Breaking News
Home / දේශපාලන / ජනාධිපතිතුමා දැතේ කරගැට එනතුරු කුඹුරු කෙටු පුද්ගලයෙකු බව පොළොන්නරුවේදි පවසයි!

ජනාධිපතිතුමා දැතේ කරගැට එනතුරු කුඹුරු කෙටු පුද්ගලයෙකු බව පොළොන්නරුවේදි පවසයි!

 image_97deae0c75image_053320441f

සමාජය යහපත් කිරීමට සහ වර්ණවත් කිරීමට ලබාදී තිබෙන නවීන තාක්ෂණය වැරදි අන්දමට භාවිතා කරමින් ඇතැම් පිරිස් රජය පිළිබඳ විවිධ වැරදි  ප්‍රචාර ගෙන යමින් නින්දා, අපහස සිදු කරන බවත් සුළුතරයගේ හැසිරීම හමුවේ බහුතරයක් වෙනුවෙන් ගෙන යන වැඩ පිළිවෙළ නතර නොකරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පොලොන්නරුවේදී පැවැසීය.

තම ජිවිතයේ විවිධ රෑකියාවල නිරත වු බව සදහන් කල ජනාධිපතිවරයා තරුණ කාලේ දේශපාලනයට වු ලැදි බව නිසා එකී රෑකියා අහිමි කර ගනිමින් පක්ෂයේ නියමයට අනුව රුසියාවේ චීනයේ සංචාරයේ ගොස් රෑකියා අහිමිවී දුක් විදි බවද ඉන් පසු හරක් පට්ටියක් හදාගෙන ජිවිතය සරිකරගත් අයුරුද සිහිපත් කලාය.
තමන් ගමේ පන්සලේ පාසැලේ මහපාරේ ශ්‍රමදානවලට යමින් කුඹුරු කොටමින් දැතේ කරගැට එනතුරු දුක්විදි අතීතයක් ඇති පුද්ගලයෙකු බවද රටේ ජනාධිපති තනතුරට අහම්බෙන් උඩින් පාත්වු පුද්ගලයෙකු නොවන බවද පැවසීය.
වර්ථමානයේ තමන් තරම් අපහස නින්දාවලට පත් වෙන කෙනෙක් නැති තරම් යැයි  පැවසු මෛත්‍රිපාල සිරිසේන මහතා ඒවා බොහෝම උපේක්ෂාවෙන් විදදරා ගනිමින් රටට ජාතියට තම යුතුකම උපරිමය ඉෂ්ඨ සිද්ධ කරන බවද එහිදි අවධාරණය කලහ.

පොලොන්රුවේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන්  ප්‍රතිලාභින් 1012 දෙනකු සඳහා ස්වයං රැකියා උපකරණ කට්ටල බෙදා දීම වෙනුවෙන් පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවැති උත්සවයක් අමතමින් ජනපතිවරයා එසේ පැවැසීය.

About SirilakaNews

Check Also

Untitled-1

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැතිවරණ නීති උල්ලංගණය කරයි!

  පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *