Breaking News
Home / නිදහස් පන්හිද / රටටත් ජාතියටත් පණ මෙන් ආදරය කරන ජනතාවට ආයාචනයක් කරමි.

රටටත් ජාතියටත් පණ මෙන් ආදරය කරන ජනතාවට ආයාචනයක් කරමි.

JVP

සුද්දන් නාමිකව මෙරට හැරගිය පසු මෙරටේ දේශපාළන බළය අත්පත් කරගත් නාමිකව සිංහල වු අපේ වරිගේ සුද්දන් ඉක්බිතිව වසර හත්තැවක් පුරා දෙකොටසකට බෙදී මෙරට පාළනය කල බව ඔබ හොදින් දන්නා ඒ හා සමගාමිව එහි වු ඓතිහාසික වරදට වන්දි ගෙවනා ලාංකිකයෙකි.

රටකට ආවේනික වු සංස්කෘතියක් සහ ඒ හරහා ගොඩනැගුණු අධ්‍යාත්මික ගුණවගාවකින් පෝෂණය වු මිනිසත් කමකින් හෙබි ශ්‍රී ලාංකික ජනතාව ලෝකයේ වෙනත් මිනිස් වර්ගයකින් වඩා වෙනස් වු ජාතියක් ලෙස හදුනා ගැනිම සදහා එකී සංස්කෘතික වටීනාකම අපි අනාදිමත් කාළයක් සුරක්ෂිත කරගෙන තිබුණේ ලේ උරුමයක් වශයෙන් ඔබත් මමත් රටටත් ජාතියටත් හෘදයාංගමව තිබු සබදියාව සහ ඒ හරා අප හදවත්වල පරම්පරාවෙන්  පැලපදියම් වී තිබු උත්තරීතර මනුෂ්‍යත්වය හරහාය.

යටත් විජිත පාළනයෙන් ඉක්බිතිව  ජාතිය තුල වු මේ මානව ගුණය උන්ගේ පාළනයේ පාහසුව සදහා අපි තුල පාවදෙන්නන් බේබද්දන්ස,ල්ළාලයන්, නිවටයින්, ඉර්ෂ්‍යාකාරයින් ඇති කොට කල ජාතියේ අකාරුණික බේදය මින් වසර හැත්තාවකට ප්‍රථම රට හැර යන විට එකී අවමාන හැගිම් සහිත පිරිසක් වෙතටම දේශපාලන බළය පතිත කරමින් රටට කල විනාශය ඉක්මයන අද දවසේත් මහ බරපතළ සාපයක් ලෙස සමස්ථ ජාතියම රටම වෙලාගෙන පවතින බව වර්ථමානය වන විට රට මුහුණදී සිටින දේශපාළන ප්‍රචණ්ඩත්වය අන්තවාදය අස්ථාවරත්වය සහ සමස්ථයක් වශයෙන්  මුහුණදෙමින් සිටින අනාගත අවදානම මොනවාට සාක්ෂි සපයයි.

කළයේ විපරිත සංසිද්ධියමය සිදුවීම් හරහා දශක හතක් පුරා ශ්‍රී ලංකාවේ ඔබත් මමත් මේ සිදුවීම්වල අනුගතව ඔහේ ජීවත් වුවා මිස ඒ හා සමගාමිව අපේ රටේ අපේ ජාතියේ අපේ දරුවන්ගේ අනාගතය වටා ගොඩ නැගෙමින් පවතින අදුරු අනාගතය කෙසේවත් හදුනාගත්තාද නො එසේනම් ඊට කළ හැක්කක් නොමැතිව යන අතට මැස්ස ගැසුවාද යන්න අපි අපේ හදවත් වලින් විමසිය යුතු කරුණක් වුවද ඒ ගතනුගතික සිතුවිල්ල පුළුල් බුද්ධියකට නතු කොට රට වැටෙමින් පවතින අගාදයෙන් මුදා ගනීමට ශක්තිමත්  විකල්ප පියවර කීපයක් ගැනීමට අපේ කාළයේ යුතුකමක් ලෙස ස්මතුව ඇති අවස්ථාවක් ඔබත් මමත් අභිමුඛයේ කෘතීමව නිර්මානය වී අපිට තවත් අවස්ථාවක් ලබා දී ඇති බව පෙන්වාදිය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය,ධනවාදය,වමවාදය දක්ෂිණාංශ. සමාජවාදය යනු යටත් විජිතවාදීන් අපේ කුසගිනි හමුවේ බිලි කොක්කක එල්ලා ඇති රස මුසුවල්ය.
මේවාට පෙන්නමින් අපිව රවුමේ ගන්නා අපේ රටේ අවස්ථාවාදී කූඨ දේශපාලකයින් අපේ ජිවිතවල අවම ජිවත්වීමේ පහසුවට නතුවන සියල්ල ගසා කන ඔබේත් මගෙත් අපේ දරුවන්ගේත් අනාගතය අති මහා භයංකර ආගාදයක් කරා ගෙන යන වංචනිකයින්ය.

ඉක්මගිය වසර හැත්තැවේදි ඔවුන් අපිට ඕනේවටත් වඩා ඒ බව ඔප්පුකර හමාරය.
ටිකින් ටික සෙමින් මුත් රට විනාශයට හැරවු දේශපාලන අවඥාව 1977 පසු ඉතා නිර්ධය ලෙස වර්ධනය වී ඉන් පසු පිහිට වු ආණ්ඩු සහ වර්ථමානය දක්වා ඒ හරහා බළය ලත් සියළුම දේශපාලකයින් ඔබේ අයිතිය ඉතා නින්දිත ලෙස සොරා කැවේය.

එහි ප්‍රථිපල අනාගතය වෙනුවෙන් දැනටත් ඇරඕ ඇති ආකාරය වර්ථමානයේ සමජය තුල උද්ගත ප්‍රශ්න වැල් ඔබ සහ මා වටා එතෙන්නට පටන් ගෙන අති සැටියෙන්  ඒ පිළිබද බුදිධිමත් සමාජ දසුනක් විවර වෙමින් පවතින බව ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණය ජනතාවට දන්වා ඇති සැටියක් හදුනාගත් නිසා

වත්මන් දේශපාලනයේ වංකත්වයෙන් අපේ රටේ අහිංසක ජනතාව රවටාගෙන සිටින දුෂිතයින්ගෙන් රට බේරාගැනීමට ඔබගේ හදවතේ රුහිරත්වයෙන් සිතා දුෂිතයෙන් තොර වංකත්වයෙන් තොර දේශපාලනය උත්තරීතර කාර්යක් සේ සලකන රට ගොඩ ගත හැකි ව්‍යාපාරයකට කොන්දේසි විරහිතව ඔබත් මමත් සහයෝගය දිය යුතු බව අප අභියස යුතුකමක් ලෙස හෙළිදරව් වී තිබේ.

එහෙයින්  ජනතා විමුක්ති පෙරමුණට ඔබේ අවංක සහයෝගය ලබා දෙන්නට රටටත් ජාතියටත් පණ මෙන් ආදරය කරන ජනතාවට ආයාචනය කරන්නේ රට ගැන ඔබේ අවංක නිහතමානී හැගිමට ගරු කරමින් සහ ඔබගේ   විනිස්චය කිනම් විටකවත් තවදුරටත් අවමානයට ලක්නොවනු ඇතැයි යන දැඩි විශ්වාසයට ආත්මීය සටහනක් තබමින්ය.

About SirilakaNews

Check Also

image2

ගැමියෝ සිය ප්‍රාණ සමානව වැවට පෙම් බැන්දෝය.

ගැමියෝ සිය ප්‍රාණ සමානව වැවට පෙම් බැන්දෝය. කළ හැකි ඉහළම පුද සත්කාර කළහ. වැව කරා ආ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *