Breaking News
Home / ප්‍රධාන පුවත් / දේශීය ගොවිතැන අඩාල කොට ආණ්ඩුව විදෙස් රටවලින් මුදලට සහල් ගනී!

දේශීය ගොවිතැන අඩාල කොට ආණ්ඩුව විදෙස් රටවලින් මුදලට සහල් ගනී!

Riso_maturo

1476453907-riso

2015 ජනවාරි මාසයට පෙර පැවැති රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති අනුව මෙරට ගොවි ජනතාවට ලබාදුන් අනේක විධි ආධාර හරහා මෙරට සහල් නිෂ්පාදනය පරිමාව උපරිමය වු  වර්ධනය පැවැති අතර එසේ දේශීය වී ගොවීයා වෙතින් නිෂ්පාදන වු සහල්වල උපරිමය අතිරික්තයක් ලෙස විදේස් රටවල් කීපයකට අපනයනය කිරිමටද හැකිවිය.

2015 ජනවාරියෙන් පසු බළයට පැමිණි වත්මන් රජය යටතේ මේ තත්වය සහමුලින්ම වෙනස් වු තත්වයක් උදාවු අතර වී ගොවී තැනේ නියුතු ගොවියන් හට එතෙක් ලබා දුන් පොහොර සහනාධාරයද කපා දැමීමට රජය පියවර ගැනීම සහ රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ලෙස වී වගා කරන කුඹුරු සහ ඉඩම්වල අපනයනික බෝග වගාව සිදුකල යුතු බවට වු වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම හරහා රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වු බත සපයාගත් නොහැකි තත්වයක් උදාවිය.

නිෂපාදනය හිග වීම නිසා අවශ්‍යතාවයට අනුව වෙළදපලට සහල් තොග නොලැබී යාමෙන්  හිගයට සාපේක්ෂව ඉහළ යන සහල් මිළ පාළනය කිරිමට රජය ගත් කිසිදු ක්‍රියා මාර්ගයක් සාර්ථක නොවිම නිසා ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම හරහා විදෙස් රටවලින් සහල් ආනයනය කර මෙරට වෙළදපළට  සහල් ලබාදිමට පාරිභෝගික අමාත්‍යංශය පියවර ගත් අතර ඊට රුපියල් ලක්ෂ දෙදහසක පමණ මුදලක්(රුපියල් කෝටි විස්සක මුදලක්) වැය කිරිමට සිදුවී ඇති බව මහ  බැකු වාර්තා පෙන්වාදෙයි.

ඉහත කී මහ බැංකු වාර්තාවලට අනුව ඉකුත් කන්නයේ පැවැති දැඩි ඉඩෝරය නිසා මේ වසරට වඩා වැඩි සහල් මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් ලබන වසරේ මුල් කාර්තුවේදි මෙරටට ආනයනයකිරිමට සිදුවෙතැයි අනුමාන කරන අතර ඊට මේවසරේ සහල් ආනයට වැය වු මුදල මෙන් දෙගුණයක් වැය වෙනු ඇතැයිද මහ බැංකුව නිකුත්කල වාර්තාවල වැඩිදුරටත් සදහන් විය.

 

About SirilakaNews

Check Also

Untitled-1mbvj

වාහන ලියාපදිංචියේදී අය කරන ගාස්තුව ඉහළ දමමින් රජය හඳුන්වා දුන් නව කාබන් බද්ද අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක විය. The new carbon tax introduced by the government has increased from 1 April to increase the levy on vehicle registration (Lease).

වාහන ලියාපදිංචියේදී (ලයිසන් කිරීමේදී) අය කරන ගාස්තුව ඉහළ දමමින් රජය හඳුන්වා දුන් නව කාබන් බද්ද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *