වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ 86
SirilakaNews
December 23, 2017
නවකතාව
62 Views

රාස්සීගේ අව් රශ්මීයෙන් පීඩිත වෙහෙස සියෝලග දහදියෙන් තෙත් වී කායිකව මෙන්ම මානසිකව සෙව්වන්දිව දුර්වල කර තිබුණේය. බොහොදුර දෙපයින් ඇවිද විත් ඇය අසළ වු බස් නැවතුම ලග නතර විය.
එහි කොතරම් පිරිසක් සිටියේද යන්නවත් ඇයට නිනව් නොවීය.
වසන්තගේ මානසික රෝගී තත්වය උත්සන්න වීම නිසා ඔහු රෝහළින් පැනගිය පුවත ඇසූ මෝහොතේ පටන් සෙව්වන්දිගේ මනසද අවුල් වී ගියේය
ඇය කදුළින්ද සුසුමින්ද කයින්ද මනසින්ද දැඩි වෙහෙසකර තත්වයකට පත්ව සිටියේය.
දෛවය කොතරම් අකාරුණිකදැයි සෙව්වන්දිට හදිසියේ කල්පනාවිය වසන්ත තම ජිවිතයට අහම්බෙන් පැමිණීමත් බහ තේරෙන වියේ සිට අනන්ත ඇගළුම් පැ අරවින්ද තමන්ට අහිමි වීමත් අතර වු සබැදි තම ජිවීතයේ පසෙක් කල යටගියාව තුල සිදුවු සිදුවීම් ඇයට සිහිවන්නට විය
සෙමින් මුත් උනුසුම් වු කදුළුපටලයකින් තම දෙනෙත් වැසී යනු ඇයට දැණුනේය ඇය සාරි පොට අතට ගෙන දෙඇසට තබා තද කරගත්තේය.
වසන්ත තම ආදරය වෙනුවෙන්ම රෝගීයෙකු වීම නිසා ඔහුට පිටුපායාමට නොහැකිවු මානුෂික හැගිමක් තමා මත ජනිත වුවා මිස කොතරම් ආදරය කලත් අරවින්ද තම ආදරය නොතෙරුම් ගැනීම තුල තම ජිවිතය මෙසේ අරමුණක් නැති තත්වයට පත්වුන බව සෙව්වන්දිට නිරන්තරයෙන්ම කල්පනා වන සිතිවිල්ලක් විය.
ඔහු අවිවාහකව සිටීමද සෙව්වන්දි සිත තුල ඇතිකලේ නොස්නසුන්තාවය මුසු අමනාපයකි ජිවිතයේ අනන්ත දුක් ගැහැට විදි අරවින්ද එය ජයගැනීම සදහා අධ්‍යාපනය මුල් තැනේ ලා සැලකීම වරදක් නැතැයි ඒ සමගම ඇයට සිතෙන්නට විය ඔහු ඔහුගේ ඉලක්කයට ගියා යයි සිතා ඇයට සැනසිල්ලක් ඇති විය.
නොකඩාවා නාද වන ජංගම දුරකථනය අතටගත් සෙව්වන්දි එය ගානකට නොගෙනම කනේ තබා ගත්තේ අසමාන හැගිමකින් යුතුවය
මිසීස් වේරගොඩ එහා පැත්තෙන් ඇසුනේ එවන් විමසිමකි
ඔව්!කවුද කතාකරන්නේ ඇය විමසුවේය
අනුරාධපුරේ හොස්පිට්ල් එකෙන් මිස් මිස්ට වේරගොඩව පොලිසියෙන් හොස්පිට්ල් එකට අරන් ආවා!
වසන්ත රෝහළින් පැනගිය දිනයේ සිට ඇය ඔහුව සොයා මංමාවත්වල ඔහේ තනියම ඇවිද ගියේය.ඔහු පිළිබද දුකක් සන්තාපයක් කෙසේවෙතත් පසුතැවිල්ලක් ඇයතුල විය වසන්තගේ පවුලේ සැවෝමත් වසන්ත සහ තමන් අතර බැදිම සිදුවු ආකරය දන්නා පාසැලේ සමගාමී සැම සේවකයෙකු වුවත් වස්නතට පිස්සු හැදුනේ තමන් නිසා බව නිදන් වු කතාවක් ලෙස එකි සැමදෙනා අතරපැලපදියන් වී තිබීම සෙව්වන්දිගේ මනසද විකාරී සොභාවයකට පත් කරමින් තිබුණේය
ඇය බස් නැවත්මෙන් නික්ම මද දුරක් යළි මාවත් දිගේ ඇවිද යන්නට විය එසේ ගිය ඇය මද දුරක් ගොස් නැවත හැරුණේය යළි බස් නැවතුමට ආ ඇය දෙස වටපිටාවේ උන් මිනිසුන් විමසිලිමත්වන බව ඇය දුටුවේය ඒ සැනීන් එතනට ආ බසයට ඇය ගොඩ වුයේ වසන්ත සොයා රෝහළ වෙත යමටය.
කිසිවිටක කිසිවෙකු සිතු නොසිතු පරිදි තම ජිවිත කතාවේ සිදුවිම් දම්වැලක ගැට ගැසුණු පුරුක් සේ එක ආකාරයටම නොබිදී සම්බන්ධවන ආකාරය පිළිබද අරවින්දට විටෙක පුදුම හිතෙන්නට විය.
ඔහු කාර්යාලයේ තම සුවපහසු අසුනින් නැගිට ගොස් සුදුපාට තිරයෙන් වසා ගත් පුළුල් ජනේලයේ රෙද්ද මැත් කලේය.
රත්නපුර නගරයේ සිට කොළඹ දෙසට දිවෙන වාහන පෙළත් කොළඹ සිට රත්නපුර දෙසට එන අති විශාල වාහන පෙළත් නගරයේ කළබල සොභාවයත් ඔහු නෙත ගටුනේය.
රත්නපුර දෙසට වන්නට ඇතින් පිහිටි මලිංගවිල මැණික් වෙළදසංකිර්ණය දෙස උපැස් යුවල ඔසවා ඔහු උවමනාවෙන්ම බැළුවේය.
ඒ සුවිසල් ව්‍යාපාරයට හිමිකම් කියන්නට නිම්සාරට දරුවෙක් නොසිටීම ගැන මුලින්ම ඔහුගේ සිතට දුකක් නොවු පසු තැවිල්ලක් ජනිතවිය.
කෙසේ නමුත් ඔවුන්ගෙන් පසු එහි උරුමය සොයා දෛවයේ හිමිකරු කල්පනීගේ මාලිංගගේ දියණිය සිටින බව ඔහුට පසෙක් විය.
තම ජිවිතයට නිම්සරා අහිමිවිමට තමන්ගේ පැත්තෙන්ද සියයට පනහක වැරෑද්දක් නොතිබේද යන්න ඔහු තමන්ගෙන්ම ප්‍රශ්න කර ගත්තේය.
එදා නිම්සරා මිදුමක් සේ තම ජිවිතයේ එතෙන්නට මහ මෙරක් පතමින් සිටියදි අධ්‍යාපනය ගැන සිතමි ඈ වෙතින් තමා සිතාමතා සැගවගත්තා නොවේදැයි ඔහුට සිතුනේය.
තම පවුල, ලොකුහමුදුරුවෝ තම දුගී කාළකණ්නී ජිවිතයට ඇති එකම මග අධ්‍යාපනය බව සොයාගන්නා ලෙස තම ජිවිතයට බන්ධනයක් ඇති කොට තිබුණු අයුරු සහ ත්‍රීවිල් රියදුරෙකු ලෙස පිටකොටුවට වී සිරිල් අය්යා සමග විදි අපමන වෙහෙසකර පිඩාකාරී ජිවිතය අරවින්දට සිහිවිය
ඔහු අකල්පනාවෙන්ම නැවතවිත් සිය අසුනේ වාඩිවිය.
ලබන සතියට
ලියන්නේ – මහනුවර අශෝක හෙට්ටිආරච්චි
2017-12-23