Home / නවකතාව / වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ /85

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ /85

 VASANTHA GITHAYAYI OBA 85

සිදුවු සියල්ල සිහිනයක් බදුය දෛවය කොතරම් ජිවිතයේ සමහර කරුණු සමග සංවේදිද තම අතේ වු පැන සුලගිල්ල මත තබා කරකමින් සිය අසුනේ නිදා නොනිදා සිටිමින් අරවින්දට එසේ කල්පනා විය.

මාලිංගට දරුවෙකු සිටින බව ඉකුත් දා තම කාර්යලයේදි හෙළිවන තුරු අරවින්ද දැනසිටියේ නැත.
නිමිසරා සමග විවාහවිමට පෙර තම දෙමාපියන්ට රහසේ තම පෙම්වතිය හා තමා විවාහ වී සිටි බව සහ මාලිංගගේ ආදර කතාව නැවතුනේ කල්පනී හෝ ඔහුගේ උව්මනාවට වඩා දෛවයට ඔවුන් දුරස් කරන්නට තිබූ ඉඩ කඩින් බව මාලිංග අරවින්ද සමග පැවසීය.

ජිවිතයේ බොහෝ දේ අහඹු සිදුවිම් ලෙස වියැකි යන්නාසේ අහඹු සිදුවිම් ලෙස ජිවිතයට එකතුවන අයුරින් කල්පනීගේ නික්මයාමට සාපේක්ෂව නිම්සරා තම ජිවිතයට ඇතුළු වු බව හෙතෙම අරවින්ද සමග පැවසීය.

තමන්ගෙන් පසු කල්පනී වෙනත් විවාහයක් කරගෙන සතුටින් ජිවත්වන බව මාලිංගට දැනගැනිමට ලැබුණු පසු ඔහු දෙමාපියන්ගේ විශේෂයෙන් තම පියාගේ කමැත්තට අනුගත වී නිම්සරා සමග විවහා වු බව මලිංග එදා සමදරා හමුවේ කල පාපෙච්චාරනය හුදෙක් උසාවිඅයකදී චෝදනාව ඔප්පුවී දඩුවම නියම කිරිමට පෙර චුදිතය කරන අදෝනාවට සමානයැයි අරවින්දට සිතුනේය.

මලිංගගේ තීරණය ඔහුට කොතරම් දෛවෝපාග වුවත් තමන් අද තනිව ජිවත් වෙන්නේත් ඔහුගේ ඒ ක්‍රියාවට සමපාත වු ක්‍රියාවක් හරහා බව මාලිංග තරමක පසුතැවිමකින් යුතුව මාලිංග දෙස බලා සිතන්නට විය.

කාර්යාල මේසයට පිටුපා පුටුව හරවා තිබෙන හැම වේලාවේම අරවින්ද මහත්තයා නින්දේ පසුවන බව සිරිල් දැන සිටින්නේ පුරුද්දෙන්ය.

එවිට ඔහු අරවින්දට කතා කොට නිදන කාමරයට යන ලෙස පැවසීම තමාගේ ලෙන්ගතු කමට අලගු තබන අවස්ථාවක් ලෙස ප්‍රයෝජනයට ගත්තේය.

අතීතයේ ත්‍රිවිල් රස්සාව කරන අවදියේ සිට අරවින්දගේ ජිවිතයේ බොහෝ කාරණාවලදි ලගම මිතුරා සහෝදරයා ඥාතියා වුයේ සිරිල්ය.

අරවින්ද කොළඹ ඇවිත් නවාතැන්ගත්තේ පැලියගොඩ වත්තේ සිරිල්ගේ නිවසේය සිරිල්ගේ අම්මා ආරී නැන්දා තමාට මවක් සේ වුවාය.

පිටකොටුවේ ත්‍රිවිල් රස්සව කරන අවදියේ අරවින්දට සිරිල් අය්යා සැබැ ආරක්ෂකයෙකු විය. වැඩිමහල සහෝදරයෙකු විය.

අරවින්දගේ ජිවිතයේ සියල් කාරණාවලදි සිරිල් අය්යා තමාට මේ ගමන මේතාක් එන්නට දුන් අත්වැල ජිවිතයේ වයෝවෘද සමය දක්වා විවිධත්වයෙන් උපකාරි වි බව දත් ඔහුගේ තනිකඩ වු පෞද්ගලික ජිවිතයේදිත් අවිවේකි වු රජකාරි ජිවිතයෙත් සිරිල් අය්යාට ඉමහත් සෙනෙහසක් සහ ගෞරවයක් දක්වන්නට වුයේ එය තම ජිවිතයේ ආත්මීය වන්දනාවක් කොටය.

අරවින්ද බෙහෙවින් තම පෞද්ගලික ජිවිතය හා සබැදි සියළු දේද රාජකාරියේදි සිදුවන දේද පුරුද්දක් ලෙස සිරිල් සමග පවසන්නට පුරුදුව සිටියේය.

නිම්සරා සමග වු අතීත කතාව තම ජිවිතයට කොතරම් සබැදිද යන්න සිරිල් අය්යා දන්නා මුත් ඒ ගැන කතා කරන්නට සිරිල් කැමැත්තක් නොදැක්වුයේ නිම්සරා අරවින්දගේ ජිවිතයට වින කලායන සිතුවිල්ල ඇයගේ ද්වේශසහගත හැරයාම සමග ඔහු සදා තනිකඩ ජිවිතයක් ගෙවන්නේ ඒ නිසාය යන්න ඉතා තදින් සිරිල්ගේ සිතෙහි කිදා බැස තිබු නිසාය.

සිරිල් අය්යා දන්නවද නිම්සරාගේ මහත්තයාගේ ලොකු දුව දැන් වැඩකරන්නේ මගේ ලෝ ෆොර්ම් එකේ!

අගක් මුලක් නොතෙරුණු සිරිල් අරවින්දගේ කතාව අපබ්‍රන්ස වී ගියා සේ කරමින් සිටි කාරිය නවතා ඔහු දෙස මුව අයාගෙන බලා ඉන්නට වුයේ අරවින්ද තවත් යමක් කියන තුරුය.

තමන් කියු දේය සිරිල් අය්යාට නොතෙරුණු බව ඔහු මුව අයා බලා සිටින ආකාරයෙන්ම අරවින්දට සිත්විය.

මාලිංග අරංගවිල මහත්තයා නිම්සරාව බදින්න ඉස්සරලා කසාද බැදල ඉදලා තියෙනවා ඒ ලේඩිට මාලිංගට දාව ගෑණු දරුවෙක් ඉදල තියෙනවා ඒ නොනා දැන් නිතිඥවරියක් විදිහට මාගාව පුහුණු වෙනවා!

මේකා උල තියන්න එපෑ!

සිරිල් අය්යාගේ විනිස්චය පිළිබද මුව කොනකට සිනාහවක් නගා ගත් අරවින්ද ඒක වෙනස් ආකාරය දිග කතාවක් සිරිල් අය්යා මේකට මාලිංගවත් නිම්සරාවත් වැරදි කියන නිගමනය එන්න ටිකක් අමාරුයි!

ඕන් කිව්වා! අරවින්ද මහත්තයා මල්ලිට ඕකත් උසාවියේ වගේ උනානේ තමන්ගේ පෙම්වතිව ඩැහැගෙන් ගිය එකා ඉස්සරලා බැදපු එකෙක් නම් ඌට දරුවොත් ඉන්න එකෙක් නම් දැන්වත් නඩුදාල හිරේ අරින්ඩ බලනවා නෙමෙයි!
ඒතනින් එහාට අරවින්ද සිරිල් සමහ මේ හා සම්බන්ධව කිසිවක් කතාකරන්නට ගියේ නැත.

වසන්ත දැඩි මානසික රෝගී තත්වයෙන් යුතුව රෝහල් ගතව සිටියදී ඉන් පැනගොස් අති බව සුපුන් සිරිල්ට දුරකථනයෙන් දන්වා සිටි බව ඔහු අරවින්දට කිවේ මේ අතරතුරය.

එය ඇසු සැනින් අරවින්ද තම දුරකථනය අතට ගෙන සෙව්වන්දිට කතා කලේය.

නංගී මොකද උනේ වසන්ත හොයාගත්තද?

අරවින්දගේ හඩ ඇසෙත්ම සෙව්වන්දිට දුක් කන්දරාවක් හිතට ගලාගෙන ආවේය.

අනේ බලන්න අය්යා වසන්ත පෙරේදත් මම යද්දි හොදට හිටියා ඊයේ ටිකක් අසනීපේ වැඩිවෙලා හවස ආයෙත් සැරයක් ඉස්පිරිතාලෙන් පැනලා ගිහිල්ලා යැයි පැවසු ඇය සිහින්ව ඉකි ගසනු අරවින්දට දැනුනේය.

හොදයි නංගි මට මොනවද කරන්න පුළුවන් කියල මම බලන්නම් නංගී ඉවසිමෙන් ඉන්නකෝ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සුපුන් මල්ලිට කියන්න!

අරවින්ද ජිවිතේ පුරාම තම ප්‍රශ්නවලදි ගත් ස්ථාවරය තාමත් වෙනස්වී නැති බව යළිත් සෙව්වන්දිගේ හිතට ආවේය. තවතවත් ඔහු මොනවදෝ කියනු ඇයට ඇසුනේය එහෙත් ඒවාට සෙව්වන්දි අලස සිතින් ඇහුම්කන්දුන්නේය.

වඩා උවමානාවෙන් නොවුනත් සෙව්වන්දිගේ ප්‍රශ්නයට ප්‍රයෝගිකව උපකාර කල යුතුයි යන නිගමනයට අරවින්ද නොපැමිණ සිටින වගක් කතාව තුර දෙදෙනාටම තෙරුම් යමින් තිබුණේය.
කතාව අතරතුරම සෙව්වන්දි කිසිවක් කියනු අරවින්දට නොඇසුනේය එහා කොනින් සෙව්වන්දිගේ දරකථනය විසංදි වු වග ඔහුට දැනුනේය.

ලබන සතියට

About SirilakaNews

Check Also

Untitled-3

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 81

ඉද හිට හමන සුළගින් සළිතවන අඹ ගසේ වියළි කොළ කීපයක් ජනේළයෙන් කාමාරයට වෑටී ඈති බව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *