Breaking News
Home / නිදහස් පන්හිද / ජනතාවනී!ඔබේ පාළකයා හැගිමෙන් නොව බුද්ධියෙන් තොරා ගන්න!

ජනතාවනී!ඔබේ පාළකයා හැගිමෙන් නොව බුද්ධියෙන් තොරා ගන්න!

Untitled-1

“විමල්ගේ පක්ෂයවරයි – බුරුතු පිටින් අතට”

“තොණ්ඩමාන්-අතාවු ඉල්ලා මෛත්‍රි පිලට”
“ඒකාබද්ධයේ 10ක් ශ්‍රී ලනිපයට”

මේ දිනවල මාධ්‍යවල සිරස්තල ඒවාය. මේවා දකින සමහරු හිතන්නේ මෛත්‍රි මාර ගේමක් ගහනවා කියලාය.
“ඒකාබද්ධේ ආයේ ඔළුව උස්සලා ඉවරයි – මෛත්‍රි බලේ පෙන්වනවා”
මාධ්‍යවල සිරස්තල දකින සමහරු කියන්නේ එහෙමය. ඔය කියන විදිහට මේ පැනිලිවලින් වෙන්නේ මෛත්‍රි ශක්තිමත් වෙලා ඒකාබද්ධය විනාශ වීම කියලා කවුරුන් හෝ හිතනවා නම් එහෙම හිතන අයට දෙවියන්ගේම පිහිටය.

පනින තරමට දිනනවා නම් ඒක එක්කෝ තාවකාලික ජයක්ය. නැත්තම් අහම්බයක්ය.
ඉතිහාසයේ ඉඳලාම එහෙන් මෙහෙට මෙහෙන් එහෙට පැනිලි තිබ්බේය. හැබැයි ඒවා කෙටිකාලීන “ස්වයං වින්දන” විතරක්ම විය. ඒ කාලයේ අනුර ශ්‍රී ලනිපයෙන් එජාපයට එනකොට හැමෝම හිතුවේ එතෙක් දශකයක් බලයේ හිටිය යූ.ඇන්.පී.ය තවත් විස්සක්වත් ඉන්නවා ඒකාන්තයි කියලාය. අනුර ආවේ ඒ කාලේ හැටියට මාධ්‍ය සන්දර්ශන රැසක්ම තියලාය.

අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්තම චරිතයක්ය. ඔහු තමන්ගේ අම්මත් එක්ක (සිරිමාවෝ) පැවැති විරසකය පිරිමසා ගත්තේ පක්ෂයෙන් ගිහින් එක්සත් ජාතික පක්ෂයේ නැවතිලාය. “තාත්තා හදපු පක්ෂයෙන් ඉවත් වෙලා තාත්තා හිටපු පක්ෂයට යන එක වරදක් නොවේ” කියා අනුර කීවේය. හැබැයි අනුර ගියා නොව ඒ වෙනකොටත් තිබ්බේ අනුරගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කරලාය.

එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට අනුර ලියූ ලිපියේ තිබුණේ මෙහෙමය.
“සැලකිය යුතු කාලයක් තිස්සේ හිතාමතාම සැලසුම්කොට මා වෙත එල්ල කෙරුණු ඇනුම් බැනුම් ගණනාවක් නිසාම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වූයෙමි. ඒ හැරුණු විට ඔවුහු පැහැදිලි හේතු කිසිවක් නොදක්වා දවස් අසූ නවයක් තිස්සේ මා පක්ෂ තහනමකට ලක්කොට තැබූහ. මගේ අත් හා පාද හා කටද බැඳ දමා දේශපාලන වශයෙන් ඔවුහු මා හුදෙකලාකොට තැබූහ. ඒ මාස කිහිපය තුළ මා ලක් වූ බරපතළ අවමානයත් මා විඳි දැඩි සිත් වේදනාවත් මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම පැහැදිලිව දනී. සති කිහිපයක් තිස්සේ සුපරීක්ෂාකාරීව කල්පනා කිරීමෙන් පසු මගේ ජීවිතයේ සාරවත්ම කොටස වූ විසි අවුරුදු කාලයක් මා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීම, ඇතැම්විට දුෂ්කරම තීරණය මම ගත්තෙමි. මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වී දවස් දෙකකට පසු ඔවුහු මගේ ඉල්ලා අස්වීමේ ලියුම කිසි පැකිළීමකින් තොරව භාර ගත්හ. මගේ මුළු ජීවිතයම දේශපාලනයට විනා අන් දෙයකට කැප නොවුණු හෙයින් ශ්‍රී ලංකාවෙන් ගිය මා පෙළුණු දැඩි පීඩනයෙන් බැහැරව, ගතවූ දවස් කිහිප තුළදී මම මගේ අනාගතය ගැන ඉතා පරීක්ෂාවෙන් කරුණු සලකා බැලුවෙමි. පිහිටුවීම සඳහා මගේ පියාද උදවු කළ ඔබගේ පක්ෂයට බැඳෙන ලෙස ඔබ මට කළ විවෘත ආරාධනය ගැනද මම පරීක්ෂාකාරීව සලකා බැලුවෙමි. එහෙයින් එක්සත් ජාතික පක්ෂයට බැඳෙන ලෙස අතිගරු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාත් ඔබගේ පක්ෂයේ සියලු තරාතිරම්වල පාක්ෂිකයනුත් වෙනුවෙන් ඔබ කළ ආරාධනය පිළිගැනීමට මම තීරණය කළෙමි.”

1993 ඔහු එක්සත් ජාතික පක්ෂයට එක් වුණේය.
එක්සත් ජාතික පක්ෂය කීවේ “දැන් ඉතින් ආණ්ඩුව හොල්ලනවා බොරු” කියලාය. අනුර වගේ පතාකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වුණාම හැමෝම හිතුවේ පක්ෂය ඉවරෙටම ඉවරයි කියලාය. හැබැයි සිද්ධ වුණේ වසරක් යන්නටත් කලින් 17 වසරක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව “පෙරළීමය”
ගාමිණීලා ලලිත්ලා යනකොට කට්ටිය හිතුවේ යූ.ඇන්.පී.ය ගෙදර කියලාය. හැබැයි අපූරුවට දිව්වේය. මහින්ද එජාපයේ බුරුතු පිටින් අරගන්නකොට හැමෝම කීවේ එජාපය “හමාරයි” කියලාය. හැබැයි ඒ කතා බොරු වුණේය. එස්.බී.ලා, ජී. ඇල්.ලා එජාපයට ගියාම හැමෝම හිතුවේ ශ්‍රී ලනිපය ඉවරයි කියලාය. හැබැයි අවුරුදු දෙකෙන් ආණ්ඩුව ගෙදරය.

ඒ නිසා ආණ්ඩු හදන එක පක්ෂ කඩලා කරන්නට බැරිය. 94 එක්සත් ජාතික පක්ෂය පෙරළා දැම්මේ ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවේ. ප්‍රබල පොදුජන එක්සත් පෙරමුණය. ඒ වැඩේට කාලයක් තිස්සේ “ජන ඝෝෂා, පාද යාත්‍රා” ගිහින් පාර කැපුවේ මහින්ද එහෙමය. රැලි හදන්නේ එහෙමය. සටන තියෙන්නේ මහ පොළොවේ මිසක් හුවමාරු වන චරිත අතරේ නොවේ. 2001 එජාප ආණ්ඩුව හදන්නේ “ජනබල මෙහෙයුම” නිසාය. එය කෙළවර වුණේ “පලයව්” රැලියෙන්ය. 2001 ඒ ආණ්ඩුව ගෙදර යන්නේ විමල්ලා මහින්ද එක්ක කළ මහ පොළොවේ සටන නිසාය. 2015 යහපාලන ආණ්ඩුව එන්න පාර කපන්නේ හරින්ලාය. ඒ උෟව මැතිවරණයේදී මහින්දගේ ආණ්ඩුවට කිස්කන ප්‍රහාරයක් එල්ල කරමින්ය. මහින්ද ආණ්ඩුව තිගැස්සී ආපසු හැරෙන්නේත් එජාපය හිස ඔසවන්නේත් ඉන් පස්සේය.
94 චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ නගර සභා මැතිවරණයකදී අපූරු පෝස්ටරයක් ඇලවුණේය.
“ආවොත් කරු පායයි හිරු”

ඒ පෝස්ටරය ය. කොළ පාට පසුබිමේ කහ පාටින් ලියැවී තිබූ ඒ වචන ටික තිතට වැඩ කළේය.
චන්ද්‍රිකා රටම අල්ලනකොට කොළඹ කොළ පාටට හරවන්න සටන අතට ගන්නේ කරු ජයසූරියය. 97-99 කොළඹ නගරාධිපති ඔහුය.
උෟව පළාත් සභා ඡන්ද විමසීම තිබ්බේ 2014 සැප්තැම්බර් 20දාය. ඊට පෙර එජාපය “පස්සර” රැලිය තියා බදුල්ල හෙල්ලුවේය. ඒ එක්කම “හරින්” දැන් හරි කියා වැඩට බැස්සේය. මහින්ද ආණ්ඩුව පල්ලම් බැසීම ඇරඹිණි. එතැන තිබ්බෙත් මහපොළොවේ සටනක්ය. ඒකෙන් ඇහැරුණු එජාපය “ගේම” අතට ගත්තේය.

කරූ අලුත් හඳුන්වාදීමක්ය. හරින් අලුත් හඳුන්වා දීමක්ය.
දැන් මහින්දලා උෟවේ බදුලු රැලිය තියලා “අලුත් ගැම්ම” පටන් ගත්තේය.
“ඒ කොහොමද?”
සමහරු අසයි.

“බදුල්ල එජාපයට බර දිස්ත්‍රික්කයක්. එහෙම බැලුවම බදුල්ල මහින්දලාට අවාසි දිස්ත්‍රික්කයක්ය. එහෙව් දිස්ත්‍රික්කයේ යන්තම් දිනලා මහින්ද ආණ්ඩුව පෙරළන රැල්ල එජාපය පටන් ගත්තේය. හැබැයි මහ ඡන්දයේදී බදුල්ලේ ආසන 9ම එජාපය දිනුම්ය. මහින්දලා සටන පටන් ගත්තේ එහෙව් බදුල්ලෙන්ය. මහවැසි මැද මහ ජන ගඟක් රැලියේ සෙල් පිළිම සේ සිටියහ. ඒ මදිවට බදුල්ලට මහින්ද “වෙල්ගම” දාලාය. චන්ද්‍රිකා, හරින්, කරූලා කරපු පෙරළිය වෙල්ගමත් කළොත් ඒක පුදුමයක් නොවේය.
මහ පොළොවේ පරාජය දන්නා මෛත්‍රිලා කරන්නේ දැන් ඇම දමමින් කණු හොල්ලන එකය. මෝඩකමට ඇම ගිලින අය බාගෙන ඒ අය කියන්නේ තමන් “ශක්තිමත්” කියලාය. ඇම ගිලපු අය “මිය ගියවුන් බව” ඒ අය දන්නේ නැත.

“මේ ආණ්ඩුව පෙරළන්න වෙන ලොකු ගේම් ඕන නෑ. ඡන්දෙට කලින් මුන් දාපු දැන්වීම් ටික ආපහු පෙන්නුවා නම් මේ ආණ්ඩුව ගෙදර”
කියා සටහනක් සමාජ ජාලයක තිබ්බේය. බොහෝ දෙනෙක් කියන්නේත් ඒකය. ඒ තරමට මේ ආණ්ඩුවේ වැඩ නොම්බර එකය. ආණ්ඩුව හදන්න මහන්සි වූ අයගෙන් 4න් 1ක් අද මේ ආණ්ඩුව වෙනුවෙන් සිටිනවා යැයි කවුරුන් හෝ හිතනවා නම් ඒ හිතන කෙනාගේ ඔළුව පරීක්ෂා කළ යුතුය. ඒ තරමට මිනිස්සු ඉන්නේ අප්පිරියාවෙනි.
වැඩ අනාගැනීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුව අංක එකය. පොරොන්දු අමු අමුවේ කඩා දැමීම වෙනුවෙන් මේ ආණ්ඩුව අංක එකය. බොරු කියා බලය ගත් අය අතරින් මේ ආණ්ඩුව අංක එකය. එහෙම බැලුවම මේක නොම්බර එකේ ආණ්ඩුවක්ය.

අවුරුදු 30ක යුද්ධයක් නිමාකොට ඉන් මෙපිට බෙදුම්වාදී අවියකින් එකම එක බෝම්බයක්වත් එකම එක පතරොමක්වත් පත්තු නොවන තැනට රට වෙනස් කළේ මහින්දය. මීට දෙවසරකට පෙර “බිල්ලන් මවා” එළවා දැමුවේ ඒ මහින්දවය.
මෙයාලා කරන්නේම කියපු දේ නොකරන එක විතරය. බදු බරින් තොර රටක්, අතමිට සරු ආර්ථිකයක්, සුරක්ෂිත අනාගතයක්, යහපාලන රටක්, අභිමානවත් දේශයක් යනාදී ලෙස තොරොම්බල් කළ වචන සම්පූර්ණයෙන්ම හිස් වචන විතරය.

කීව දේ නොකෙරුව ආණ්ඩුව විදිහට මේ ආණ්ඩුව ගිනස් වාර්තාව තියලා ඉවරය.

ජනතාව ජිවත් වෙන්නට විදින අපමන වෙහෙස වත්මන් පාලකයන්ට දැනෙන පාටක් පෙනෙන්නටවත් නැත.

රටේ සංවර්ධනයක සේයාවක්වත් නැත.

ඩෙංගු වසන්ගතය ලක්ෂ දෙක දක්වා ඉහළ ගොස්ය. රොහල් වල බෙහෙත් නැත. එක ඇදක රෝගීන් සතර දෙනෙකි, රටට කන්න හාල් හිගය ගොවියන් අනාථය. ලබන අප්ප්‍රේල් මසයේ සිට මුට්ට කරගහන කම්කරුවාත් බදු ගෙවිය යුතුය. රටේ සම්පත් විකුණා රට අනාථය.

මහ බැංකු මංකොල්ලය නිසා ආයෝජකයෙක් රට පලාතෙවත් නැත.,සැම තැනම වර්ජනය සේවකයන් මහපාරේය. කොටින්ම රටේ ජනතාවට කිසිදු යටිතල පහසුකමක් නැත. අධ්‍යාපනය අඩාළ බව ජාත්‍යන්තර වාර්තා පෙන්වාදෙන්නේය. අල්ලස දුෂණය ඉයවහා ගොසින්ය,රටේ ණය බර අහස උසය. ජනතාවට ලබන වසර වෙන්නට පෙර එක් ආහාර වේලකින් සරිවන්නට නොවනුමානය. කෘෂිකර්මය කඩා වැටීම නිසා අත්‍ය අවශ්‍ය ආහාර හිගයක් අතලගය.
විමසිලිමත් වි ඔබ සනාථකරගත යුතු කරුණු මේවාය

හිතන්න බුද්ධියට ඉඩ දෙන්න මේ පාට මාරුකරන කටුස්සෝ ඔබ අහියස තබා ඇති අවධානම අවබෝධ කර ගන්න හෘද සාක්ෂියට ඉඩ දෙන්න බුද්ධියෙන් තීරණය කරන්න!
දැන් මේ සියල්ල උරගා බලන්න කාලය හරිය. එන ඡන්දෙදීවත් ජනතාව බුද්ධිමත් වේද? රට පවතීනේ ඒ තීරණය මතය.

About SirilakaNews

Check Also

Untitled-1

ශ්‍රීලංකාවෙන් වතිකානුවට අතීතයේ ආ අලි පැටවා! A baby elephant to Vatican from Sri Lanka History

        ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකයට වාර්තා කළ දේශාටකයන් අතර ලුඩොවික් වර්තිමා සැලකෙන්නේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *