Breaking News
Home / පුවත් / උතුරු පළාතේ ළමයින් අපයෝජනයට ලක්වීම සිඝ්‍රයෙන් ඉහළට!

උතුරු පළාතේ ළමයින් අපයෝජනයට ලක්වීම සිඝ්‍රයෙන් ඉහළට!

sexual-abuse-1600x490-dreamstimemedium_40341023

20151012-Large-PreventingChildAbuse-GoogleImages-730x430

උතුරු පළාතේ මේ වසරේ ගත වූ මාස නවයක කාලය ඇතුළත ළමයින් 90 දෙනකු විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව පරිවාස හා ළමා ආරක්ෂක අධිකාරියේ යාපන දිස්ත්‍රික් නිලධාරියා පැවැසීය.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ යාපනයේ විදුහල්පතිව රුන් පිරිසකට ළමා ආරක්ෂාව පිළිබඳව යාපනයේ පැවැති වැඩමුළුවකදීය.

එහිදී ඉදිරිපත් වී ඇති සංඛ්‍යාව ලේඛනවලට අනුව යාපනය දිස්ත්‍රික්කයේ ළමයින් 30 දෙනෙක්ද, මුලතිවු දිස්ත්‍රික්කයේ 7 දෙනෙක්ද මන්නාරමේ 9 දෙනෙක්ද, වවුනියාව දිස්ත්‍රික්කයේ 17 දෙනෙක්ද, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ 27ක්ද මේ වසරේ ගතවූ මාස නවය ඇතුළතදී ලිංගික අපයෝජනයන්ට ලක්වී තිබේ.

මීට අමතරව උතුරු පළාතේ මේ කාලයේදී ළමයින් 27 දෙනකුට ලිංගික කරුණු මුල් කරගෙන තර්ජන එල්ල වී ඇති බවට උතුරු පළාතේ පොලිසිවලට පැමිණිලි ලැබී ඇති බවද එම නිලධාරියා පවසා ඇත. ඇතැම් සිද්ධීන් පොලිසියට හෝ කවර පාර්ශ්වයකට හෝ විවිධ හේතු හා තර්ජන මත වාර්තා නොවන බවද පවසා ඇත.

About SirilakaNews

Check Also

skwzmt01-660x266

ස්නයිපර් අවියක් අතුරුදහන්! A sniper gun is missing

පොලිසියේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් වර්ගයේ ගිනිඅවියක් අතුරුදහන්වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *