Breaking News
Home / ක්‍රීඩා / ක්‍රිඩා අමාත්‍යංශය මේසපන්දු පුහුණුකරු ලෙස වොලිබොල් කරුවෙකු පත්කිරිමේ වැයමක!

ක්‍රිඩා අමාත්‍යංශය මේසපන්දු පුහුණුකරු ලෙස වොලිබොල් කරුවෙකු පත්කිරිමේ වැයමක!

 download

2018 වසරේ අප්‍රේල් මාසයේදී ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම පුහුණු කිරීම සඳහා පුහුණුකරුවකු තෝරාගැනීමේදී සුදුසුකම් ලත් නිලධාරීන් කිහිප දෙනකු කපා දමා මේසපන්දු සංගමයේ ඒකාධිපතිවරයකු විසින් සුදුසුකම් නොමැති නිලධාරියකු පත්කර ගැනීමට තීරණය කර ඇතැයි  වාර්තා වේ.

දැනගැනීමට ඇති පරිදි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම පුහුණු කිරීම සඳහා පුහුණුකරුවකු තෝරාගැනීමට මේසපන්දු සංගමය තීරණය කර ඇති අතර, ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලයෙහි පැවැති එම තනතුරට අදාළ සම්මුඛ පරීක්‍ෂණය සඳහා ජෝතිපාල සමරවීර, ලලිත් ප්‍රියන්ත, ඉන්දික ප්‍රසාද්, බුද්ධික දික්කුඹුර හා වජිර වික්‍රමසිංහ යන මහත්වරුන් පස්දෙනා සහභාගි වී තිබිණි.

මෙම පස්දෙනා අතුරින් බුද්ධික දික්කුඹුර හැරෙන්නට සෙසු සිවු දෙනා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබූ අතර, එම සිවුදෙනා අතරිනුත් ජෝතිපාල සමරවීර හා ලලිත් ප්‍රියන්ත මෙයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කර තිබේ.
ජාතික කණ්ඩායමට පුහුණුකරුවකු තෝරාගන්නා මෙම සම්මුඛ පරීක්‍ෂණය මෙහෙයවා ඇත්තේ මේසපන්දු ක්‍රීඩාවට කිසිසේත් සම්බන්ධ නොමැති පිරිසක් බවත්, එක් අයෙකු වොලිබෝල් ක්‍රීඩාවේ නියැළුණු අයෙකු බවද දැනගන්නට ඇත. තවද මෙම සම්මුඛ පරීක්‍ෂණයේදී මේසපන්දු ක්‍රීඩාවට අවශ්‍ය සුදුසුකම් පරීක්‍ෂාකර නොමැති අතර, එහිදී අධ්‍යාපන සුදුසුකම්වලට ප්‍රධාන තැනක් හිමිව තිබීමද කැපී පෙනේ.

මේ අතර මෙම අසාධාරණයට ලක්වූ සිවු දෙනාගෙන් අයෙකු වන ලලිත් ප්‍රියන්ත මහතාගෙන් “මව්බිම” කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙවැන්නකි. “මේ සියලු දේවල් පිටුපස යම් කෙනකු ඉන්නවා. ඔහු තමයි මේ මේසපන්දු ක්‍රීඩාව විනාශ කරන්නේ. අපි මේසපන්දු ක්‍රීඩාවට ජීවිතයම කැප කළත් අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ දුක හා වේදනාව විතරයි. මම ඔය සම්මුඛ පරීක්‍ෂණයට ගියාම මුලින්ම මගෙන් ඉල්ලුවේ අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල ලේඛනය. උපාධියක් තියෙනවා නම් ලකුණු 20ක් දෙනවලු. මම ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කළ කෙනෙක්. ඒ සම්මුඛ පරීක්‍ෂණය මෙහෙව්වෙත් මම. කිසි දිනෙක දැකල නැති පිරිසක්. ඇයි මේ විදියට අපිව හෑල්ලු කරන්නේ. මම මේ අසාධාරණය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් මිල්ටන් අමරසිංහ, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරුන් මෙන්ම මේසපන්දු සංගමයේ සභාපතිවරයාටද ලිපි යැව්වා. මට මතක හැටියට මේසපන්දු ක්‍රීඩාවේ 2014 වසරේ සිට පුහුණුකරුවකු නැහැ. මේ සියලුම කරුණු සිදුවන්නේ එක් පුද්ගලයකුගේ ඕනෑකමට. මේසපන්දු ක්‍රීඩාවට උදාවී ඇති මෙම නරක කල දසාව සොයා බලන ලෙස මම ක්‍රීඩා ඇමැතිතුමාගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා”යනුවෙනි.
කෙසේ වෙතත් පුරප්පාඩු වී ඇති මෙම තනතුර වෙනුවෙන් වජිර වික්‍රමසිංහ මහතා පත්කර ගැනීමට තීරණය කර ඇතැයිද පැවැසේ.

About SirilakaNews

Check Also

bba661353c11fbd76119261765043e65-046-klmE-U100581638470xPH-620x349@Gazzetta-Web_articolo

දකුණු ආසියා පාපන්දු ශුරතාවය බංගලදේශයේදි ඇරඹේ! South Asia football championship commences in Bangladesh.

නේපාලය සහ පකිස්ථානය අතර තරගයෙන් 12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන (සාෆ්) පාපන්දු තරගාවලිය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *