Home / ජාත්‍යන්තර ප්‍රවෘති / උතුරු කොරියානුවන්ගේ මිසයිල් ප්‍රහාර විනාශ කිරිමට ජපානයට ඇමෙරිකා යුද උපකරණ

උතුරු කොරියානුවන්ගේ මිසයිල් ප්‍රහාර විනාශ කිරිමට ජපානයට ඇමෙරිකා යුද උපකරණ

 trump-abe-759

උතුරු කොරියාවමිසයිල් ප්‍රහාරයක් එල්ල කළොත් ඇමෙරිකාවෙන් සපයන ලද යුද උපකරණ උපයෝගී කර ගනිමින් ගුවනේදී ම එම මිසයිල විනාශ කර දැමීමේ බලයක් ජපානය සතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ අතර ජපන් අගමැති ෂින්සෝ අබේ අදහස් දක්වමින්, අවශ්‍යතාවක් උද්ගත වුනොත් මිසයිල ප්‍රහාරයක් වළක්වාලමින් තම රටට ඒවාට බාධා කළ හැකි බව කියා සිටියේය.

ඇමෙරිකානු සහ ජපන් නායකයන් විසින් එම අදහස් ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ තෝකියෝ සංචාරය නිමාවේ පැවැත්වුන මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

උතුරු කොරියාව පසුගිය මාස කීපය ඇතුළත ජපානයට ඉහළින් දුර ප්‍රහාර සඳහා යොදා ගත හැකි බැලිස්ටික් මිසයිල් (ballistic missiles) ප්‍රහාර කීපයක්ම එල්ල කර තිබුණි.

ඉහත කී මාධ්‍ය හමුවේ දී ඉදිරිපත් වූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “අගමැති ෂින්සෝ අබේ යුද අවි විශාල තොගයක් එක්සත් ජනපදයෙන් මිල දී ගැනීමට කටයුතු කරමින් සිටින” බව අනාවරණය කළේය.

තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, උතුරු කොරියානු මිසයිල් ව්‍යාපෘතිය ගැන සඳහන් කරමින් “ඇමෙරිකානු යුද අවි මිල දී ගැනීම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව උතුරු කොරියානු මිසයිල් වලට පහර දී ඒවා බිම හෙළීමට අගමැති අබේට හැකි වනු” ඇතැයි ද සඳහන් කළේය.

එසේම එම ගනුදෙනුව මගින් “ඇමෙරිකානුවන්ට රැකියා ලැබීමක් මෙන්ම ජපානයේ ආරක්ෂාව සැලසෙන” බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

About SirilakaNews

Check Also

sophia-andrew-lipovskynbc-625x352

මිනිස් ශරීරාංග ඇති රොබෝවකුට සෞදි අරාබි පුරවැසිභාවය!

ඉතිහාසය වෙනස් කරමින් සෞදි අරාබිය ලෝකයේ ප‍්‍රථම වතාවට මිනිස් ශරීරාංග ඇති රො බෝවකුට පුරවැසිභාවය ලබාදී ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *