Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / අප‍්‍රිකානු ජනාධිපතිවරණයේදී ජාතික කොංග‍්‍රසයේ අපේක්ෂකත්වය සිරිල් රමෆෝසාට

අප‍්‍රිකානු ජනාධිපතිවරණයේදී ජාතික කොංග‍්‍රසයේ අපේක්ෂකත්වය සිරිල් රමෆෝසාට

 download

දකුණු අප‍්‍රිකානු වර්ණභේදවාදී සටනෙහි ප‍්‍රධාන ක‍්‍රියාකාරිකයකු, ධන කුවේරයකු මෙන්ම දකුණු අප‍්‍රිකානු උපජනාධිපති වන සිරිල් රමෆෝසා තියුණු තරගයකින් පසුව දකුණු අප‍්‍රිකාවේ පාලක පක්ෂය වන අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ ඉදිරි ප ස්වසරේ නායකත්වය සඳහා තේරී පත්ව ඇත. පන්දාහකට අධික කොංග‍්‍රස් පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ජොහැන්නස්බර්ග්හිදී පැවති මෙම ඡුන්ද විමසුමේදී රමෆෝසා ඡුන්ද 2440ක්ද ඔහුගේ ප‍්‍රතිවාදිනිය වන දකුණු අප‍්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාගේ හිටපු බිරිඳ න්කොසසානා ද්ලමිනි සූමා ඡුන්ද 2261 එකක් ද ලබාගත්හ.

මේ අනුව 2019 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය ජයගතහොත් රමෆෝසා නිසැකවම එරටෙහි ජනාධිපති ධුරයට පත්වනු ඇත. 1994 සුදු ජාතික සුළුතර පාලනය අවසන් කළ දින සිට මෙතෙක් පැවති සෑම මැතිවරණයක්ම අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය ජයගෙන ඇත.

1952 නොවැම්බර් මස 17 වන දින දකුණු අප‍්‍රිකානු වර්ණභේද වර්ණභේදවාදී සටනේ කේන්ද්‍රස්ථානය වූ සොවෙටෝහි උපත ලද රමපෝසා ටර්ෆ්ලූප් විශ්වවිද්‍යාලයේ නීති සිසුවකුව සිටි අවධියේ වර්ණභේදවාදී සටනට එක්වූ අතර 1974 වසරේදී අත්අඩංගුවට පත්ව මාස 11ක කාලයක් කේවල හිරඅඩස්සියේ පසුවිය.

අනතුරුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ ඔහු 1982දී ජාතික පතල් කම්කරුවන්ගේ වෘත්තීය සංගමය පිහිටුවූයේය. අද එය දකුණු අප‍්‍රිකාවේ ඇති විශාලතම හා ප‍්‍රබලතම වෘත්තීය සමිතියක් වේ. සාකච්ඡුාවන්හි නිරතවීමේ දක්ෂයෙකු වූ රමෆෝසා දකුණු අප‍්‍රිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංක‍්‍රාන්තිය සඳහා කටයුතු කළ විශේෂ කණ්ඩායමේ ප‍්‍රධාන සාමාජිකයෙක් විය. එපමණක් නොව 1990දී නෙල්සන් මැන්ඩෙලා සිරභාරයෙන් නිදහස් කරගැනීම සම්බන්ධ වූ ජාතික ප‍්‍රතිග‍්‍රහණ කමිටුවේ සභාපCyril-Ramaphosaති ධුරයට ද පත්විය. 1994 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු මෙන්ම ව්‍යවස්ථා සැකසීමේ සම්මේලනයේ සභාපති ධුරයද හෙබවූයේය.

නෙල්සන් මැන්ඩෙලා ප‍්‍රකාශ කර සිටියේ නව පරපුරේ සිටින සහජ නායකත්ව කුසලතා ඇති අයවලූන් අතර රමෆෝසා මුල්තැනක් ගන්නා බවයි.

අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රස් පක්ෂයේ බලය තව තවත් වර්ධනය වෙද්දී කතාවෙහි දක්ෂ, කැපවීමෙන් වැඩ කරන ඔහුගේ කීර්තිය තවත් වැඩිවිය. එනමුත් රමෆෝසා සහ තබො ම්බෙකි අතර නොසන්සුන් බවක් ගොඩනැගෙමින් පැවතුණි. පක්ෂයේ නැගී එන නායකයන් දෙදෙනකු වූ මොවුහු විමුක්ති අරගලයේ දී එකිනෙකාට ප‍්‍රතිවිරුද්ධ මාර්ගවල ගමන් කරන්නට වූහ. ම්බෙකි කොංග‍්‍රසයේ දීර්ඝතම කාලයක් සේවය කළ සභාපතිවරයා වූ ඔලිවර් ටම්බෝගේ දෙවැනියා ලෙස ක‍්‍රියා කළ අතර, සිහසුනේ උරුමකරු ලෙස කාලයක් මුළුල්ලේ පුහුණු කරන ලදි.

අනෙක් අතින් රමෆෝසා ජාතික පතල් කම්කරුවන්ගේ වෘත්තීය සමිති සම්මේලනය ප‍්‍රාරම්භකයා වූ අතර එහි ප‍්‍රථම මහලේකම් බවට ද පත්විය. ඔවුන් දෙදෙනා මෙතෙක් කල් ගමන් කළ හුදෙකලා මාවත් ඝට්ටනය වූයේ එක් අයකු පමණක් ජයග‍්‍රාහකයෙකු බවට පත් කරවමිනි. මැන්ඩෙලාගෙන් පසුව 1990දී අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ නායකත්ව ධුරය සඳහා නාමයෝජනා ලබා ගැනීමට රමෆෝසා අසමත් විය. ජයග‍්‍රාහකයා වූයේ ම්බෙකි ය. කෙසේ වුවත් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ නාමයෝජනා ලබාදීම සඳහා නෙල්සන් මැන්ඩෙලාගේ පළමු තේරීම් රමෆෝසා වූ බවයි.

මෙම අවාසනාවන්ත කඩඉමෙන් පසු රමෆෝසා ව්‍යාපාර කටයුතු සඳහා සම්පූර්ණ කාලය මිඩංගු කළේය. තම වෘත්තිය සමිති සම්බන්ධතා ද උපයෝගී කොටගෙන ඔහු අප‍්‍රිකාවේ සිටින ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු බවට පත් විය. ඔහුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම් ඩොලර් 450,000,000 වන අතර ඔහු දේපළ 31ක හිමිකරුවෙකි. මේ සමඟ කලක් ප‍්‍රධාන පෙළේ වෘත්තීය සමිති නායකයෙකු වූ ඔහු දකුණු අප‍්‍රිකාවේ කළු ධනවාදයේ සංකේතයක් බවට පත් විය. දකුණු අප‍්‍රිකානු ඵජෘදබ්කා ආයතනය, ඵඔභ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිත්වය මෙන්ම ඛදබපසබ සමූහය ඔහු විසින් හිමිකාරත්වය දැරූ සමාගම් කිහිපයක් වේ.

2012 වසරේ, ලන්ඩන් කොටස් මිල දර්ශකයෙහි ලැයිස්තුගත සමාගමක් වන ඛදබපසබහි ප්ලැටිනම් පතළක වැඩ වර්ජනය යෙදුණු පතල්පතල් කම්කරුවන් 34 දෙනෙකු පොලීසිය විසින් ඝාතනය කොට තිබේ. මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ රමෆෝසා ඛදබපසබහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටි අතර පතල් කම්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා මෙන් ඔහු පොලිසියට නියෝග කර ඇති බව වාර්තා වේ. ඛදබපසබ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කළ කොමිසම මගින් රමෆෝසා නිදොස් කොට නිදහස් කළත් දේශපාලන ක‍්‍රියාකරුවෝ මේ සිදුවීම සම්බන්ධව නිරන්තරයෙන් ඔහුට දෝෂාරෝපණය කරති. 2017 වසරේ මුල් භාගයේදී ඉහත සිදුවීම සම්බන්ධව තමා නිකුත් කළ ප‍්‍රකාශයේ, භාෂා භාවිතය පිළිබඳව ඔහු සමාව අයැද සිටි අතර එම ප‍්‍රහාරයේදී ජීවිත හානි වැළැක්වීම සඳහා තමා මැදිහත් වූ බව දිගින් දිගටම කියා සිටියේය.

2012 වසරේදී රමෆෝසා නැවත දේශපාලනයට අවතීර්ණ වන අතර 2014 වසරේදී දකුණු අප‍්‍රිකානු උපජනාධිපති ධුරයට පත්වීමත් සමඟ නොයෙකුත් දුෂණ හා රාජ්‍ය පරිපාලන අක‍්‍රමිකතා පිළිබඳ චෝදනා ලබා සිටි ජනාධිපති සූමා වෙනුවෙන් සේවය කිරීමට ඔහුට සිදුවූ අතර ඉඳහිට ඒ සම්බන්ධව සැර බාල කරන ලද ප‍්‍රකාශ කරන්නට යෙදුණි. ඔහු අනුගමනය කළ මෙම දෙබිඩි ප‍්‍රතිපත්තිය නිසා දේශපාලන විචාරකයන්ගේ විවේචනයට ලක්විය.

බීබීසීයට අනුව, අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ ප‍්‍රධාන නායකත්ව මණ්ඩලය වන ජාතික විධායක කමිටුවට සේවය කිරීම තුළින් රමෆෝසාට නිරන්තරයෙන් අභ්‍යන්තර තොරතුරු ලබාගැනීමට හා රජයේ ඇමතිවරුන්ට සමීපවීමේ හැකියාව ලැබීම තුළින් තම ව්‍යාපාර අධිරාජ්‍ය ගොඩනඟා ගැනීම පහසු විය. නිදහස් ආර්ථික සටන්කාමී (Economic Freedom Fighters – EFF) නායක ජුලියස් මෙලෙමාට අනුව රමෆෝසා, Lonmin පතල් කම්කරු ඝාතන සිද්ධිය සම්බන්ධව චෝදනාවලින් නිදහස් වුවත්, ඔහු තමා වරක් සටන් කරමින් පෙනී සිටි කම්කරු ජනයා පාවාදුන්, සුදු ජාතික ව්‍යාපාරිකයන්ගේ පදයට නටන රූකඩයකි. 2014 වසරේ දී උපජනාධිපතිවීමෙන් පසුව රමෆෝසා බැඳියාවන් අතර ගැටුම මග හරිනු පිණිස සිය ව්‍යාපාර කටයුතුවලින් තාවකාලිකව ඉවත් වී සිටි බව ෆෝබ්ස් සඟරාව වාර්තා කරයි.

ද ගාඩියන් පුවත්පත රමෆෝසා ගැන තම කතුවැකිය මෙසේ සඳහන් කරයි. දකුණු අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය රමෆෝසා තම නායකත්වයට තෝරා පත්කර ගනිමින් ලෝකයටම මහත් උපකාරයක් කර ඇත. 2019 වර්ෂයේදී ජනාධිපතිවීමට ඔහුට බොහෝ සෙයින් හැකියාව ඇත. මෙමඟින් තම ගජමිතුරන්ට කොන්ත‍්‍රාත්තු ලබාදෙමින්, වාසිදායක රාජ්‍ය තනතුරු වෙනුවෙන් එකිනෙකා මරණයට පත්කරමින් සූමා ජනාධිපති යටතේ පැවැති දුෂිත දුර්වල පාලනය අවසන් වනු ඇත.

අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ නායකත්වයට රමෆෝසා සමඟ තරග වැදුණු ඔහුගේ ප‍්‍රතිවාදිනිය වන සූමා ජනාධිපතිතුමාගේ හිටපු බිරිඳ, න්කොසසානා සූමා අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ අමාත්‍යවරියකව සිටි අතර ඇයට ප‍්‍රමාණවත් දේශපාලන අත්දැකීම් තිබුණි. එහෙත් ඇයගේ ප‍්‍රධාන සුදුසුකම් ලෙස පෙනෙන්නේ ඇයට පක්ෂය වෙනුවෙන් තිබූ පක්ෂපාතිත්වය පමණක් බව පෙනේ.

එනම් තම හිටපු ස්වාමිපුරුෂයා වූ සූමා ජනාධිපතිට විරුද්ධව ගෙවීම් 783ක් සඳහා දඅෂණ චෝදනා 18ක් ඔහු වෙනුවෙන් ආවරණය කිරීම වේ. යම් හෙයකින් ඇය අප‍්‍රිකානු නිදහස් කොංග‍්‍රසයෙහි නායිකාව බවට පත්වුණි නම් දකුණු අප‍්‍රිකාව පාරම්පරික චෞරතන්ත‍්‍රයක් බවට පත්වීමට ඉඩ තිබුණි.

දකුණු අප‍්‍රිකාව අසමානාත්මතාව අතින් ලොව ප‍්‍රමුඛස්ථානයක් හිමිකර ගන්නා රාජ්‍යයක් වන අතර මෙය අප‍්‍රසන්න වර්ණභේදවාදී රෙජිමය තුළින් ඔවුන්ට උරුමවූවකි. 1994දී මෙම ආයතනගත බෙදා වෙන් කිරීමට නැවතීමේ තිතක් තැබීමට හැකි වූවත්, වර්තමානයේ එය නැවතත් ප‍්‍රබල ලෙස හිස ඔසවා තිබේ. දිළිඳු ප‍්‍රජාව මෙන්ම වර්ණභේදවාදී බලමුළු ඉලක්ක කොටගෙන වැඩසටහන් ගණනාවක්ම දියත් කළත් ආදායම, අධ්‍යාපනය, රැකියාව අවස්ථා හා වත්පොහොසත්කම් තීරණය කිරීමේදී ජාතිය තවමත් තීරණාත්මක සාධකයක් වේ.

මේ අතර දකුණු අප‍්‍රිකාවේ රැුකියා වියුක්තිය 25%ක් පමණ අගයක පවතින අතර එරටෙහි තරුණයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට රැකියාවක් නොමැත. එමෙන්ම එය ලෝකයේ මිනීමැරුම් අධික රටවල් අතරින් එකක් බවට පත්ව ඇත. මේ නිසා ආදායම් නැවත බෙදීය යාමේ වැඩපිළිවෙළක් තුළින් ආර්ථික වර්ධනය බලගන්වා වැඩි වැඩියෙන් රැුකියා අවස්ථා සහ පාසල් පහසුකම් දියුණු කිරීම රමෆෝසාගේ ප‍්‍රතිපත්තිය බවට පත්වුවහොත් එය විමතියට කාරණයක් නොවනු ඇත.

ශ‍්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, රාජපක්ෂ පාලනය සමයේදී, දකුණු අප‍්‍රිකානු ජනාධිපති විසින් පත් කළ, ලංකාව සම්බන්ධ විශේෂ නියෝජිතයකු ලෙස රමෆෝසා, 2014 ජූලි මස ලංකාවට පැමිණියේය. ඔහුගේ සංචාරයට පෙර අමාත්‍ය නිමල් සිරිපාලගේ ප‍්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවේ දුත පිරිසක් සහ සම්බන්ධන් මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ දුත පිරිසක් වෙන වෙනම දකුණු අප‍්‍රිකාවේ සංචාරය කොට එම බලධාරීන් සමඟ සාකච්ඡුා පවත්වා ශ‍්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සෘජු අත්දැකීමක් ලබාගන්නා මෙන් කරන ලද ඉල්ලීම මේ සංචාරයට හේතුව වේ.

එනමුත් මෙම සංචාරයේ අරමුණ ද්විපාර්ශ්වික සම්බන්ධතා තරකර ගැනීම පමණක් බව, මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කරමින් එවකට පැවති රජය අවධාරණය කළේය. සිය සංචාරයෙන් පසුව 2014 දකුණු අප‍්‍රිකානු පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් කරමින් රමෆෝසා කියා සිටියේ සාමය හා සංහිඳියාව, ව්‍යවස්ථා ගොඩනැගීම පිළිබඳව තම අත්දැකීම් ලංකා ජනතාව සමඟ බෙදාගැනීමට ඔහුට ආරාධනා කළ බවත් එම සංචාරයේදී ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන්, විපක්ෂ නායකයන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ද හමු වූ බවයි. අප‍්‍රිකාව හා ඉන් පිටත සාමය හා සමෘද්ධිය ඇති කිරීමට හැක්කේ එක්ව වැඩ කිරීමෙන් හා ප‍්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳීමෙන් පමණක් බව තම රජය දැඩි ලෙස විශ්වාස කරන බවත් දකුණු සුඩානය හා ශ‍්‍රී ලංකාව සම්බන්ධව එවැනි ස්ථාවරයක සිට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

About SirilakaNews

Check Also

donald-trump-traite-kim-jong-un-de-fou-qui-lui-retorque

කිම් සහ ට්‍රම්ප් අතර සාකච්ජාවට ඇමරිකාව මාවතක් සොයයි! The US is looking for a roadmap to deal with Kim and Tamp

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නායක කිම් ජොන්ග් අන් අතර යෝජිත සාකච්ඡාව සඳහා සූදානම් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *