Breaking News
Home / Hotnews / රුසියාව යුරෝපයේ රටවල් රැසක අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට මැදිහත්වීම නවතන්න බ්‍රිතාන්‍ය විදේශ ඇමති රුසියාවට කියයි!

රුසියාව යුරෝපයේ රටවල් රැසක අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට මැදිහත්වීම නවතන්න බ්‍රිතාන්‍ය විදේශ ඇමති රුසියාවට කියයි!

russia-britain-diplomacy-896999058-5a3cf099d8ed6

 

 

 

 

 

 

 

මොස්කව්හිදීය (රොයිටර්)

යුරෝපය අස්ථාවර නොකරන්නැයි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් හමුවෙමින් පවසා තිබේ.

විදේශ අමාත්‍යධුරයට පත්වීමෙන් පසු තම පළමු රුසියානු සංචාරයට එක්වෙමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා ඒ බව පවසා තිබෙන අතර මෙහිදි ක්‍රිමියානු අර්බුදය ඇතුළු දුෂ්කර මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන්ට අවශ්‍ය යැයි ද පවසා ඇත.

බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයකු රුසියාවේ සංචාරය කරන්නේ වසර පහකට පසුය. යුක්රේනය ද සම්බන්ධ ක්‍රිමියානු අර්බුදය සහ සිරියානු සිවිල් යුද්ධය සම්බන්ධයෙන් රුසියාව හා බ්‍රිතාන්‍ය දරන්නේ එකිනෙකට පරස්පර අදහස්ය. එබැවින් පසුගිය කාලයේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තරමක් දුරට පළුදු වී තිබේ.

බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී රුසියානු රජයට සම්බන්ධ පාර්ශව මෙන්ම විපක්ෂ කණ්ඩායම් ඇතුළු පාර්ශව කිහිපයක් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව පැවසේ.

රුසියාව යුරෝපයේ රටවල් රැසක අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට මැදිහත් වන බවටත් සයිබර් ප්‍රහාරවලට සහ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම්වලට සහාය දක්වන බවටත් චෝදනා එල්ල වී තිබේ. කෙසේ නමුත් රුසියාව දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

බ්‍රිතාන්‍යය හා රුසියාව අතර සබඳතා ඉතාම පහත මට්ටමකට වැටී ඇතැයි ද ඊට හේතුව අපගේ ක්‍රියා නොවන බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයාට පිළිතුරු දෙමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ප්‍රකාශ කර තිබේ.

About SirilakaNews

Check Also

2560

කිම් සහ ට්‍රම්ප් හමුවිමට තීරණය කරයි! Kim and Tamp are determined to meet!

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන හමුව උතුරු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *