Breaking News
Home / ක්‍රීඩා / ඕස්ට්‍රේලියාවෙන් ඇරඹෙන ජගත් ටෙනිස් ශුරතා සැනකෙළිය!

ඕස්ට්‍රේලියාවෙන් ඇරඹෙන ජගත් ටෙනිස් ශුරතා සැනකෙළිය!

 Untitled-2

වාර්ෂිකව ප්‍රධානතම ටෙනිස් ශූරතාවලි සතරක් පැවැත්වෙයි. එය ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා නමින් හඳුන්වනු ලබයි. ඊට ඔස්ට්‍රේලියානු විවෘත, ප්‍රංශ විවෘත, විම්බල්ඩන් (එංගලන්තය) සහ ඇමෙරිකානු විවෘත ශූරතාවලි සතර අයත්ය.

මෙම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා මෙහෙයවනු ලබන්නේ අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය (අයි. ටී. එෆ්.) විසිනි. ඊට ලොව සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වෙති. එහිදී අති විශාල ත්‍යාග මුදල් මෙන්ම ප්‍රසාද ලකුණුත් පිරිනමති.

සුපුරුදු පරිදි 2018 වසරේදීත් ප්‍රථම වරට පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියයි. එය මෙම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සතරින් අවසන් වරට ආරම්භ කරන ලද ශූරතාවලියත් වේ. ඒ 1905 වසරේදීය. ප්‍රංශ විවෘත 1891, විම්බල්ඩන් 1877 සහ ඇමෙරිකානු විවෘත 1881 වසරවලදීත් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ 106 වැනි වතාවටයි. එය ජනවාරි මස 15 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතය. ඒ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් උද්‍යානයේදීය. පිටි 25 කදී තරග පැවැත්වෙනු ඇත.

සුපුරුදු පරිදි කාන්තා, පිරිමි, බාලක, බාලිකා කේවල (තනි), යුගල, මිශ්‍ර යුගල සහ රෝද පුටු ලෙස අංශ කිහිපයකින් පැවැත්වෙනු ඇත.

මෙවර කාන්තා සහ පිරිමි කේවල ශූරතාවන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 4,000,000 බැගින් මුදල් පිරිනමයි. අනුශූරතාව 2,000,000 මුදල් බැගිනි. එය කාන්තා සහ පිරිමි යුගල ඉසව්වලදී ශූරතාවන්ට 650,000 බැගිනි. අනුශූරතාවන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 325,000 බැගිනි. මිශ්‍ර යුගල ශූරතාවන්ට 150,500 කි. අනුශූරතාවන්ට 75,500 කි.

2018 ශූරතාවලියේදී ශ්‍රේණිගත කිරීමට අනුව කාන්තා කේවල මුල් තැන රුමේනියාවේ සිමෝනා හාලෙප්ටය. ඇය වත්මන් ලොව අංක 01 ක්‍රීඩිකාවයි. ප්‍රථම දරු උපත නිසා තාවකාලිකව ක්‍රීඩාවෙන් ඉවත් වී සිටි සුපිරි ක්‍රීඩිකා ඇමෙරිකාවේ සෙරිනා විලියම්ස් නැවතත් ක්‍රීඩාවට පිවිසෙන්නේ ද මෙම 2018 ශූරතාවලියේදීය.

මෙවර පිරිමි කේවල ශ්‍රේණිගත මුල්තැන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ටය. ඔහු ලොව අංක 01 ක්‍රීඩකයාය. ගියවර ශූරයා වන ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර්ට දෙවන තැනය.

2016 වසරේදී මෙම ශූරතාවලිය පිටිවලට ගොස් නැරඹූ ප්‍රමාණය 720,363 කි. එය 2017 දී 728,763 කි. එය මෙම වසරේදී තවත් වැඩි වෙනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

About SirilakaNews

Check Also

02

සංචාරක සේවයට අදාල වික්‍රමාන්විත පුහුණු සේවා ත්‍රිවිධ හමුදාවට බාර කෙරේ! The Adventure Training program for the Travel Services is handed over to the three armed forces

වික්‍රමාන්විත සංචාරක සේවා (Adventure Tourism) සහ වික්‍රමාන්විත පුහුණු සේවා (Adventure Training) යනු ලෝකයේ සංචාරක ව්‍යාපාරය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *