Home / දේශපාලන / ද්විත්ව පුරවැසි ප්‍රශ්නය රාජපක්‌ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමේ කූට අරමුණින් ආණ්‌ඩුව ගෙන එන ලද සංශෝධනයක්‌!උදය ගම්මන්පිල

ද්විත්ව පුරවැසි ප්‍රශ්නය රාජපක්‌ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමේ කූට අරමුණින් ආණ්‌ඩුව ගෙන එන ලද සංශෝධනයක්‌!උදය ගම්මන්පිල

 download

ද්විත්ව පුරවැසිභාවය ඇති ඇමැතිවරයෙක්‌ ද සිටියදී ඔබට පමණක්‌ මේ නීතිය බලපාන්නේ ඇයි කියා ස්‌විට්‌සර්ලන්ත තානාපතිවරයා ගීතා කුමාරසිංහ මහත්මියගෙන් විමසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. ගම්මන්පිල මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහිමි වීම පිළිබඳ පිටකෝට්‌ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී ය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

අද දින ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවකින් ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීනිය පමණක්‌ නොව දකුණු පළාතටම සිටිය එකම මන්ත්‍රීනිය වන ගීතා කුමාරසිංහ මැතිනියගේ මන්ත්‍රී ධුරය අහිමි වී තිබෙනවා. අපිට මේ ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව ගැන නම් කිසිම ගැටලුවක්‌ නෑ. අපිට ගැටලුව වී තිබෙන්නේ අසාධාරණ විදියට භයානක වන ද්විත්ව පුරවැසිකමේ නීතිය පිළිබඳවයි. මේ නීතිය පිළිබඳ කතා කිරීමට සමාජයේ අවධානය යොමු කිරීමට මීටත් වඩා හොඳ වෙලාවක්‌ තවත් නෑ කියල හිතනව.

ඇයි මේ නීතිය අසාධාරණ වෙන්නේ. ශ්‍රී ලංකා ආණ්‌ඩුවට යම් පුරවැසියෙක්‌ ද්විත්ව පුරවැසියෙක්‌ ද නැද්ද කියලා දැනගන්න කිසිම ක්‍රමවේදයක්‌ නෑ. යමෙක්‌ තම ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා පුරවන ඉල්ලුම් පත්‍රයේ ඔබ ද්විත්ව පුරවැසියෙක්‌ දැයි අසා ඇති ප්‍රශ්නයට ඔව් කියල පිළිතුරු ලිව්වොත් ආණ්‌ඩුව දැනගන්නවා ද්විත්ව පුරවැසියෙක්‌ කියලා. ගීතා කුමාරසිංහ මැතිනිය එම ප්‍රශ්නයට ඔව් කියල උත්තර ලියපු නිසා එතුමිය අද අමාරුවෙ වැටිල මන්ත්‍රී ධුරය අහිමිවෙලා තියෙනවා.

අපේ රටේ පුරවැසි බව දරමින් වෙනත් රටක පුරවැසි බව දැරීම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නුසුදුසු කමක්‌ වුණාට අපේ රටේ වැදගත්ම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිකම දරන්න නම් පුරවැසිකමවත් අවශ්‍ය නෑ. ශලීල මුණසිංහ වැනි මහත්වරුන්ට, මහත්වරු කියන එක හරිද මන්දා රාජ්‍ය ආයතනවල සභාපතිකම් දරන්න පුරවැසියෙක්‌ නොවීම ප්‍රශ්නයක්‌ වෙලා තිබුණේ නෑ. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබාගැනීමේදී තමන් ද්විත්ව පුරවැසියෙක්‌ බව ස්‌වෙච්ඡාවෙන්ම ප්‍රකාශ කිරීමම නුසුදුසුකමක්‌ වීම අසාධාරණ වන්නේ එලෙසයි.

මේ ද්විත්ව පුරවැසි ප්‍රශ්නය රටේ ජාතික ආරක්‌ෂාව පිළිබඳව ප්‍රශ්නයක්‌ නෙමෙයි. ජනතාවගේ ඉල්ලීමකුත් නෙමෙයි. රාජපක්‌ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමේ කූට අරමුණින් ආණ්‌ඩුව ගෙන එන ලද සංශෝධනයක්‌ කියන එකයි අපි ඉතාම වගකීමෙන් ජාතියට සිහිපත් කරන්නේ.

About SirilakaNews

Check Also

tpbje201507150dc

ජනාධිපතිතුමා දැතේ කරගැට එනතුරු කුඹුරු කෙටු පුද්ගලයෙකු බව පොළොන්නරුවේදි පවසයි!

  සමාජය යහපත් කිරීමට සහ වර්ණවත් කිරීමට ලබාදී තිබෙන නවීන තාක්ෂණය වැරදි අන්දමට භාවිතා කරමින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *