Breaking News
Home / ක්‍රීඩා / ශ්‍රීලංකාවේ ක්‍රිකට් නිළ පුහුණු කරු තනතුරට චන්දික හතුරුසිංහ හෝ ඔස්ට්‍රෙලියාවේ ඡේසන් ගිලෙප්සි සහ මාර්ෂ් පත්විමට නියමිතව ඇත.

ශ්‍රීලංකාවේ ක්‍රිකට් නිළ පුහුණු කරු තනතුරට චන්දික හතුරුසිංහ හෝ ඔස්ට්‍රෙලියාවේ ඡේසන් ගිලෙප්සි සහ මාර්ෂ් පත්විමට නියමිතව ඇත.

 බංග්ලාදේශ ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය දරමින් එරට ක්‍රිකට්‌ ක්‍රීඩාව ඉහළට ඔසවා තැබු Chandika-Hatuurusinghe සිය පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්‌වන බව නිල වශයෙන් බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනයට දන්වා තිබේ.

2019 ලෝක කුසලාන වන තෙක්‌ හතුරුසිංහ බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා කොන්ත්‍රාත් අත්සන් කර තිබුණද හදිසියේ ඔහුගේ ඉවත්වීමට හේතුව කුමක්‌දැයි මෙතෙක්‌ සඳහන් නොවුණද මිළඟ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුවා ලෙස හතුරුසිංහ කටයුතු කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මේ වසරේදී බංග්ලාදේශ කණ්‌ඩායම සමග ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේදී හතුරුසිංහ සමග මාධ්‍ය විසින් ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරය බාර ගැනීමට ආරාධනා කළොත් භාර ගන්නවාද යන්න විමසන ලදුව, “ඔව් මමත් කැමතියි මගේ රටේ පුහුණුකරු විදිහට කටයුතු කරන්න. හැබැයි හරි විදිහට තියෙන්න ඕන. නමුත් මම බංග්ලාදේශය සමග 2019 වන තෙක්‌ ගිවිසුම් අත්සන් කරලා ඉවරයි.” යනුවෙන් පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මේ සම්බන්ධයෙන් පවසා සිටියේ, “හතුරුසිංහ බංග්ලාදේශයෙන් ඉවත්වෙලා කියලා ආරංචියි. අපි තවම හතුරුසිංහ සමග නිල වශයෙන් සාකච්ඡා කරලා නැහැ. පුහුණුකරුවන් කිහිප දෙනෙකුටම අපි අවධානය යොමු කරලා තියෙනවා. කොහොම වුණත් දැන්ම නම් කියන්න බැහැ. ලබන ජනවාරි 1 වැනිදා සිට අලුත් පුහුණුකරුවකු ගෙන්වනවා.” යනුවෙනි.

49 හැවිරිදි වියේ පසුවන චන්දික හතුරුසිංහ 1991 සිට 1999 දක්‌වා කාලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇති අතර එහිදී ඔහු ටෙස්‌ට්‌ තරග 26 කට සහ එක්‌දින තරග 35 කට සහභාගි වී තිබේ. මේ වන විට ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටින හතුරුසිංහ බංග්ලාදේශ රාජකාරියට සමුදී ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව යැමට නියමිත අතර අනතුරුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය.

ග්‍රැහැම් ඉකුත් ජුනි මාසයේ ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ හතුරුසිංහ සහ තවත් පුහුණුකරුවන් කිහිප දෙනකු සමගම සාකච්ඡා කර තිබේ. මේ අතර ඔස්‌ටේ්‍රලියාවේ ඡේසන් ගිලෙප්සි සහ  මාර්ෂ් සමගද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

About SirilakaNews

Check Also

bba661353c11fbd76119261765043e65-046-klmE-U100581638470xPH-620x349@Gazzetta-Web_articolo

දකුණු ආසියා පාපන්දු ශුරතාවය බංගලදේශයේදි ඇරඹේ! South Asia football championship commences in Bangladesh.

නේපාලය සහ පකිස්ථානය අතර තරගයෙන් 12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන (සාෆ්) පාපන්දු තරගාවලිය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *