Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / සඳ මත ඉදිකෙරෙන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක සිට අඟහරු ග්‍රහයා මත පරේෂණ කිරිමට අභ්‍යාවකාශගාමීහු සුදානමින්!

සඳ මත ඉදිකෙරෙන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක සිට අඟහරු ග්‍රහයා මත පරේෂණ කිරිමට අභ්‍යාවකාශගාමීහු සුදානමින්!

image_acb474b7b0

නුදුරු අනාගතයේදී සඳ මත ඉදිකෙරෙන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක සිට අඟහරු ග්‍රහයා කරා ගගනගාමීන් පිටත් කර යවමින් අඟහරු ග්‍රහයා මත සිට විවිධ පර්යේෂණ කිරීමට අභ්‍යාවකාශගාමීහු සැලසුම් කරමින් සිටිති.

ඒ පිළිබඳ සමාලෝචනයක් පසුගියදා ප්‍රංශයේ තුලූස් නගරයේදී පැවැති අභ්‍යවකාශ විද්‍යාඥයින්ගේ ලෝක සම්මන්ත‍්‍රණයේදී ඉදිරිපත් කෙරිණ.

යුරෝපයේ අභ්‍යවකාශ නගරය ලෙස සැලකෙන පැරීසියේ සිට කි:මී: 680ක් දකුණු දිග ප‍්‍රංශයේ පිහිටි තුලූස් නගරයේදී පසුගියදා ලෝක අභ්‍යවකාශ ගවේශකයන්ගේ සංගමයේ 30 වැනි සම්මන්ත‍්‍රණය රටවල් 17ක අජටාකාශගාමීන් හා ගගනගාමීන් 100 ක සහභාගිත්වයෙන් සතිය පුරා අභ්‍යවකාශ විදයාඥයින්ගේ ලෝක සම්මන්ත‍්‍රණය පැවැත්විණි.

1985දී ආරම්භ වූ මෙම සංගමයේ ප‍්‍රථම සම්මන්ත‍්‍රණය ප‍්‍රංශයේදී පැවැත්වූ අතර ඉන්පසු හංගේරියාව, මෙක්සිකෝව, බල්ගේරියාව, සවුදි ආරාබිය, නෙදර්ලන්තය, ජර්මනිය, ඇමෙරිකාව, ඔස්ටි‍්‍රයාව, රුසියාව, පෝලන්තය, කැනඩාව, කොස්ටරිකාව, බෙල්ජියම, රුමේනියාව, ස්පාඤ්ඤය, කසකස්ථානය, ජපානය, ස්කොට්ලන්තය, චෙකෝස්ලෝවෙකියාව, මැලේසියාව, ස්වීඩනය, චීනය ආදී රටවල එක් එක් වසර වලදී පවත්වා ඇති අතර වසර 30 කට පසු මෙවර ප‍්‍රංශයේ තුලූස් නගරයේදී පැවැත් වීමට තෝරා ගත්තේය.

මේ සඳහා පෘථිවිය වටා අභ්‍යවකාශ යානයක එක් වරක් හෝ ගමන් කර ඇති අජටාකාශගාමීහු සහභාගි වූහ.

1970දී අභ්‍යවකාශ ගතවූ ඇමෙරිකා ජාතික ඔවෙන් ගැරියොට්ගේ සිට අභ්‍යවකාශයේ ස්ථාන ගත කර ඇති ජාත්‍යයන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පරීක්ෂණ සිදුකර පසුගියදා පෘථිවියට පැමිණි 39 හැවිරිදි ප‍්‍රංශ ජාතික තෝර්මා පැස්කේ දක්වා පරම්පරාවට අයත් අජටාකාශගාමීහු බොහෝමයක් මෙම සම්මන්ත‍්‍රණයට සහභාගි වූහ.

සමුළුවේ ගෞරවනීය ආරාධිතයා ලෙස ලෝක සූර්ය බල ශක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ ප‍්‍රධානියාවූ ස්විස් ජාතික බර්ට‍්‍රන්ඩ් පිකාඩ් සහභාගි වූයේය.

මෙම සම්මන්ත‍්‍රණයේ දී නව ලෝකයන්හි ගවේශකයෝ හා අපේ පෘථිවියේ ග‍්‍රහයන් යන මැයෙන් ප‍්‍රංශයේ ජාතික අභ්‍යවකාශ අධ්‍යයන කේන්ද්‍රයේ සභාපති ලයනල් සුසෙට් මහතාද, අභ්‍යවකාශයේ නවතම පුවත් යන මැයෙන් සොචී නොගුචී මහතාද ජත්‍යයන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ජයග‍්‍රහණ හා අභියෝග යන මැයෙන් ක‍්‍රිස්ටියන් ෆීචින්ගර් හා රයින් හෝල්ඩ්  ඕවාල්ඩ් මහතාද චීන අභ්‍යවකාශ වැඩ සටහන හා අනාගතයේ එයාර් බස් ගුවන් යානා ව්‍යාපෘතිය යන මැයෙන් බොනී ඩන්බාර් යන අජටාකාශගාමීන් දේශන පැවැත් වුයේය.

සම්මන්ත‍්‍රණය පැවැත්වූ සතිය පුරා අජටාකාශගාමීන් සමඟ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයන්ට සහභාගි වීමේ දුර්ලභ අවස්ථාවක්ද සිවිල් ජනයාට ලබාදී තිබිණි.

ඒ සඳහා අයදුම්කරුවන් කුසපත් ඇද තෝරා ගත් පිරිස් ඉහත දින කිහිපයේදී භෝජන සංග‍්‍රහයට සහභාගි වීමේ වාසනාව ද ලැබුණේය.

About SirilakaNews

Check Also

Untitled-2

උතුරු කොරියාවේ 70වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියට මෙවර කිසිදු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) එක් නොවුනි. No intercontinental ballistic missile (ICBM) has joined this military march to mark the 70th anniversary of North Korea.

උතුරු කොරියාවේ 70වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියට මෙවර කිසිදු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *