Breaking News
Home / ක්‍රීඩා / ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් රුසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජවන සහ පිටිය ඉසව් වලට සහභාගී වීම තහනම් කෙරේ.

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් රුසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජවන සහ පිටිය ඉසව් වලට සහභාගී වීම තහනම් කෙරේ.

151110102330_russia_athlete_640x360_afp_nocredit

151110093045_vitaly_mutko_640x360_epa_nocredit

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් රුසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජවන සහ පිටිය ඉසව් වලට සහභාගී වීම සම්බන්ධයෙන් තාවකාලික තහංචියක් පනවනු ලැබ තිබේ.

රුසියාවේ මලල ක්‍රීඩා සම්මේලනයට මෙම තාවකාලික තහංචිය පනවා තිබෙන් නේ එරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වෙන බවට චෝදනා ඉදිරිපත් වීමෙන් පසුවයි.

ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබෙස්තියන් කෝ(Coe) ප්‍රකාශ කළේ එවැනි ක්‍රියාවක් සිදු වීම ඉතා ලජ්ජා සහගත දෙයක් බවයි.

ඉදිරිපත් වී ඇති චෝදනා සැලකිල්ලට ගනිමින් තහනම් උත්තේජක භාවිතය පරීක්ෂා කිරීම සඳහා රුසියාවේ මලල ක්‍රීඩා සම්මේලනයට අවශ්‍ය නව ප්‍රතිසංස්කරණ සම්පාදනයට සූදානම් බවයි මේ අතර එම කමිටුවේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ෂුකොෆ් පවසන්නේ.

2016 වසරේ බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට රුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් ඇලෙක්සැන්ඩර් ෂුකොෆ් කියා සිටියි

ක්‍රීඩකයන් විසින් තහනම් උත්තේජක පාවිච්චි කරනු ලැබීම පරීක්ෂා කිරීම සඳහා අලුත් ආයතනයක් පිහිටුවන බවයි රුසියාවේ ක්‍රීඩා ඇමති විතලි මුත්කෝ පවසන්නේ..

About SirilakaNews

Check Also

ASFDHC

ජගත් ක්‍රිකට් කිරුළ අභියස ශ්‍රී ලංකාවට අසාධාරණයක්! An injustice to Sri Lanka in the wake of the World Cup

ජගත් ක්‍රිකට් කුසලානය ඇතුළු තමන් මෙහෙයවන සියලු ක්‍රිකට් ශූරතාවලි සඳහා තණතීරු භාරකරුවන් සමඟ ක්‍රියාකිරීමට ස්වාධීන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *