Home / නිදහස් පන්හිද / ලෙනින් ඔක්තොම්බර් විප්ලවයට මුවාවෙන් සාර් රජපෙළපත ඝාතනය කලාද?

ලෙනින් ඔක්තොම්බර් විප්ලවයට මුවාවෙන් සාර් රජපෙළපත ඝාතනය කලාද?

sar 2
සාර් රජ පවුල

ලෝ පූජිත ඔක්‌තෝම්බර් විප්ලවයට වසර 100 ක්‌ සපිරුනේ මෑතකදීය. එහෙත් මේ විප්ලවයත් සමඟම අත්අඩංගුවට ගනු ලැබූ රොමානොව් රජ පවුල හෙවත් සාර් රජ පවුල මුහුණ පෑ බිහිසුණු ඉරණම 1999 වසර වනතුරු වසන්වී තිබුණි.

sar 5
එම බිහිසුණු ඝාතනය සිදුවූ ස්‌ථානය

එහෙත් සාර් රජ පවුල ඝාතනය කිරීමට අදාළ රහස්‌ තොරතුරු බ්‍රිතාන්‍ය ජාතික ලේඛනාරක්‍ෂක බලධාරීන් විසින් හෙලිකරනු ලැබීය.

sar 4
මුළු රජ පවුලට වැනසූ යාකොව් යුරොව්ස්‌කි

1999 වසරේ ජුලි මස දිනෙක බ්‍රිතාන්‍ය විදේශ ලේකම්ව සිටි රොබින් කුක්‌ එම රහස්‌ ලියවිලි රුසියානු විදේශ ලේකම් ඉනෝර් ඉවනෝව් වෙත භාරදීමට ක්‍රියාකර ඇත.

1918 ජුලි 17 සහ 18 යන දෙදින තුළ සාර් රජ පවුල ඝාතනය විය. එම වසරේ සැප්තැම්බර් 18 දා බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවට ලත් රහසිගත වාර්තාවක මෙලෙස සඳහන් විය.

වෙඩිතබා ඝාතනය කළ සාර් රජ පවුලේ සිරුරු සල්පියුරික්‌ ඇසිඩ් වත්කර පුළුස්‌සා දමා ඇත. පුළුස්‌සා දැමූ ස්‌ථානයේ තිබී රැජිනගේ යයි සැකකරන ඇඟිල්ලක්‌ද තිබී හමුවිය. ඇගේ එම ඇඟිල්ල කපා මුද්ද ඉවත්කරගෙන තිබුණි.

sar 1
රුසියානු ජනාධිපතිව සිටි යේල්ස්‌ටින්ගේ සමයේදී සිරුරු කොටස්‌ ගොඩගෙන බුහුමන් දැක්‌වූ අයුරු.

එවකට බ්‍රිතාන්‍ය රජුවූ පස්‌වැනි ජෝර්ඡ් රජුට නෑකම් කියන සාර් රජ පවුල ගැන සොයාබලන ලෙස බ්‍රිතාන්‍ය චරපුරුෂයන්ට නියෝග කර තිබුණි.

රුසියාවේ එකාටරින්බර්ග්හිදී ඝාතනය වූයේ 2 වැනි සාර් රජු, ඇලෙක්‌සැන්ඩ්‍රා, පයෝඩොරවොනා, ඇලෙක්‌සිකුමරිය සහ ඔල්ගා, ටටයිනා, මාරියා සහ ඇනස්‌ටේසියා යන දරුවන්ය.

lemna
ලෙනින්

2008 වසරේ ජුලි මස දිනෙක සාර් රජපවුලට සිදුවූ ෙ€දනීය ඉරණම ග්‍රන්ථයකින් හෙලිවිය.

1918 අප්‍රේල් 29 දා ට්‍රාන්ස්‌ සයිබීරියන් දුම්රිය මගේ පිහිටි ලුයිබින්ස්‌කයා දුම්රිය පලවෙත පැමිණි දුම්රියක මැදිරියක්‌ තුළ සාර් රජ පවුල අත්අඩංගුවේ පසුවිය. අනතුරුව ටෝබෝල්සන් නගරයේ කුඩා නිවසකට ගෙනයනු ලැබූ රජ පවුල එහිදී සිරගත කෙරුණි.

රජපවුල සමඟ පවුලේ සුනඛයන්වූ ඔර්මිනෝ – ජෝසි සහ ජෙම්ද විය.

සාර් රජ පවුල දින 74 කට පසු ඝාතනය කිරීමේ මෙහෙයුම බාරවූයේ යුරෝවොස්‌කි යාකොව් යන මෙදවේදෙව් කුදින් නැමැති ඝාතකයන් දෙදෙනකුට බව විමර්ශනවලදී හෙලිවිය.

මේ බිහිසුණු ඝාතනය සියෑසින් දුටුවෙක්‌ වසර ගණනකට පසු මියයැමට මත්තෙන් තම ඥතීන්ට තොරතුරු හෙලිකර ඇත.

සෝවියට්‌ දේශය ඇද වැටීමත් සමගම සාර් රජ පවුලේ ඝාතන භූමිය පරීක්‍ෂාවට ලක්‌විය. එම සමයේ රුසියානු නායකයාවූයේ බෝරිස්‌ යේල්ස්‌ටින්ය.

ඝාතනයවූ ස්‌ථානය පරීක්‍ෂාවට ලක්‌කළ රුසියානු වෝහාරික විශේෂඥයෝ සාර් රජ පවුලේ දරුවන්ගේ ඉතිරිව තිබූ ඇට කැබලිද සොයාගැනීමෙන් පසු ඩී එන් ඒ පරීක්‍ෂාවට ලක්‌කරනු ලැබීය.

මේ අවස්‌ථාවට රුසියානු ඔතර්ඩොක්‌ස්‌ පල්ලියේ නායකයන්ද සහභාගිවී ඇත.

සාර් රජ පවුලේ සිරුරු කොටස්‌ 1991 වසරේ යෙකටෙරින්බර්ග් වනයේදී ගොඩගෙන ඇත.

සාර් රජු ඝාතනය වනවිට රටේ සිවිල් යුද්ධයක්‌ද ඇතිවී තිබුණි. බෝල්ෂෙවික්‌වරුන්ට එරෙහි සුදු රුසියානු හමුදාව රජ පවුල බේරාගැනීමට යෙකටෙරින්බර්ග් වනයට ආගමනයේ යෙදෙන බව වාර්තා වී තිබුණි.

එහි ප්‍රතිඵලය වූයේ සාර් රජපවුලට සෝවියට්‌ බලධාරීන් මරණ දඬුවම නියම කිරීමයි.

මේ අති බිහිසුණු ඝාතනය දුටු තවත් සාක්‌කිකරුවකු රුසියානු මාධ්‍යවලට පවසා තිබුණේ 1918 ජුලි 16 දා රජ පවුල සිටි නිවසට කඩා වැදුණි. සන්නද්ධ පිරිසක්‌ රජ පවුලේ අයටත් සේවකයන්ටත් සුනඛයන්ටත් වෙඩි තබා මරාදැමූ බවය.

ඔක්‌තෝම්බර් විප්ලවයට ශ්‍රේෂ්ඨ විප්ලවය යයි එවකට සෝවියට්‌ මාධ්‍ය හඳුන්වනු ලැබුවත් රොමානෝව් රජ පවුල බිහිසුණු ලෙසින් ඝාතනය කිරීමේ චෝදනාව එල්ලවූයේ සෝවියට්‌ නායක ලෙනින්ටය. ඔහුගේ රහස්‌ නියෝගයක්‌ මත එම ඝාතනය සිදුවූ බව පසුව අනාවරණය විය.

මේ අතර සාර් රජ පවුලේ දියණියවූ ඇනෙස්‌ටාසියා දිවිගලවා ගත් බව වාර්තාවූවත් ඩී එන් ඒ ලේපටල වලින් එය සාවද්‍ය බව තහවුරු විය.

සෝවියට්‌ විප්ලවයෙන් පසු ලෙනින් වෙතටද කාන්තාවක්‌ විසින් බෝම්බ ප්‍රහාරයක්‌ එල්ලකළ අතර ඉන් ඔහු තුවාල ලැබීය.

සෝවියට්‌ දේශයේ ඔක්‌තෝම්බර් විප්ලවයේ 100 වැනි සමරුවේදී සෝවියට්‌ දේශය කැබලි රැසකට බිඳීගොස්‌ තිබුණි.

සාර් රජු සහ පවුලේ සියලුදෙනා ඝාතනය කිරීමට අදාළ රහස්‌ ලියවිලිවල තොරතුරු රුසියානු ලේඛනාගාරයේ තිබී හමුවූ බවද වසර කීපයකට පසු වාර්තා වේ.

ඌරල් ප්‍රාදේශීය සෝවියට්‌ කණ්‌ඩායම විසින් සාර් රජ පවුල විනාශ කළ යුතු බවට තීරණය කර තිබුණි.

ඒ වනවිට එම රජ පවුල සිටි ඉපෙට්‌සියා මැදුර භාරව සිටියේ යාකොව් යුරොවස්‌කි නැමැති බෝල්ෂේවික්‌ ක්‍රියාකාරියායි.

ඔහුගේ නියෝග මත පවුලේ සියළුදෙනා බිහිසුණු ලෙසින් ඝාතනය විය. එම ඝාතනයෙන් පසු ඌරල් බෝල්ෂේවික්‌ විධායක කමිටුවට සම්බන්ධ ඇලෙක්‌සැන්වේ බෙලබොරඩෝව් නැමැත්තා රහස්‌ විදුලි පණිවුඩයක්‌ ලෙනින් වෙත යවා ඇත.

එහි මෙසේ සඳහන් විය.

ස්‌වද්ලොට්‌ට දැනුම් දෙන්න. පවුලේ සියලුදෙනා එකම ඉරණමකට ගොදුරුකලා. එහෙත් පවුලේ අප ඉවත් කිරීමේදී මියගියා.

මේ විදුලි පණිවුඩය නිසා සාර් රජ පවුල විනාශ කිරීම සඳහා සෝවියට්‌ නායකයාව සිටි ලෙනින් සම්බන්ධ බවට සනාථ විය.

About SirilakaNews

Check Also

Untitled-4

ස්වකීය ජීවිත දැයේ උරුමය රැක ගැන්ම උදෙසා කැප කළ වෙල්ලස්සේ මුතුන්මිත්තන් !

  ඉතිහාසය වූ කලී එතෙක් මෙතෙක් පැවැති මානව සමාජයන් මුහුණදුන් පන්ති සටන්වල කතාන්තරය යැයි කාල් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *