූරියද නීත්‍යනුකූල ලෙස හමුදා සේවයෙන් ඉවත්ව නොසිටීම හේතුවෙන් යළි හමුදා සේවයට යැමට සිදු විය. එහිදී හමුදා මේජර්වරයකු සමඟ ඇති කරගත් ආරවුලක්‌ කලංගේ ජීවිත ඉරණම වෙනස්‌ කරන ආසන්නයටම ගොස්‌ වැළකී යන්නේ දෛවය එතරම් කුරිරු නොවන බව පසක්‌ කරමිනි.

“ඉරා අඳුරු පට පෙරදිග අහසේ….
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර….
අරුණලු උදයේ දිලිසෙන පිණිමත
පියමං කරමින්
අහස්‌ ගව්වටයි ළං වන්නේ….”

පාසල් මිතුරකු වූ ධර්මසේන පතිරාජයන් කලංසූරිය හමුවී ඔහුගේ චිත්‍රපට සිහිනය පිළිබඳව කළ සංවාදය නිම වූයේ එය යථාර්ථයක්‌ බවට පත් කරන අදහසත් සමඟය. ඒ අනුව ඔහුගේ පාසල් මිතුරකු වූ මිත්‍රරත්න හේරත් සොයා ගියේ ඒ වනවිට ඔහු ව්‍යාපාරිකයකු ලෙස සාර්ථකත්වයක්‌ ලබා සිටි හෙයිනි. මිත්‍රරත්න හේරත්ගේ මූල්‍ය දායකත්වයෙන් ලාංකීය නාගරික තරුණ සමාජ අරගලයේ ෙ€දාන්තය පිළිබිඹු කළ “අහස්‌ ගව්ව” සිනමා මුද්‍රdවක්‌ බවට පත් වන්නේ ඒ ආකාරයෙනි. අමරසිරි කලංසූරිය නළුවකු වශයෙන් ස්‌ථාපිත වන්නේද “අහස්‌ ගව්ව” සිනමා නිර්මාණය හරහාය. “අහස්‌ ගව්වේ” විජයගේ චරිතයට ආරෝපණය වූ කලංසූරියට එහි අන්තර්ගත අභ්‍යන හැඟීම් සමුදාය අරුමයක්‌ වූයේ නැත. ඔහු ජීවිත පන්නරයෙන් ලැබූ අත්දැකීම් සමුදායත් විරැකියාවෙන් ලැබූ තරුණ අරගලයේ ලාංකීය මුද්‍රdවත් විජයගේ චරිතය ලෙස සටහන් කළේය. “අහස්‌ ගව්ව” චිත්‍රපටයේ එක්‌ අවස්‌ථාවක කලංට සිරගත වීමට සිදු වේ. ඒ අවස්‌ථාවේ කලං බේරා ගැනීමට ඉදිරිපත් වන්නේ විජය කුමාරතුංගයන්ය. එය සැබෑ ජීවිතයේද එලෙසම වේ යෑයි කලං කිසි විටෙක නොසිතන්නට ඇත.

70 දශකය අග භාගය වනවිට අමරසිරි කලංසූරිය නළුවකු වශයෙන් තමන්ටම ස්‌වීය වූ අනන්‍යතාවකින් නැඟී සිටියේය. ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, ගාමිණී ෙµdන්සේකා වැනි දැවැන්තයන් සිය ප්‍රකාශනයන් ප්‍රේක්‌ෂක අවශ්‍යතා සමඟ සකස්‌ කර ගනිමින් ඉදිරියට පැමිණියා සේම ඔවුන්ට කිසි විටෙකත් නොදෙවැනි රංග පෞර්ෂයක්‌ විදහා දක්‌වමින් අමරසිරි කලංසූරියද ලාංකීය සිනමා ප්‍රේක්‌ෂකයා තුළට අවතීර්ණ වූවේය. ඒ හරහා නළුවකු වශයෙන් සිය භාව පූර්ණ හැකියාවන් විදහා දක්‌වමින් විශිෂ්ට සිනමා නිර්මාණ සඳහා සිය දායකත්වය සැපයීය. 70 දශකය නිමා වනවිට අතිශය ජනප්‍රිය චරිතයක්‌ව සිටි අමරසිරි කලංසූරිය විවිධ භූමිකාවන්ට අවතීර්ණ විය. ඇතැම් අධ්‍යක්‌ෂවරුන් ඔහු හැඳින්වූයේ අධ්‍යක්‌ෂවරුන්ගේ නළුවා ලෙසිනි. කලංසූරිය රඟපෑ ඇතැම් චිත්‍රපට චරිත මෙන්ම සැබෑ ජීවිතයේද සෘජු අදහස්‌ දැරූවකු බැවින් බොහෝ අවස්‌ථාවල අවදානම්වලට පවා මුහුණදීමට ඔහුට සිදු විය. “බඹරු ඇවිත්” චිත්‍රපටයේ සනත්ගේ භූමිකාවේ සිට “පූජාහි” උපුල්ගේ චරිතය අතර වූ දොaලනය හසු කර ගැනීම කලංසූරියගේ රංගන වපසරිය පිළිබඳ ලාංකීය ප්‍රේක්‌ෂකයාට මනා නිදසුන් සපයන්නේය. එමෙන්ම 1987 තිරගත වූ සැබෑ චරිතයක්‌ පාදක කර ගනිමින් නිර්මාණය වූ නිශාන්ත ද අල්විස්‌ අධ්‍යක්‌ෂණය කළ “පොඩි විෙ-” චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව කලංසූරිය නිරූපණය කළේ රංගන ජීවිතයේ තවත් අභියෝගාත්මක කඩඉමක්‌ පසු කරමිනි.

අමරසිරි කලංසූරිය රඟපෑ බොහෝ චරිත තුළ ඔහුටම ආවේණික වූ මුද්‍රාව තැබීමට ඔහු සෑම විටම සමත් විය. ඔහු සැබෑ ජීවිතයට වඩා පහසුවෙන් රංගන භූමිකා අතර ඇවිද ගියේය. මනුෂ්‍යත්වයෙන් හදවත පුරවා ගත් කලංසූරිය ජීවිතයේ වඩාත් සැලීමට ලක්‌ වන කාරණය වන්නේ තම ප්‍රාණසම මිතුරා වූ විජය කුමාරතුංගයන්ගේ ඝාතනයයි. ඉන්පසු කලංසූරියටද සිය බිරිඳ සහ කුඩා වියේ සිටි දරු දෙදෙනාද සමඟ තැනින් තැනට පලා යන්නට සිදු වූයේ නිල නොවන ඝාතකයන් ඔහු පසුපසද ලුහුබැඳ එන්නට වූ බැවිනි. අමරසිරි කලංසූරිය සෑම විටම නළුකම වෘත්තියක්‌ කර නොගත්තේය. ඒ නිසාම ඔහු කිසිවකු පසුපස හඹා ගියේද නැත. ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවද ඔහු කළ විසල් වැඩ හේතුවෙන් ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවේ අමරසිරි කලංසූරිය යන නාමය රන් අකුරින් ලියෑවී හමාරය. සෑම විටම සරල දිවිපෙවතක්‌ ගත කරන කලං ආදර්ශවත් සැමියෙක්‌ මෙන්ම දරුවන්ගේ ලෝකයේද අපූර්වත්වයෙන් යුතු පියෙකි. ශ්‍රී ලාංකීය සිනමා ක්‍ෂේත්‍රයේ පෝෂණය වෙනුවෙන් ඔහු දැක්‌වූ යුගාරක මෙහෙවර ඉදිරියටත් කරගෙන යැමට අවශ්‍ය නිරෝගී ආයු සම්පත්තිය නිරතුරුවම ලැබේවායි “දිවයින සිනමා කලා” අපි ප්‍රාර්ථනා කරමු.

මූලාශ්‍ර අන්තර්ජාලයෙනි.

About SirilakaNews

Check Also

maik

මයික් තවමත් පාසැල් සිසුවෙක් වුවද ඔහු සැබෑ ජීවිතයේ පියෙකු විය. Mike is still a schoolboy, although he is a real life father.

දෙවෙනි ඉනිමේ මයික් ලෙස හදුන්වන දෙනුවන් සේනාධිර අද ලංකාවේ ජනප්‍රිය නළුවෙකි, නිවේදකයෙකි ඉතා මැතකදි රුපවාහිනී ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *