Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / ඊශ්‍රායල දේශපාලනඥයන් පිරිසක් හමුවුණැයි චෝදනා ලැබ බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර කටයුතු ඇමැතිනිය ඉල්ලා අස්වෙයි!

ඊශ්‍රායල දේශපාලනඥයන් පිරිසක් හමුවුණැයි චෝදනා ලැබ බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර කටයුතු ඇමැතිනිය ඉල්ලා අස්වෙයි!

pg-40-priti-patel-pa

3B84790600000578-0-image-a-34_1494618225212

බ්‍රිතාන්‍ය රජයට නොදන්වා, පසුගිය අගෝස්තුවේ ඊශ්‍රායල දේශපාලනඥයන් පිරිසක් හමුවුණැයි චෝදනා ලැබ සිටි බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරිය (ඇමැතිනිය) ප්‍රීති පටෙල්  සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.

ප්‍රීති පටෙල් ඉන්දීය සම්භාවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙසඇය පසුගිය කාලයේ අප්‍රිකා කලාපීය රටවලට ආධාර ලබා දීම අධීක්ෂණය කළාය.

තමා පසුගිය අගෝස්තු පළමු වැනිදා, ඊශ්‍රායල දේශපාලනඥයන් හමුවුණු බව බ්‍රිතාන්‍ය පාලක කොන්සවර්ටිව් පක්ෂයේ ජනප්‍රිය දේශපාලනඥවරියක ද වන ප්‍රීති පටෙල් පිළිගෙන ඇති අතර ඒ වෙනුවෙන් ඇය බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ඇතුළු රජයෙන් සමාව ඉල්ලා තිබේ.

About SirilakaNews

Check Also

Untitled-2

උතුරු කොරියාවේ 70වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියට මෙවර කිසිදු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) එක් නොවුනි. No intercontinental ballistic missile (ICBM) has joined this military march to mark the 70th anniversary of North Korea.

උතුරු කොරියාවේ 70වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියට මෙවර කිසිදු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *