Breaking News
Home / දේශපාලන / මෙරට ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් විවාදයකට එන්න සිවාජිලිංගම් ගම්මන්පිලට අභියෝග කරයි!

මෙරට ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් විවාදයකට එන්න සිවාජිලිංගම් ගම්මන්පිලට අභියෝග කරයි!

 GAMSIV

මෙරට ජාතික ප්‍රශ්නය ගැන හෝ බලතල බෙදීමේ අවශ්‍යතාව ගැන නිසි අවබෝධයකින් තොරව අදහස් දක්වන පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට තමා හා සාකච්ඡාවකට පැමිණෙන්නැයි අභියෝග කරන බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පැවසීය.

උදය ගම්මන්පිල මහතාට සිංහල ජනතාව ගැන හෝ රට ගැන ආදරයක් නොමැති බවත් දේශපාලන උන්නතිය තකා සිංහල ජනතාව සුළු ජනතාව සමගින් බේද කිරීම ඔහුගේ අරමුණ බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම  උතුරු පළාත් සභාවේ වත්මන් මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් මහතා මේ බව පැවසුවේ උදය ගම්මන්පිල මහතා අවස්ථා රැසකදීම  සිදුකර තිබූ ප්‍රකාශ පිළිබද අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවාජිලිංගම් මහතා මෙසේද සදහන් කළේය.

‘‘අපි දීර්ඝ කාලයක් තිස්සේ හිරිහැරවලට ලක්වුණ ජාතියක්. දෙමළ ජනතාවත් මේ රටේම ජන කොටසක්. ඔවුන්  නිදහසේ ජීවත් විය යුතුයි. ඔවුන් දීර්ඝ කාලයක සිට විසදුම් ඉල්ලන ජාතික ප්‍රශ්නයට මෙතෙක් විසදුම් ලැබී නැහැ. ඒ ජනතාවගේ  අර්බුදයට විසදුම් ලබාදිය යුතුයි.

මේ ජාතික ප්‍රශ්නයට විසදුමක් විදිහට අපි වෙනම රටක් හෝ රටෙන් කොටසක් ඉල්ලන්නෙ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ සිංහල ජනතාවත් එක්කයි මුස්ලිම් ජනතාවත් එක්කයි සාමයෙන් හා සහෝදරත්වයෙන් ජීවත් වෙන්නයි. මේ රටේ දැන් යුද්ධයක් නැහැ.අපේ ප්‍රශ්නයට විසදුම් දුන්න කියල ඒකෙන් කාටවත් කොහෙටවත් කිසිදු බලපෑමක් වෙන්නෙ නැහැ.

අපේ ස්ථාවරය තමයි එක්සත් ශ්‍රීලංකාවක් තුළ මේරටේ සියළු ජනතාවට සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහෙ පරිසරයක් නිර්මාණය කරමින් පූර්ණ බලතල බෙදීමකට යන එක. අපේ ඒ ස්ථාවරය ගැන උදයගම්මන්පිල  මහත්තය වගේ දකුණේ දේශපාලන නියෝජිතයින් ගොඩක් වැරදි ලෙස අර්ථකතනය කරනවා. ඒ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් හරි දැනුමක් නැහැ කියන එකයි මගේ අදහස. මේ නිසා මේ ගැන සිංහල ජනතාවට වැරදි ලෙස අර්ථකතන සිදුකරන්න එපා කියල මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා.‘‘

About SirilakaNews

Check Also

image_1500986643-979237be45

එක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වෙනුවෙන් ලාංකික මහජනතාවට දැරීමට සිදුවන වියදම මසකට (වැටුප් සදහා පමනක්) රුපියල් ලක්ෂ 5 කි. The cost to the Sri Lankan people for a single MP (only for salaries) is Rs.5 lakhs per month.

සතිපතා කැබිනට් මණ්ඩල රැස්වීම පසුගිය අගහරුවාදා පැවැති නමුත් එය විනාඩි 45 කට පමණක් සීමාවිය. එම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *