Home / කලා / ලෝ පූජිත හොලිවුඩ් නළු චක්‌ නොරිස්‌ සිය චිත්‍රපට දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කරයි!

ලෝ පූජිත හොලිවුඩ් නළු චක්‌ නොරිස්‌ සිය චිත්‍රපට දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කරයි!

 Untitled-2

ලෝ ප්‍රකට බටහිර ක්‍රියාකාරි චරිත නිරුපනයේ නියැළි නළුවෙකු වු චක් නොරිස් සිය පවුලේ පෞදගලික හේතුවක් සම්බන්ධයෙන පවතින අවිවේකි බව නිසා මින් ඉදිරියට සිනමාව සමග සම්බන්ධ නොවන බව පසුගිය දා ප්‍රකාශ කලාය.
1940 මාර්තු මස 10 වන දින ඇමරිකාවේ කැලිෆොනියා ප්‍රාන්තයේදි උපත ලද මෙම අසහය රංගන වේදියා ගේ උපන් නාමය වුයේ රේ රයන් නොරිස්ය
පාසැල අවධියේදි ඉතා මන්දගාමී නිහඩ චරිතයක් වි නොරිස් සිය වෘතීය ජිවිතයට පිවිසෙන්නේ ඇමරිකානු ගුවන් හමුදා නිළධාරියෙකු ලෙසය
හමුදා සේවය සදහා කොරියවේ පිහිටි ඇමරිකානු හමුදා කදවුරකට අනුයුක්ත විමෙන් අනතුරුව චක් නොරිස් එහිදි පාදයෙන් වැරෙන් පහර දිමේ සටන් කලාව නොහොත් ටයිකොන්ඩෝ කරාටේ පුහුණුව ආරම්භ කිරිමට පෙළඹිම හරහා ඇමරිකානු කරාටේ ශුතාවය දක්වා ඉහළට පැමිණෙන අතර එහිදි ලෝක කරාටේ ශුර බෲස්ලී සමග එන්ට්‍රද ඩ්‍රැගන් චිත්‍රපටයේ සටන් දර්ශණයකට පෙනී සිටීමේ අවස්ථාව උදාකර ගත්තේය.

එතැන පටන් ඇමරිකානු සිනමාපට ලෙස ලෝකය පුරා ජනප්‍රිය වු අති දැවන්ත නිර්මාණ රෑසකට දායකත්ව දුන් ඔහු 1990 දශකය වන විට ලෝව පුරා ජනප්‍රියතාවයක් හිමි කරගත් ක්‍රියාකාරී චරිතාංග නළුවෙකු ලෙස ප්‍රකට විය.

අඛණ්ඩව කරාටේ ක්‍රිඩාව ප්‍රගුණ කරමින් ටයිකොන්ඩෝ සටන් කලාව ආශ්‍රිත මුල්ම ඇමරිකානු ආවේනික සටන් ක්‍රමයක් හදුන්වාදුන් ඔහු ඊට ටෑන්ග් සු දෝ යනුවෙන නම් තබා කළු පටි 10 වෙනි ශ්‍රේණියේ ශුරතාවය හිමිකර ගත්තේය.

ඉන් නොනැවතුණු ඔහු චිත්‍රපට නිෂ්පාදනයට අධ්‍යක්ෂණයට සහ ලේඛණ කලාවටද පිවිසි අතර මැත භාගයේ ලොව පුරා ජනප්‍රිය  වු රුපවාහිනී නාට්‍ය  ටෙක්සාස් රෙන්ජර් හී රගපැම වෙනුවෙන් සම්මානය ප්‍රප්තවිය.

එහෙත් ඉකුත් දා මේ අසහය හෙලිවුඩ් නළුවා හදිසියේ කල ප්‍රකාශයකින් ඔහුට ලැදි ලෝක ප්‍රෙක්ෂකයින් විශ්මයට පත් වන්නට විය.

එනම් ලෝ පූජිත හොලිවුඩ් නළු චක්‌ නොරිස්‌ සිය චිත්‍රපට දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර ඇත. ඊට හේතුවී ඇත්තේ සිය බිරිය වූ ජෙනාට එම්.ආර්.අයි. ස්‌කෑන් පරීක්‍ෂණයේ දී වසක්‌ ශරීරගත වීම නිසා දුබල තත්ත්වයකට පත්වීමය.

මෙම එම්.ආර්.අයි. ස්‌කෑන් පරීක්‍ෂණයේ දී සිදුවූ වැරැද්දට හේතුවී ඇත්තේ ජෙනාට එන්නතක්‌ ලබාදීමයි. එම එන්නත විෂවී ඇතැයි චක්‌නොරිස්‌ චෝදනා කර ඇත.

තමා චිත්‍රපට දිවියෙන් සමුගෙන බිරිය බලා ගන්නා බව චක්‌ නොරිස්‌ ප්‍රකාශ කර තිබේ. මෙම එන්නතේ ගැඩෝලිනියම් අඩංගු බව වාර්තා වේ. ලොව පුරා මිලියන 60 ක්‌ එම්.ආර්¾අයි. ස්‌කෑන් පරීක්‍ෂණය කරගන්නා බව ජගත් සෞඛ්‍ය සංවිධානය කියා සිටී.

About SirilakaNews

Check Also

Untitled-1

සිංහල ප්‍රවෘත්ති කියන මුල්ම මුස්ලිම් යුවතිය ෆාතිමා නස්රින්

අද සිට මේ ඇරැඹෙන්නේ පුංචි තිරයේ නිවේදක නිවේදිකාවන් සොයා යන ගමනකි. එහිදී ප්‍රවෘත්ති පූරකයන් විශේෂයි. ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *